ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තියක් ලෙස සැලකෙන අවුන්ග් සාන් සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කොට ඇයගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට නිදහසේ දේශපාලනයේ නියැළීමට අවස්ථාව ලබා දීමත් සමග අඩ සියවසකටත් අධික කාලයක් හමුදා පාලනය යටතේ පැවැති මියන්මාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයට පිවිසෙනු ඇතැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව විය. අවුන් සාන් සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමත් සමග එක්සත් ජනපදය හා යුරෝපා සංගමය වැනි රටවල් මියන්මාරය කෙරේ පනවා තිබූ සම්බාධක ඉවත් කොට නව සම්බාධක ගොඩ නගා ගැනීමට උත්සුක වූහ. අවුන්ග්සාන්සුකි යුරෝපයේ හා එක්සත් ජනපදයේ සංචාරය කරමින් මියන්මාරයේ නව දේශපාලන ගමන් මඟ ගැන ඒ රටවල බලාපොරොත්තු ඉහළ නැංවූවාය. ඒ සමගම බටහිර ආයෝජකයෝ මියන්මාරයේ ස්වභාවික සම්පත් උකහා ගැනීමට මෙන්ම සංචාරක ව්‍යපාරයට පිවිසීමට උත්සුක වූහ. එහෙත් මේ නව උදාව තුළ අඳුරු පැත්තක් පවතින බව පෙනෙන්නට වූයේ කලින් අරකන් ප‍්‍රදේශය නමින් හැඳින්වූ රකීන් ප‍්‍රාන්තයේ මුස්ලිම් බෞද්ධ ගැටුම් උත්සන්න වීමත් සමගය. පසුගිය ජුනි මාසයේදී රොහින්ගියා නමින් හැඳින්වෙන බටහිර බෙංගාලයෙන් සංක‍්‍රමණය වූ මෙම මුස්ලිම් ආගමිකයන් හා එම ප‍්‍රදේශයේ බෞද්ධයන් අතර ගැටුමක් ඇති වූයේ ස්ත‍්‍රී දූෂණයක් මුල් කර ගෙනය. සති ගණනාවක් පැවැති එම ගැටුම් නිසා පුද්ගලයින් 90 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර 75000 ක් අවතැන් වූහ. ඉන් අති බහුතරය වූයේ මුස්ලිම් ආගමිකයන්ය. නිවාස හා දේපොළ අහිමිවූ රොහින්ගියා වාර්ගිකයින් අසල්වැසි මුස්ලිම් රාජ්‍යය වූ බංග්ලාදේශයට පැන යෑමට උත්සාහ කළද බංග්ලාදේශ් රජය ඔවුන් පිළිගැනීමට කැමැති වූයේ නැත. මියන්මාරයේ රජයේ ආරක්ෂක අංශවලින් ද ඔවුන්ට රැකවරණයක් නොලැබෙන නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ විය. මෙම තොරතුරු විදේශ ජනමාධ්‍යවල පළ වීමත් සමග මියන්මාර් පාලකයන්ටද කිසියම් පියවරක් ගැනීමට බල කෙරිණ. තත්ත්වය නැවත සන්සුන් වූ විට තම ගම්බිම් අතහැර පලා ගිය රොහින්ගියා ජන කොටසට නැවත පැමිණීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක්ද විය. එහෙත් පසුගිය සතියේ නැවත වරක් රකින් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමික රොහින්ගියා වාර්ගිකයන් හා බෞද්ධයන් අතර ගැටුම් පැතිර යෑමෙන් තත්ත්වය වඩාත් උග‍්‍රවන බවත් පෙනේ. මියන්මාර රජය පවසන ආකාරයට එම ගැටුම්වලින් පුද්ගලයන් 67 ක් මිය ගොස් 95 ක් තුවාල