X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මිහිකතට විදුලිය හඳෙන්

අනාගතයේ දී පෘථිවියේ ඇතිවනු ඇති බවට දැනටමත් පෙර ලකුණු පළව ඇති බලශක්ති අර්බුදයට සඳෙහි ඇති හීලියම් වලින් පිළියම් යෙදිය හැකිවේයැයි චීන විද්‍යාඥයෝ කියති.

සඳෙහි හීලියම් වායුවේ සමස්ථානිකයක් වන හීලියම් 3 ටොන් ගණනින් ඇතැයි සොයාගෙන තිබෙන අතර චීන විද්‍යාඥයින් පවසන්නේ මෙම හීලියම් සමස්ථානිකය අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කෙරෙන විදුලි බලාගාර නිපදවීමට හැකියාව ඇති බවයි.

සඳෙහි ඇති හීලියම් 3 සමස්ථානික ප‍්‍රමාණය සැළකූ විට තවත් අවුරුදු 10000 කට පමණ පෘථිවියේ බල ශක්ති අවශ්‍යතාවය පිරිමැසීමට එය ප‍්‍රමාණවත් බවද ඔවුහු කියති.

හීලියම් 3 පෘථිවියේ මත නොපැවතේ .විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පෘථිවියේ පරිසර තත්ත්වය සමග එයට පැවැතීමට හැකියාවක් නොමැති බවයි.

වායුගෝලයක් නොමැති,චුම්භක ක්ෂේත‍්‍රයක් නොමැති සඳ මත හීලියම් 3 ට පැවැතීමට හැකියාව ඇත.

සූර්ය සුළං වලින් හීලියම් 3 සඳ මතට පතිත වන බව පැවසේ.හීලියම් මෙන්ම හීලියම් 3 යනු වායුවක් වුවත් සඳ මතදී එය ඇත්තේ සඳෙහි ඇති දුහුවිලි වල අන්තර්ගතවය.

විද්‍යාඥයින් පවසන ආකාරයට සඳ දුහුවිලි සෙල්සියස් අංශක 600 ක පමණ උෂ්ණත්වයකට රත් කළහොත් හීලියම් 3 නිදහස් වේ.

මෙම හීලයම් 3 යොදාගෙන දැනට ‘‘විඛණ්ඩන‘‘ න්‍යාය යටතේ කි‍්‍රයාත්මක වන න්‍යෂ්ඨික බලාගාර හා සමාන බලාගාර විශේෂයක් තැනිය හැකියැයි සඳහන්ය.

චීනය පවසන පරිදි සඳෙන් හීලියම් කැණීමට,ඒවා පෘථිවිය වෙත ගෙන ඒමට,බලාගාර තැනීමට,රොකට් හා වෙනත් අභ්‍යාවකාශ යානා තැනීමට ඩොලර් බිලියන 20 ක් වත් වැයවනු ඇතැයි ඇමරිකා අභ්‍යාවකාශ විශේෂඥයෝ පවසති.

වියදම කුමක් වුවත් සඳේ සිට හීලියම් පෘථිවිය වෙත ගෙන ඒමට හා බලාගාර වලට යෙදවීමට චීනය උනන්දුවෙන් සිටී.

චීනය සඳෙන් හීලියම් කැණීමට සැරසෙද්දී සඳ ඇත්තෙන්ම අයත් කා හටදැයි ගැටලූවක්ද පැන නැගී තිබේ.

එක්සත් ජාතීන්ගේ අභ්‍යාවකාශ සම්මුතියට අනුව සඳේ ඇති සම්පත් වලින් ප‍්‍රයෝජන ගන්නේ නම් එම ප‍්‍රයෝජනයන් පෘථිවි වාසීන් සියල්ලන්ගේම හිතසුව සදහා විය යුතුය.‍ෙමෙම සම්මුතියට චීනයද අත්සන් තබා ඇත.නමුත් විචාරකයින් පවසන්නේ මෙම සම්මුතියේ ඇති හිඩැස් වලින් රිංගීමට හැකි වන්නේ නම් සඳ තමන්ගේ බූදලයක් ලෙස තබාගැනීමට  ඕනෑම අයෙකුට හැකියාවද ඇති බවයි.

