X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මිහිකත යන්තම් බෙරේ

මෑත ඉතිහාසයේ සිදුවූ ප්‍රබලතම ගැමා කිරණ විහිදුමක් පසුගියදා නිරීක්ෂණය කිරීමට හැකි වූ බව නාසා ආයතනයේ විද්‍යාඥයින් කියයි.

පෘථීවියෙන් ආලෝක වර්ෂ කෝටි 370ක දුරින් සිදුවී ඇති මෙම කිරණ විහිදුම හදිසියේවත් ඊට වඩා මදක් මෑතින් සිදුවුයේ නම් පෘථීවිය මේ වන විට දැවී අළු වී තිඛෙනු ඇති බව කියැවේ.

ගැමා කිරණ විහිදුමක් සිදුවන්නේ තරුවක් මිය යන විටදීය.විද්‍යාඥයින් පවසන ආකාරයට තරුවේ අංශු ඝණත්වය වැඩි වන තරමට එය මියයන අවස්ථාව එළැඹෙද්දී එයින් නිකුත් වන ශක්තියද ඉහළ යයි.තරුවක් මිය යන විටදී මහා පිපිරුමක් සිදුවන අතර ප්‍රබලත්වය අනුව නෝවා හෝ සුපර්නෝවාවක් ලෙස එය හදුන්වනු ලබයි.පිපුරුමෙන් පසු මෙම නෝවාවෙන් හෝ සුපර්නෝවාවෙන් විහිදෙන ශක්තිය විද්‍යුත් චුම්භක විකිරණයන් ලෙස ආලෝකයේ වේගයෙන් අභ්‍යාවකාශය පුරා විහිදේ.ගැමා කිරණ විහිදුමක් ලෙස හදුන්වන්නේ මෙවැන්නකි.

නෝවාවක හෝ සුපර්නෝවාවක දර්ශනය මල්වෙඩි සංදර්ශනයක් හා සමාන වන අතර විද්‍යාඥයන්ට අනුව නම් මෙවර ඔවුනට දැක ගත හැකිව තිඛෙන්නේ සියවසේ මල්වෙඩි සංදර්ශනයයි.

මියගිය තරුව සූර්යයා මෙන් 30 ගුණයක පමණ බරකින්ද සුර්යයාට වඩා ඉහළ ඝණත්වයකින්ද යුතු වූ වුවක් හෙයින් මෙසේ ප්‍රබල ගැමා කිරණ විහිදුමක් නිරීක්ෂණය කිරීමට හැකි වූවේ යැයි නාසා විද්‍යාඥයින් පවසයි.

මෙවන් මහා පිපිරුම් අභ්‍යාවකාශයේ ඇති තරුවල උපත හා විපත තීරණය කරන්නන් වේ.

පෘථීවිය ඇතුලූ අප සෞරග්‍රහ මණ්ඩලයද ඇතිවන්නට ඇත්තේ මෙවන් මහා පිපිරුමකිනැයි යන්න විද්වත් මතයයි.

 



අදහස් (0)

මිහිකත යන්තම් බෙරේ

කැනඩා දිසා Saturday, 23 November 2013 09:35 AM

බණ්ඩාර ,ලස්සනයි අදහස ,මෙයාල මේ දුවන්නේ ආශ්චර්යමත් රටේ හම්බ කරන දේ කොහොමද පොදි බැඳ ගන්නේ කියලනේ ....ඔහොම යන්න දෙන්න.. (නදී)

:       0       0

සුජී Saturday, 23 November 2013 12:46 PM

මේ ලිපිය ගොඩක් වැදගත්.(නදී)

