නැගෙනහිර යුක්රේණයේදී අනතුරට පත්වු මැලේසියා එම්එච් 17 ගුවන් යානයේ අනතුර වු ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබූ යානා සැකිලි කොටස් පරික්ෂණ කටයුතු සඳහා නෙදර්ලන්තයේ හමුදා කඳවුරකදී නැවත එකලස් කිරීමට නියමිත බව ඕලන්ද බලධාරින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕලන්ද රජයේ අධික්ෂණය යටතේ යුක්රේන හදිසි සේවාව මගින් එකතුකරගත් මෙම යානයේ සැකිල්ලේ සුන්බුන් ට්‍රක්රථ මගින් ගුවන් හමුදා කඳවුර වෙත ගෙන යාමට නියමිතය.
මගීන් 298 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජූලි 17 දින කඩා වැටුනු බෝයිං 777 ගුවන් යානයේ සුන්බුන් මාස ගණනක් තිස්සේ සී සී කඩ පැතිර තිබුණේ එම ප්‍රදේශයට පිටස්තර පරික්ෂක කණ්ඩායම්වලට ඇතුල් වීමට නොහැකිව තිබු හෙයිනි.
පරික්ෂණ කණ්ඩායම් විශ්වාස කරණ්නේ මෙම ගුවන් යානයට පොලවේ සිට එල්ල කරණ ලද මිසයිල් ප්‍රහාරයකින් අනතුරට පත්වු බවයි. නමුත් ගුවනේ දි එල්ල කරණ ලද ප්‍රහාරයකින් මෙම යානාව විනාශ වු බවට කර ඇති මොස්කව් න්‍යායද ඔවුන් විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර නොමැත.
ඕලන්ද ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එරට ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම ගුවන් යානයේ කොටස් ප්‍රවාහන සඳහා පහසුකම් සපයනු ලබන බවයි. මෑතකදී සොයා ගනු ලැබු මිනිස් සිරුරු කොටස් පසුගිය සිකුරාදා නෙදර්ලන්තයට ගුවන් මගින් ගෙනගොස් තිබේ. එම කොටස් හඳුනා ගැනීම සඳහා තවත් හමුදා කඳවුරක් වෙතට ගෙන යන ලදී.
අනතුරට පත් ගුවන් යානයේ සිටි මගින් ගෙන් තුනෙන් දෙකක් පමණ ඕලන්ද ජාතිකයන් වීම හේතුවෙන් ඕලන්ද බලධාරින් මෙම පරික්ෂණ කටයුතු වෙනුවෙන් පෙරමුණ ගෙන තිබේ. එම්එච් 17 ගුවන් යානය අනතුරට පත් වන විට ඇම්ස්ටර්ඩෑන් සිට ක්වාලාලම්පූර් වෙත පියාසර කරමින් තිබිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිසයිලයෙන් වැටුණු යානය යළි සකසයි
හසන් Thursday, 04 December 2014 04:27 AM
හොද වැඩක්.(හේ)
ෂෙරිෆ් Friday, 05 December 2014 12:04 PM
මිසයිලයෙන් වැටුණු යානය යළි සකසයි නමුත් මරු කැඳවු ජිවිත 298 සැකසිය නොහැක. (ර)