ලබා ඇත. විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 3000 කි. තවත් 20,000 ක් සරණාගත තත්ත්වයට පත්ව ඇත. මින් අති බහුතරය වන්නේද රොහින්ගියා වාර්ගිකයින්ය. පරම්පරා ගණනාවක් රකින් ප‍්‍රදේශයේ ජීවත් වන රොහින්ගියා වාර්ගිකයින් මියන්මාර පුරවැසියන් ලෙස එරට රජය පිළිගන්නේ නැත. එය හමුදා පාලනය 1984 දී පැන වූ නීතියකින් තහවුරු කෙරිණ. කලින් බුරුමය ලෙසින් හැඳින්වූ මියන්මාරයේ බහුතර ජන කොටස බුරුම ජාතිකයන් වුවද තවත් සුළු වාර්ගික කණ්ඩායම් 135 ක් එහි වෙසෙති. එහෙත් රොහින්ගියා ජන කොටස එවැනි සුළු ජන කොටසක් ලෙස ගණන් ගන්නේ නැත. එම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇති ආකාරයට 800000 ක් පමණ වන රෝහින්ගියා වාර්ගිකයන්ට මියන්මාර රජයෙන් කිසිම පහසුකමක් හිමි වන්නේද නැත. වෙනත් සුළු වාර්ගික කණ්ඩායමක් මෙන් නොව මොවුන් ආගමික වශයෙන් හා සමේ වර්ණයෙන් බුරුම ජාතිකයන්ගෙන් වෙනස් වන නිසා වෙනස් කොට සැලකීම වඩාත් තියුණුය. රොහින්ගියා වාර්ගිකයන්ගේ මෙම වෙනස්කම නිසා ඔවුන් නැවත මුස්ලිම් බහුතරයක් සිටින බංග්ලාදේශයටම යා යුතුය යන අදහස රකීන් ප‍්‍රාන්තයේ බෞද්ධයන් අතර පවතී. මේ අයුරින්ම බංග්ලාදේශයේ චිතගොං ප‍්‍රදේශයේද බෞද්ධ සුළුතරයක් සිටින බව අමතක නොකළ යුතුය. වඩාත් වැදගත් වන්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමයක් හා පාලනයක් ස්ථාපනය කිරීමට සැලසුම් කරන පසුබිමක මෙවන් වාර්ගික ගැටුම් ඇති වන්නේ ඇයිද යන්නයි. සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු පිළිගත් දේශපාලන පක්ෂවලට නිදහසේ ක‍්‍රියාකාරී වීමට ඉඩ සැලසීම පමණක් නොවේ. රටේ වෙසෙන සියලූ ජනකොටස්වල මූලික අයිතීන් සුරක්ෂිත වන නෛතික ව්‍යුහයක් පැවතීමද ප‍්‍රජාත්නත‍්‍රවාදී සමාජයක මූලික ලක්ෂණයකි. ආගම හෝ වර්ගය පදනම් කරගෙන කිසියම් ජන කොටසක ජීවත්වීමේ අයිතිය අහිමි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස කිසිසේත් හැඳින්විය නොහැක. එම නිසා ජනාධිපති තීන් සින් ගේ රජය සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් හා පාලනයක් ගොඩ නැගීමට පියවර ගන්නේද යන්න තීරණය වන්නේ රොහින්ගියා ඇතුළු මියන්මාරයේ වෙසෙන අනෙකුත් සුළු ජන කොටස්වල අයිතීන් ගරු කරන්නේද යන්න මතය. මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකාව ලෙස හැඳින්වෙන අවුන්ග්සාන් සුකී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමද බොහෝ නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව ඇති කාරණයකි. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට රකීන් ප‍්‍රාන්තයේ ගැටුම්වලට ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ සාමාජිකයෝද සම්බන්ධවී සිටිති. ඇත්තෙන්ම අවුන්ග් සාන් සුකි සිය අරගලය මානව අයිතිවාසිකම් සඳහා ගෙන යන්නක් නම් රොහින්ගියා වැනි සුළු ජන කොටස් ඉන් බැහැර කළ නොහැකිය. කිසිම ආකාරයක වෙනස් කොට සැලකීමක් පවතින්නේ නම් ජීවිතයේ වැඩිම කාලයක් මර්දනයට හා පීඩනයට ලක්වූ අවුන්ග් සාන් සුකිට තම ප‍්‍රාර්ථනාව වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාරයේ ආගමික ගැටුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කළු පැල්ලමක්
රත්නායක Saturday, 03 November 2012 10:24 PM
ඉස්ලාම් ව්‍යාප්තවාදී බූවල්ලා ලෝකයම ගිලින්න මාන බලනවා. ලෝකෙට තියෙන ලොකුම තර්ජනය මේ ඉස්ලාම් යක්ශයායි. (නි)
සමන් Monday, 05 November 2012 01:55 PM
මොහොමඩ් ඉතින් එහෙම වෙන්නෙ ආගමකට නිගරු කලොත්නෙ. (ස)
සමන් Monday, 05 November 2012 11:10 AM
අයියෝ සල්ලි
සම්පත් Monday, 05 November 2012 11:15 AM
ලංකාවේ අපි එහෙම එහෙම හිතන මිනිස්සු නෙමෙයි . ඒක තේරුම් ගන්න. (ස)
මොහොමඩ් Monday, 05 November 2012 10:57 AM
අනෙක් ආගම් වලට නිගාකරන්නා බෞද්ධයෙක් නොව අහිකුණ්ඨිකයෙකි. (නි)
මාලිංග Monday, 05 November 2012 10:25 AM
ලෝක දේශපාලනය
දර්ශන Monday, 05 November 2012 10:30 AM
ලෝකෙ හැම රටකම මොකාක් හරි ප්‍රශ්නයක් (දී)
ඩොන් Sunday, 04 November 2012 11:54 PM
රත්නායක මහත්තයා කතා කරන්නේ කටින්ද? (නි)
සෑම් Sunday, 04 November 2012 07:54 PM
බටහිර රටවල් සහාය දක්වන්නේ කතෝලික, ක්‍රිස්තියානි ආගම් පැතිරවීමටය. ක්ෂමා, හියුමන් රයිට්ස් වොච් සංවිධාන මියන්මාරයට චෝදනා කරන්නෙ කොහොමහරි එක්සත් ජාතීන්ගේ හමුදා රට ඇතුළට ගෙන්වාගෙන විශාල වශයෙන් ඇති ස්වභාවික සම්පත්වලට ඇති කෑදරකමටය. (නි)
සෑම් Sunday, 04 November 2012 08:01 PM
බන්ගලිදේශයෙන් ආවනම්, බල්ගලිදෙශයටම යැව්වට වරදක් නෑ.... ලංකා ආණ්ඩුවත් ඔය බන්ගලිදේශයෙන්,පකිස්ථානයෙන්, මාලදිවයිනෙන්, ඉරානයෙන්,ඉරාකයෙන් හොරට ඇවිත් මෙහේ වීසා නැතිව ඉන්න අන්තවාදීන් ගැන හොයාබලා පිටුවහල් කරන්න ඕන කාලය ඇවිත් තියෙන්නෙ.... (ස)
රාජා Sunday, 04 November 2012 06:56 PM
ඉස්ලාම් සහ කතෝලික ව්‍යාප්තවාදය නිසා තමයි ලෝකයේ විනාශකාරී ගැටුම් ඇතිවෙන්නේ. තමුන්ගේ රටේ ඉන්නේ නැතුව අනුන්ගේ රටවල් අස්සේ රිංගන්න යන නිසානේ ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ. මුස්ලිම් අයගේ ඔය කැත පුරුද්ද කවදා අත්හරියිද මන්දා ? (නි)
මුතුකුඩ Sunday, 04 November 2012 02:30 PM
ලෝකයම ඉස්ලාම් නිසා එය නොවැළැක්විය හැකියි. (නි)
ලංකා Sunday, 04 November 2012 01:59 PM