:       0       0

සංජු Saturday, 23 November 2013 12:41 PM

නිමල්, "ඔයා නාසා එක කියන හැම දේම හරි කියලද හිතන්නේ? හැමදේම හරි නම් මොකද නාසා එක කියන දේවල් කාලෙන් කාලෙට එයාලම වෙනස් කරලා අලුත් කතන්දර කියන්නේ? කියන හැම දෙයක්ම හරියට හරි නම් ටික කාලයක් ගියාම කලින් කියපු මතය වෙනස් කරලා අලුත් මතයක් ඉදිරිපත් කරන්න ඕනේ නැහැ නේද? (ස) " නසා ආයතනය තාක්ෂණයේ දියුනුවත් සමග අලුත් තර්කයක් ඉදිරි පත් කරනවා අපි තමා විද්‍යාවේ උපතත් එක්ක ඉන්නේ, ඒක නිසා අතිතයේ සහ වර්තමානයේ හිටපු සහ ඉන්න විද්යාඥයින් ඉදිරිපත් කරපු මතයක් සමග සංසන්දනාත්මක කිරීමෙන් තම නව තර්කයක් බිහි වෙන්නේ. උදාහරනයෙක් බලන්න සමහරු කියනවා ලෝකය දෙවියන් විසින් මවන ලද්දක් කියලා. එත කොට මේ මතය බලන්න " මෙවන් මහා පිපිරුම් අභ්‍යවකාශයේ ඇති තරුවල උපත හා විපත තීරණය කරන්නන් වේ. පෘථීවිය ඇතුලූ අප සෞර ග්‍රහ මණ්ඩලයද ඇතිවන්නට ඇත්තේ මෙවන් මහා පිපිරුමකිනැයි යන්න විද්වත් මතයයි" මේ කියන්නෙත් දැන් ඉන්න විද්යාඥයින් තමයි. එතකොට මේ විද්යාඥයින් අදහන ආගම මොකක්ද ? බෞද්ධ නොවන අය දෙවියන් මේ හැම දෙයක්ම බිහිකරා කියනවා. ඒක නිසා තමයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පැරණි මතයන් නැවත නැවතත් අලුත් මුනුවරක් ගන්නේ. දෙවියන් මේ ලෝකේ හිටිති නමුත් දෙවියන්ගේ කාර්යක් මෙහි නැත. තමන්ගේ මතයක් ඇතිකිරීමට මිනිසාට නොයෙකුත් දේ කියනවා. මේ පිළිබද ඕනෑම තර්කයකට මම සුදානම්.(නදී)

:       0       0

ඉරේෂ් සුහද කුමාර Saturday, 23 November 2013 12:02 PM

අනේ අම්මෝ! (නදී)

:       0       0

ගයෂාන් Saturday, 23 November 2013 10:56 AM

මොහමඩ් හප්සාල්, ආලෝක වර්ෂයක් කියන්නේ මොකක්ද කියල දැනගෙන කතා කරොත් හොඳයි. බණ්ඩාර කියලා තියෙන දේ හරි. ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය තත්පරයට කිලෝමීටර 330,000(දල වශයෙන්) ගණනේ අවුරුද්දකදී ගමන් කරන දුර. මේ පිපිරුම වෙලා තියෙන්නේ දැනට අවරුදු කෝටි 370 කට ඉස්සර. ඒ පිපිරුමෙන් විහිදුනු ආලෝකය දැන් තමයි අපිට පෙන්නේ, මොකද අපිට යමක් පෙන්න ඇසට ආලෝකය පතිත වෙන්න ඕනේ. අවරුදු කෝටි 370 කට ඉස්සර සිදු වුනත් ඒක අපිට බලපාන්න හේතුව තමයි ඒකෙන් විහිදුනු හානිකර ශක්තිය ගමන් කරන දුර ප්‍රමාණය. දුර ප්‍රමාණය වැඩි වෙද්දී ශක්තිය හීන වෙනවා. හරියට පිපුරුම කේන්ද්‍ර කරගත්ත ගෝලයක් වගේ පරාසයක් කියල හිතන්න. අපි ඉන්නේ ඒ ගෝලීය අවකාශයෙන් යන්තම් පිටත නිසා තමයි "කිරණ විහිදුම හදිසියේවත් ඊට වඩා මදක් මෑතින් සිදුවුයේ නම් පෘථීවිය මේ වන විට දැවී අළු වී තිඛෙනු ඇති බව කියැවේ" කියලා මේකේ කියල තියෙන්නේ. මේ කියන පිපිරුම වගේ මීට වඩා විශාල පිපිරුමක් මීට එහායින් දැනට අවරුදු කොටි 370 කටත් කලින් සිද්ධ වෙලා තියෙනවා කියල හිතන්න. සමහර විට ඒකෙන විහිදුනු ශක්තිය අපිට තාම ග්‍රහණය වෙලා නැතුව ඇති, සමහර විට එකේ හානිකර ශක්ති අවකාශ ගෝල පරාසය තුල අපි පිහිටලාත් ඇති. ටිකක් හිතලා බලන්න මට බැනල මෝඩ කොමෙන්ට් දන්නා කලින්.(නදී)