සඳෙන් මුදල් ඉපැයිය හැකි මාර්ගයන් දෙස රාජ්‍ය මෙන්ම පෞද්ගලික පාර්ශවයන් රැසක් ඇස ගසාගෙන සිටින බවද නොරහසකි.

k1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

මිහිකතට විදුලිය හඳෙන්

රජින්ද Wednesday, 06 August 2014 07:35 AM

හදත් ඉවරයි... මේ විදිහට යනකොට පාරිසරික තුලනය බිදිලා ගිහින් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. (දී)

:       0       0

දයා අලහාකොන් Wednesday, 06 August 2014 08:02 AM

අනෙමන්ද, එක එක ග්‍රහලෝකවල කොටස් ගෙනල්ලා මුළු විශ්වයම පටලවයිද (දී)

:       0       0

ආනන්ද Wednesday, 06 August 2014 08:10 AM

ඉතා හොඳ තොරතුරක් - මාධ්‍ය වගකීම මැනවින් ඉටු කිරීමට නම් මෙවැනි නව තාක්ෂනය සමග වූ ගවේශනාත්මක ලිපි ද පලකල යුතුමය (දී)

:       0       0

සෙත්මිනි Wednesday, 06 August 2014 09:37 AM

බයවෙන්න එපා. ලංකාවේ කට්ටිය හදට ගියොත් තමයි හදත් එවර වෙන්නේ. නැත්නම් හද විනාස කරන්නේ නැහැ. ලංකාවේ අය කොහොමත් ගිය තැන පහරනවා. (දී)

:       0       0

කලිකාල් Wednesday, 06 August 2014 10:00 AM

සෙත්මිනි යන නමින් පෙනී සිටින අය වෙත, සෙත්මිනි වගේ අය ගැනම වෙන්න ඇති සෙත්මිනි ඔය කියන්නෙ. එයාගෙ ගෙදරින් ලැබෙන ආර්ශ තමයි ඔය. (දී)

:       0       0

චානක Wednesday, 06 August 2014 10:54 AM

හැදෙන් කොහේ විදුලිය ගන්නද එයත් ඉල්ලා ගන්නේ ඉරෙන් (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 August 2014 12:01 PM

අනාගතයේ මොකද, දැනුත් ඉතින් බිල් එවන්නෙ හ‍ඳෙන් ගේන ගානටනේ. බිල දැක්කම අපිට නම් හඳ කොහොම වෙතත් තරු නම් පෙනෙනවා (නි)

:       0       0

ෂරීෆ් Wednesday, 06 August 2014 02:16 PM

මේකට අපේ අය දාන කොක්කට ඇමෙරිකාව සහ යුරෝපය බයවෙනවා එතකොටම ඕක ලොප් වෙනවා මොකද මේ දෙගොල්ලොම බඩ වියත දැනට රැකගෙන ඉන්නේ මැදපෙරදිග නිසා අපෙත් සියලු ගනුදෙනු තියෙන්නේ හඳත් එක්කනේ මේදෙගොල්ලොම මැදපෙරදිග නැත්නම් මැරිලා පස්වෙල අවුරුදු ගානක් වෙනවා මානව හිමිකම් කාරයන්ට හිගා කන්න වෙනවා ඕකයි ඇත්ත අනේ මන්ද මම හරිද කියල ? (අ)

:       0       0

ශානිකා Thursday, 07 August 2014 04:00 AM

හදෙන් ලයිට් දෙන්නේ කොහොමද (දී)

:       0       0

ශිෆ්රාන් Thursday, 07 August 2014 04:01 AM

ෂෙරිෆ් වැරදියි තවටිකක් ඉගනගන එන්න (දී)

:       0       0

සජී Thursday, 07 August 2014 09:54 AM

හඳෙන් හාල් ගේන්නත් හැදුවා කාලෙක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site