කරුණාකර බුදුරජාණන් වහන්සේට අපහාස කරන්න එපා. (නි)
අසිත Sunday, 04 November 2012 11:24 AM
මෝඩයින් කොතැනද? එතැනයි ජාතිවාදය.... (නි)
හෂාන් Sunday, 04 November 2012 01:06 AM
ප්‍රජාතන්ත්‍ර වාදයට ලොකු පහරක්
ලුම්බිණි Friday, 02 November 2012 11:23 AM
මේක රාජ්‍ය අනුග්‍රහය ඇතුව කෙරීගෙන යන්නක්. ඉතාම වැරදි වැඩක්. හියුමන් රයිට්ස් වොච් රිපෝර්ට් එක බලන්න. ඒකෙන් පේනවා කරල තියෙන විනාසයේ තරම. බුදු දහමේ සංකල්ප වලට විරුද්ධයි මේ කරන වැඩේ. ඒත් විශාල වශයෙන් හාමුදුරුවරුත් සංවිධාන පිහිටුවාගෙන මේ අරගලය කරගෙන යනවා. ඉතාම කණගාටුදායකයි. (ස)
නිමල් Saturday, 03 November 2012 10:09 PM
මේ කට්ටිය පුදුම කට්ටියක්. යන යන හැමතැනම තර්ජන. (නි)
වසීම් මොහොමඩ් Saturday, 03 November 2012 08:33 PM
බුද්ධාගම අනුකූලව ඉරිසියාව තන්හාව පිළිකුල් කරන දෙයක් මේ වගේ සමහර අය නිසයි බුද්ධාගමටත් අවනම්බුවක් වෙන්නේ..?(නු)
චමිල් Saturday, 03 November 2012 06:28 PM
මොහොමඩ් , අනෙක් ආගම්වල වර්ගයා බෝ කරගෙන, අනෙක් ආගමිකයින්ට විරුද්ධව ආගමික ජිහාඩ් ගැන උගන්නන්නේ නැහැ. ඔයා නොදන්නවා වගේ කතා කියන්න එපා. (නි)
අශාන් Saturday, 03 November 2012 05:52 PM
මොහොමඩ් ටිකක් වෙලා යයි ඔයා හිතාගෙන ඉන්න විදිහට වෙන්න නම්. මම මේ බලන් ඉන්නේ සෞදි අරාබියට ගහන්නේ කවදාද කියලා. ළඟදීම බලමුකෝ. ලෝකෙටම විස දෙන්නේ ඔහෙන් තමයි. (නි)
අශාන් Saturday, 03 November 2012 06:03 PM
ඔහොම යන් ඔහොම යන් .. ඇමෙරිකාව තමා ඔය මීයන්ට හොඳ මී කතුර ....... (නි)
මොහොමඩ් Saturday, 03 November 2012 03:24 AM
සම්පත්, ඔයා හිතන විදිහට එක කවදාවත් කරන්න බැහැ.හැබැයි ඔයාල වගේ කට්ටිය නිසා තමයි කවදා හරි බුද්ධාගමත් නැති වෙන්නේ. (ස)
මුතු Friday, 02 November 2012 09:19 PM
ෂෙරිෆ් අන්න මසුරං කියුම (ස)
ෂෙරීෆ් Friday, 02 November 2012 05:53 PM
අසිනි, ලංකාවේ කාන්තාවන්ට වීසා දෙන්නේ ගෘහ සේවය සදහා පමණයි. (නි)
අසිනි Friday, 02 November 2012 04:27 PM
සෞදි අරාබියට යැව්වනම් හරි..අර දෙවියන්ගේ ළමයිනේ ....(ස)
අශාන් Friday, 02 November 2012 04:12 PM
රටේ `ප්‍රශ්න ආණ්ඩුව විසදන්නේ නැත්නම් ඉතින් විසදා ගන්න වෙන්නේ මහජනතාවට තමා.ආපහු බංගලි දේශයටම තමයි යන්න වෙන්නේ, සාමකාමී රටවල් කන්නේ නැතිව. (නි)
සේෆාක් Friday, 02 November 2012 03:35 PM
ලෝක සාමයට ප්‍රශ්නයක්
හර්ෂණ Friday, 02 November 2012 11:49 AM
ලුම්බිණි දක්වා ඇති අදහස් ඇයගේ නමටත් කැළලක්. (නි)
සම්පත් Friday, 02 November 2012 11:26 AM
මුස්ලිම් ව්‍යාප්තිය කෙසේ හෝ නතර කල යුතුයි (ස)