:       0       0

ලොකූ Saturday, 23 November 2013 10:53 AM

බුද්ධ දේශනාවට අනුව නම් සූර්ය මණ්ඩලේට දුර යොදුන් 50, සැ 800. චන්ද්‍ර මන්ඩලේට දුර යොදුන් 49, සැ 784. මේකට නාසා එකෙන් මොනවා කියයිද දන්නේ නැහැ. එයාලගේ මිනුම් ඔක්කොම බොරුවෙනවා. (නදී)

:       0       0

බංඩාර Saturday, 23 November 2013 10:08 AM

සුපෙර්නොවා පිපිරීමක් කියන්නේ සුර්යෙකුගේ අවසානය. එවන් දෙයක් එක දවසකින් වෙන දෙයක් නොවේ. අවරුදු දහස් ගනනක සිදුවීමක්. මෙවන් පිපිරුමකින් සුර්යාගේ ඇති මුළු ශක්තිය ඉතා සුළු කාලයකදී විහ්වයට නිදහස් වෙනවා. ඒ නිසා විශ්වයේ බොහෝ ප්‍රදේශයක් විනාශ වෙන්න පුලුවන්. ඒ වගේම එම සුර්යාගෙන් පසුව හැකිලීමට පටන් ගන්නවා. එවන් හැකිලුනු සුර්යකුගෙන් කිසිම ශක්තියක් පිට වන්නේ නැහැ. (නදී)

:       0       0

වීර Saturday, 23 November 2013 10:04 AM

මධු,අමිල එදා ඉදන්ම ඕගොල්ලෝ කතෝලිකයෝනේ.ඉතින් මොකද ආපහු දෙවියන්ව විශ්වාස කරන්නේ? ඇයි මෙච්චර කල් විශ්වාස නැතුවද හිටියේ?විශ්වය දෙවියන්ගේ නිර්මාණයක් නොවේ. මෝඩයන්ට මෙය නොවැටහේ.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 23 November 2013 09:52 AM

"පෘතුවිය හැමදේකින්ම බේරී බේරී ඉන්න ලස්සන" කියන වාක්‍යයේ "පෘතුවිය" කියන වචනය වෙනුව ට ....... කියා යෙදුවේ නම් කොයි තරම් කාලෝචිත ද?(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 23 November 2013 01:41 PM

ගයෂාන්, හොද පැහැදිලි කිරීමක් කරලා තියනවා. මෙතන කොමෙන්ට් කරන සමහර අය අපොස සාපෙලවත් කරලා නෑ වගේ. දැනට සොයාගෙන තියන තාක්ෂණයේ සහ විද්‍යාවේ හැකියාවන් මත අපි මෙම ගණනය කිරීම් සමහර උපකල්පන මත පදනම්ව සිට කරනු ලබනවා. මෙම ගණනය කිරීම් වල නිවැරදි භාවය අඩු වැඩි වීම් තාක්ෂණයේ දියුනුවත් සමග සිදුවේවි. එතකොට ඔය ආසා එකට විද්‍යාත්මක සොයා ගැනීම් වලට බනින කට්ටිය ලෙඩක් හැදුනම බටහිර බෙහෙත් ගන්නේ නැද්ද? මොකද වෛද්‍ය විද්‍යාවත් තාක්ෂණයේ දියුනුවත් සමග වෙනස් වෙනවා අලුත් බෙහෙත් එනවා සමහර බෙහෙත් භාවිතයෙන් ඉවත් කරනවා ....(නදී)

