ලොව වයස්ගත ම කාන්තාව වූ මිසාඕ ඔකාවා (117) හෘදයාබාධයකින් මියගිය බවට එරට මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙළොව එළිය දැක ඇත්තේ 1898 මාර්තු 05 දා බවට ලිඛිත සාක්ෂි තිබිණි.
දරුවන් තිදෙනකු බිහි කළ ඇය මුණුපුරු මිනිපිරියන් සිව් දෙනකුගේ හා මී මුනුපුරැ මිනිපිරියන් හය දෙනකුගේ අත්තම්මා කෙනෙකි. ඇය ලෝකයේ වයස්ගත ම කාන්තාව ලෙස 2013 වර්ෂයේ දී ගිනස් වාර්තා පොතට ඇතුළත් වූවාය. මාර්තු 05 දා තම උපන්දිනය සමරණ අවස්ථාවේ දී ඔකාවා මහත්මිය කියා සිටියේ අවම වශයෙන් දිනකට පැය අටක් පමණ නිදා ගැනීමත් ඇගේ ප්‍රියතම ආහාරය වන සුසී නමැති සුසී කෑමට ගැනීමත් දීර්ඝායුෂ ලැබීමේ රහස බවයි.
විනාකිරි වලින් රස කරණ ලද තම්බපු හාලේ බත සහ මැකරල් ද ඉතා කැමැත්තෙන් අනුභව කළ බව ද ඇය කියා ඇත. ඇගේ 117 වැනි උපන්දින සැමරුම ජපාන රූපවාහිනියේ විකාශ කැරිණි.
ඔකාවා මහත්මියගේ පියා ජපානයේ සම්ප්‍රදායික ඇඳුම වූ කිමෝනා නිෂ්පාදනය කරන්නෙකි. ඇය 1919 වර්ෂයේ දී විවාහ වූ අතර යුකිකෝ නමැති සැමියා ද ව්‍යාපාරිකයෙකි. ඔහු සමඟ ඇය කොබේ නගරයේ ජීවත්වූවාය.
ශතවර්ෂ තුනක් ඔස්සේ දිවි ගෙවූ ඇය ජපාන අධිරාජ්‍යයින් තිදෙනෙක්, බ්‍රිතාන්‍ය රජ පරපුරවල් හයක්, සහ ඇමරිකන් ජනාධිපතිවරු 20 දෙනකු දැක ඇත.
මෙතෙක් ගිනස් පොතේ වාර්තා වි ඇති වයස්ගත පුද්ගලයා වන්නේ ප්‍රංශයේ විසු ජීන් කැල්මෙන්ට් නැමැත්තාය. මොහු වර්ෂ 122 සහ දින 164 ක් ජීවත්ව 1997 අගෝස්තු මාසයේදි මියගියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මී අත්තම්මා සමුගනී
දුමින්ද Wednesday, 01 April 2015 10:01 AM
කවදා හෝ ආර්ය සත්‍ය සත්‍ය වේ .(ම)
පිටබැද්දර ජයා Wednesday, 01 April 2015 12:54 PM
සසර දුකයි ආත්තම්මේ! ඔබට නිවන් සුව! (නි)
ශ්‍රීමා Thursday, 02 April 2015 12:33 PM
ඔබට නිවන්සුව.! (ර)