:       0       0

චමත් Saturday, 23 November 2013 08:48 AM

මොක උනත් කමක් නෑ සුටුස් ගාල මැරිලා යනවනම් දුක් විඳින්න වෙන්නැතුව.(නදී)

:       0       0

ලොකූ Saturday, 23 November 2013 08:23 AM

රික්තකයක් තුල ( හිස් අවකාශයේ ) දුර මනින්නේ කොහොමද ? දන්නේ නැති නිසා ඇහුවේ.(නදී)

:       0       0

ලොකූ Saturday, 23 November 2013 08:16 AM

බුදුන් වහන්සේ 2600 කලින් කිව්වේ නාසා කියන ඉර හද ගැන නෙවෙයි. චන්දර මණ්ඩල, සූර්ය මණ්ඩල පිලිබදව. (නදී)

:       0       0

ලාල් Saturday, 23 November 2013 04:21 AM

මේ ලිපිය දැකලා වස්තුව පොදි ගහන මසුරු මිනිස්සු නම් හොදටම බය වෙන්න ඇති. (නි)

:       0       0

එරා Friday, 22 November 2013 11:46 PM

ලංකාදීපයට ගොඩක් ස්තුතියි මේ ලිපියට (නි)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 11:05 PM

එරා මල්ලී ,අපි හවසට හවසට ගහන අඩියට නාසා එකට ඉහළ දේත් පෙනෙනවා.මට පෙනෙන තරු ඔයා දැක්කොත් පුදුම වෙයි (නි)

:       0       0

එරා Friday, 22 November 2013 10:58 PM

දොන්සේතන්, නමෙන්ම බොහෝ දේ හිතාගන්න පුළුවන්. නාසා එකේ වෙබ් අඩවියට යන්න කරුණාකරලා (නි)

:       0       0

බීනා Saturday, 23 November 2013 10:41 PM

ඇති යන්තම්... (නි)

:       0       0

නිමල් Tuesday, 26 November 2013 10:51 AM

මම නම් හිතන්නේ නොදන්නා දේවල් කතා කරන්නේ නාසා එකේ අය කියලයි, හැමෝම දන්නවා නාසා එකේ ඉන්න අය හුග දෙනෙක් අදහන ආගම මොකක්ද කියලා. එයාලගේ ආගමේ විදිහට සියල්ල දෙවියන් මවන ලදී. නාසා එකේ අය එක එක බොරු කියල අදහන ආගම අතහරින්නේ නැහැනේ. ඒකේ තේරුම දෙවියන් මවන ලද බව විශ්වාස කරනවා කියන එකයි. නාසා එක කරන්නේ දෙවියන් මවල තියෙන දේවල් මොන වගේද කියල හොයන එක. අන්දයෝ අලියව අතගාල එක එක දේවල් කිව්වා වගේ නාසා එකේ අයත් එක එක දේවල් කියනවා. (නදී)

:       0       0

මාර්ක් කුරේ Monday, 25 November 2013 09:29 PM

අපි ජීවත් වෙන්නේ 3 මාන ලෝකයක.නමුත් තවත් සමාන්තර විශ්වයන් තියෙනවා.මෙය අසන්න වශයෙන් සිදුවී තිබෙන්නේ මීට අවුරුදු කෝටි 370 පෙර නමුත් දැන් අපිට එය දැක ගත හැකිවී තිබෙන්නේ.දුරීක්ෂ වර්ග කීපයක් තිබෙනවා එඉන් 6 ප්‍රදාන වෙනවා. x -ray Radio සහ Infrared මෙවැනි දේවල් නිරීක්ෂණය කරන්නේ ම අන්තිමට සඳහන් කල දුරේක්ෂ වලින් අ සඳහා විශේෂ තාක්ෂණයක් යොදාගන්නවා.කෙසේ නමුත් තවමත් විද්‍යාඥයන් හිතන් නේ විශ්වය මහා පිපුරුමකින් ඇතිවුණන කියල නුමුත් බහුතරය එය දෙවියන්ගේ නිර්මනයක්ය කියන එක අත්හරින්න අපොහසත් වී තිබෙනවා.ඇතටම මට කියන්ඩ තියෙන්නේ නිකන් නොදන්නා දේවල් කතා නොකර ඉන්න කියල.ස්තුති (අ)

:       0       0

නිමල් Monday, 25 November 2013 12:27 PM

නාසා එකේ ඉන්න විද්‍යාඥයෝ බහුතරයක් පවා තාමත් පිළිගන්නවා සියල්ල දෙවියන් වහන්සේ විසින් මවන ලද බව. (නි)

:       0       0

කටා මාමා Sunday, 24 November 2013 04:50 PM

අපිට අපේ හිරුගෙන් ආලෝකය එන්න විනාඩි 8කුත් තත්පර 20ක් ගතවෙනවලු, ඊළගට ආසන්නයෙන්ම තියෙන තාරුකාව ඇල්ෆා සෙන්චරිලු එකෙන් ආලෝකය එන්න වර්ෂ හතරක් විතර යනවලු, හිරු එලිය එන්නේ පැකට් වශයෙන්ලු එක තේරුම් කරන්න අමාරුයි මටත්.. ඒ පැකට් කතාව අනුව සන්නිවේදන තාක්ෂණය දියුණු කරන්න පුළුවන් වෙලා තියෙනවලු.. (අ)

:       0       0

නිශාන්ත Sunday, 24 November 2013 01:34 PM

තාරක විද්‍යාව ගැන ඉගෙන ගන්න නම් චාර්ල් සගන් කියන මහත්තයාගේ 'චොස්මොස්' කියන රූපවාහිනී වැඩසටහන බලන්න. කවුරු හරි මහත්තයෙක් ඉන්නවා නම් එය සිංහලට පරිවර්තනය කරලා ලංකාවේ රූපවාහිණී නාලිකා වල පෙන්නන්න. ලංකාදීපයට මේ දේ කරන්න පුළුවන් වෙයි.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 24 November 2013 12:58 PM

ප්‍රතිචාර කියවලා බලනකොට ලංකාවේ අපේ යාළුවන් ගොඩක් දෙනෙක් තවම ජීවත් වෙන්නේ අවුරුදු 100 විතර කලින් කාලයක. සන්තෝසයි ගොඩක් අයට විද්‍යාව ගැන දැනුමක් තියන එකට. මම විශ්වාස කරන්නේ විද්‍යාව,තාක්ෂනය,බෙහෙත් විතරයි. . එහෙම නැත්නම් මේ වෙනකොට මනුෂ්‍ය ජාතිය වඳ වෙලා ගොඩක් කල්. ඒත් තාක්ෂණයත් අපේ පැවැත්මට තර්ජනයක් වෙලා තියන්නේ. මිනිස්සුන්ගේ වැරදී සිතුවිලි නිසා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 24 November 2013 09:23 AM

එතකොට අර පහුගිය දවස්වල ලෝක විනාසේ ගැන කියවුන කතාවේ සම්බන්ධතාවයක් මෙයට ගෑවි තියෙනවා නේද? (නදී)

:       0       0

ශිරාණි Sunday, 24 November 2013 07:22 AM

ලෝක විෂය අචින්ත්‍යයි කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නේ. යමෙකුට ලෝකය තේරුම් ගන්න ඕන නම් තමන්ව තේරුම් ගත්තාම හොදටම ප්‍රමාණවත් බවයි දේශනාව. විද්‍යාව කියන අද කියන දේ හෙට වෙනස් වෙනවා. ඒවන තුරු අපි ඇත්තයි කියල හිතන් ඉන්නවා.(නදී)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 10:19 PM

ඒරා, ඔයා දැන්ද අවදිවුණේ? අවිද්‍යා කියන කථාව ඇත්ත (නි)

:       0       0

සිතුර Saturday, 23 November 2013 10:41 PM

දෙවියන්ට ස්තූතියි! (නි)

:       0       0

ෂාන් Saturday, 23 November 2013 09:32 PM

ගයෂාන් ටත් ස්තුතියි ලංකදීපයටත් සිතුතියි නමුත් අදහස් දක්වන වැඩි දෙනාට තියෙන්නේ ටිකිරි මොළ බව පේනවා ......(අ)

:       0       0

දිසා Saturday, 23 November 2013 08:53 PM

අනේ මේ අවුරුදු 80 ක් ජිවත් වන්නේත් අමාරුවෙන් . බොරුවට විශ්වයක් ගැන හොයල මොනාද නසා මේවෙනකොට වෙනස් කලේ ? තමුන් ගැන හොයාගෙන හොදින් ජිවත් වෙන්න .(අ)

:       0       0

හිරු Saturday, 23 November 2013 07:17 PM

ලොකු අහල තිබ්බ ආලෝකයේ වේගය මනින්නේ කොහොමද කියල. මේක ‍මුලින්ම නෝට් වුනේ ඔලේ කියන විද්‍යාඤයාට. එයා බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයෙක් අධ්‍යනය කරා . නමුත් මේ උපග්‍රහයා හැමදාම කක්ෂයේ සුළු වෙනස්කම් ඇතුව ගමන් කරා. සාමාන්‍යයෙන් එලෙස වෙනස් කම් වෙන් නෑ. මේකෙන් තමයි ආලෝකයේ වේගය ලෝකයට තේරුම්යන්න පටන් ගත්තෙ. අවුරුද්දේ එක එක කාලවලදී පෘතිවියත් බ්‍රහස්පති ග්‍රහයත් අතර දුර වෙනස්. ඒ අනුව බ්‍රහස්පති ග්‍රහයාගේ ආලෝකය අපට පැමිණෙන්නට ගත වන කාලයත් වෙනස්. ඒක තමා සිද්ධිය සරලව කියනවනම්. ඈත තරුවකට දුර මනින්නේ එම තරුවේ දීප්තිය හා වර්ණය උ‍පයෝගී කරගෙන. වර්ණය මගින් තරුවේ ප්‍රමාණයත් , එම ප්‍රමාණයට සාපේක්ෂව පවතින දීප්තිය මගින් තරුවට ඇති දුරත් ගණනය කරනවා.(අ)

:       0       0

රන්බණ්ඩා Saturday, 23 November 2013 07:09 PM

මොනවද අනේ ඔය ගොල්ලෝ මරාගන්නේ නසා කියනවා ආලෝක කියනවා මේ ඔන්න ඕක ඔය පාලු දිහාකටදානකෝ (අ)

:       0       0

සුනෙත් Saturday, 23 November 2013 05:55 PM

නිමල් කියන මොඩය ඇරෙන්න අනිත් සේරටමත් ලංකදීපයටත් ස්තුති...(අ)

:       0       0

හිමා Saturday, 23 November 2013 03:55 PM

ගයෂාන් ක්වුවා හරියටම හරි. මීට අවුරුදු කෝටි 370කට කලින් වෙච්ච දේ තමයි අද මේ දැකලා තියෙන්නේ. ආලෝකය වර්ෂයක් දුර තියෙන දෙයක් දකින්න අපිට එක වෙලා අවුරුද්දක් ඉන්න වෙනවා. (නදී)

:       0       0

විජේ Friday, 22 November 2013 03:09 PM

අනේ ඕක තව ටිකක් මෙහායින් සිද්ධ උනේ නැහැනේ........... (ස)

:       0       0

මොහමඩ් හප්සාල් Friday, 22 November 2013 06:37 PM

බණ්ඩාර හරියට සිංහල කියවන්න. මේක වෙලා තියෙන්නේ පෘතුවියේන් ආලෝක වර්ෂ කෝටි ගානක් එහායින් .(ස)

:       0       0

ගයාන් Friday, 22 November 2013 05:11 PM

පෘතුවිය හැමදේකින්ම බේරී බේරී ඉන්න ලස්සන. (නි)

:       0       0

ලොකු Friday, 22 November 2013 04:44 PM

නිමල් ඔය හරි, මේකත් හඳට ගිය කතාව වගේ එකක්ද දන්නේ නෑ. (ස)

:       0       0

ලහිරු Friday, 22 November 2013 04:26 PM

නිමා සහ සූරා මම නම් බැලුවේ හොරස්කෝප් එකෙන් ඕගොල්ලොත් බැලුවා නම් පේනවනේ. (ස)

:       0       0

බණ්ඩාර Friday, 22 November 2013 04:21 PM

මේ කියන පිපිරුම වෙලා තියෙන්නේ දැනට අවරුදු කෝටි 370 කට ඉස්සර. (ස)

:       0       0

නිමල් Friday, 22 November 2013 03:51 PM

සුරංග, ඔයා නාසා එක කියන හැම දේම හරි කියලද හිතන්නේ? හැමදේම හරි නම් මොකද නාසා එක කියන දේවල් කාලෙන් කාලෙට එයාලම වෙනස් කරලා අලුත් කතන්දර කියන්නේ? කියන හැම දෙයක්ම හරියට හරි නම් ටික කාලයක් ගියාම කලින් කියපු මතය වෙනස් කරලා අලුත් මතයක් ඉදිරිපත් කරන්න ඕනේ නැහැ නේද? (ස)

:       0       0

සුරංග Friday, 22 November 2013 03:29 PM

නිමල් කියන මෝඩයා හොඳ කතාවක් කියලා තියෙනවා.මෙයා නම් පට්ට මෝඩයෙක්. ස්තූතියි ලංකාදීපය. (ස)

:       0       0

ඉරේෂ් Friday, 22 November 2013 03:22 PM

බොහොම සතුටුයි. (ස)

:       0       0

මාටින් Friday, 22 November 2013 06:46 PM

ඉතාම ලස්සන කතන්දරයක් ..ආලෝක වර්ෂයක් කියන්නේ එදිනෙදා වේලාවෙන් මොන වගේ කාලයක්ද ? මට නම් නිකන් පිස්සු වගේ. ..(ස)

:       0       0

රවී Friday, 22 November 2013 02:15 PM

ලංකාදීපයට ස්තුතියි. (ස)

:       0       0

දමි Friday, 22 November 2013 02:12 PM

වෙන්න තියෙන දේ වලක්වන්න බෑනේ. ඕනෙම දේකට සුදානමෙන් ඉමු.මිනිසුනේ ධර්මානුකුලව හැසිරෙන්න. එවිට ඔය මොන දේටත් සතුටෙන් මුහුණ දිය හැක. (ස)

:       0       0

නිමල් Friday, 22 November 2013 01:34 PM

ලස්සනට ගොතපු කතන්දරයක්. කවුරුවත් ආලෝක වර්ෂ කෝටි 370 ගිහින් බලන්නේ නැහැනේ ඇත්තද කියලා. (ස)

:       0       0

සිංහ Friday, 22 November 2013 01:31 PM

දෙවියෝ තවත් මේ දේවල් මොනවට කරනවද මන්දා. විනිශ්චය දෙන දිනය වෙනකම් ඉවසන්න බැරිද? (නි)

:       0       0

ඩික්සන් වල්පලහෙව Friday, 22 November 2013 01:30 PM

නොදන්නා දෙයක්. ලංකාදීප පුවත්පතට ස්තුතියි (නි)

:       0       0

ෆ්‍රී Friday, 22 November 2013 01:17 PM

හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතිය පුදමි (නි)

:       0       0

බණ්ඩාර Friday, 22 November 2013 01:13 PM

ඔය ටික වෙනකම් තමා මේ සියළුම නැටුම් (නි)

:       0       0

හිරු Friday, 22 November 2013 08:08 PM

බණ්ඩාර හරි. ආ‍ලෝක වර්ෂ 370 ක් කියන්නේ දුරක් වගේම කාලයක් කියන දෙකම හරි. නාසා එකට බැණ බැණ ඉන්න එපා. ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේ විශ්වය ගැන නව සොයාගැනීම් නිතරම පළ කරනවා. (නි)

:       0       0

එරා Friday, 22 November 2013 10:04 PM

අවිද්‍යා, මෝඩ කතා කියන්න එපා.සුනාමිය එනකම් අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් මුළු ලෝයෙම දන්නවා. අපි විශ්වය ගැන දැනගෙන ඉන්න ඕනෑ. බුදුහාමුදුරුවෝ ඉර හද තාරුකා ගැන දැනගෙන හිටියේ දැනට අවුරුදු 2600 කට පෙරයි. (නි)

:       0       0

සුගත් Friday, 22 November 2013 09:41 PM

මට පෙනෙන්නේ මොහොමඩ්ට සිංහල තේරෙන්නේ නැහැ වගේ. බණ්ඩාර කියලා තියෙන එක හරි. මේ පිපිරීම වෙලා තියෙන්නේ අවුරුදු කෝටි 370 කට පෙර. ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය තත්පරයට කිලෝමීටර 330,000(දල වශයෙන්) ගණනේ අවුරුද්දකදී ගමන් කරන දුර. (නි)

:       0       0

සුමේධ Friday, 22 November 2013 09:37 PM

ජාත්‍යන්තර පුවත් ගොඩක් පළ කරනවා නම් හොදයි (නි)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 09:19 PM

අවිද්‍යා, මමත් හැමදාම මේ අයට කියනවා (නි)

:       0       0

ජනිත් Friday, 22 November 2013 09:11 PM

එතකොට මේ දේවල් වෙලා තියෙන්නේ අවුරුදු කෝටි 370කට පෙරද? (නි)

:       0       0

බණ්ඩා Friday, 22 November 2013 08:45 PM

නිමල්, ඔයාගේ මොළේ තමයි මොළේ (නි)

:       0       0

අමිල කටුනායක Friday, 22 November 2013 08:40 PM

මධූ,දෙවිකෙනෙක් ඉන්නවා තමයි.එය මම අත්දැකලා තිබෙනවා (නි)

:       0       0

ෆොන්සේකා Friday, 22 November 2013 08:11 PM

පට්ට බොරුවක් හැම පාරම අපේ පෘතුවියට ලගින් යනවා කියනවා මේ ලෝකේ කවදාවත් විනාස වෙන්නේ නැ....(අ)

:       0       0

නුගේගොඩ Friday, 22 November 2013 01:02 PM

හොද ලිපියක්. ලංකාදීපයට ස්තුතියි.(නදී)

:       0       0

දිනාලි Friday, 22 November 2013 08:07 PM

හොද ලිපියක්. ස්තූතියි (නි)

:       0       0

අවිද්‍යා Friday, 22 November 2013 08:00 PM

ආලෝක වර්ෂ සිය ගණන් ඈත තිබෙන අනතුරු හොයන අයට, හෙට අපේ ලෝකය තුළම වන භූමිකම්පාවක් කියා ගන්න නොහැකි වන අවස්ථා ගැන කණගාටුයි. අනවශ්‍ය වියදම් කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)

:       0       0

අසාම් Friday, 22 November 2013 07:59 PM

මෙවැනි දේවල් නිවැරදිව අර්ථ නිරූපණය කිරීමට අද හැකිවී තිබීමට හේතු කිහිපයක් තිබෙනවා. භෞතික විද්‍යාත්මක නීති/ගණිතය සහ ආලෝක වර්ෂ බිලියන 13.7 ක දෘෂ්ටි පරාසයක් නවීන දුරේක්ෂ මගින් පෘථීවියට දැකගත හැකි වීම. මෙහි ඇති ඡායාරූපයෙනුත් පෙන්නුම් කරන්නේ නියුට්‍රෝන තාරකාවක ගැමා කිරණ විහිදුමකි (නි)

:       0       0

අමිල කටුනායක Friday, 22 November 2013 07:41 PM

අපි මොනවද විශ්වය ගැන දන්නේ? (නි)

:       0       0

චන්දි Friday, 22 November 2013 07:30 PM

ඕකනේ නොදන්නා දේට අපි හොට නොදා ඉන්නේ (නි)

:       0       0

මධු Friday, 22 November 2013 07:28 PM

මට නම් දැන් විශ්වාසයි දෙවිකෙනෙකු ඉන්නවා කියලා (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 22 November 2013 07:13 PM

ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය වර්ෂයකදී කොපමණ දුරක් ගමන් කරනවද කියන එකයි. ඉතාම විශාල ගණනක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site