X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


මීළඟ ඉලක්කය ධවල මන්දිරයලු

තම සංවිධානයේ මිළග ඉලක්කය වන්නේ ඇමරිකා ධවල මන්දිරය බව සඳහන් වන වීඩියෝවක් අයිඑස් අන්තවාදීහු නිකුත් කළහ.

මෙය ඔවුන් ඇමරිකාවට ප‍්‍රහාර එල්ල කරන බවට අනතුරු අගවමින් නිකුත් කර තිබෙන තෙවැනි වීඩියෝවයි.

ධවල මන්දිරය ගිනි ගෙන දැවෙන දුමින් එය කළු පැහැ කරන බවට ඔවුහු වහසි බස් කියති.

වොෂින්ටන් හා නිව්යෝර්ක් නගර වලටද ප‍්‍රහාර එල්ල කරන බවද,පැරිස් ප‍්‍රහාර මෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඒ සඳහා යොදාගන්නා බවද අයිඑස් අන්තවාදීන් පවසනු එම වීඩියෝවේ පටිගතවී ඇත.

අරාබි බසින් වන මෙම වීඩියෝව විමර්ෂණයට ලක්කර ඇති ත‍්‍රස්ත ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධව පරීක්ෂණ පවත්වන මැදපෙරදිග පර්යේෂණ ආයතනයේ මතය වන්නේ වීඩියෝව පටිගත කර තිබෙන්නේ ඉරාකයේ බවයි.

ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩයට උතුරින් පිහිටා තිබෙන අයිඑස් පාලන ප‍්‍රදේශයක් වන ඩිජා ප‍්‍රාන්තයේ සිට මෙම වීඩියෝව පටිගත කර ඇති බවට සාක්කි අනාවරණය කරගැනීමට හැකිව තිබීම මෙයට හේතුවයි.

රෝමයට පෙර පැරිසිය යැයි එම වීඩියෝව එක් තැනක සඳහන් වන අතර එයින් අදහස් වන්නේ අයිඑස් ත‍්‍රස්තයින් ඉතාලියටත් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටීමක්දැයි ආරක්ෂක විශේෂඥයෝ සැක පළකරති.

වීඩියෝව සම්බන්ධයෙන් අදහස් පළකර ඇති නිව්යෝර්ක් හා වොෂින්ග්ටන් නුවර වල බලධරයින් ත‍්‍රස්ත ප‍්‍රචාරණ කටයුතු වලින් තමන්ව බියට පත්කළ නොහැකි බවත් නගර වැසියන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් පවසා තිබේ.

2E7F816200000578-3325952-image-201511207966962620 2E9CFE1700000578-332201511206_1447966848587 2E94213F00000578-3325952-Finally_the_man_is_seen_pullin20151120-49_1447966956728



අදහස් (0)

මීළඟ ඉලක්කය ධවල මන්දිරයලු

සුදර්මන් Friday, 20 November 2015 09:16 AM

බම්බුව තමයි ..මේවට තමයි කියන්නේ .."හොරාගේ අම්මගෙන් පේන අහනවා" කියල. (ස)

:       0       0

ඩිමේෂ් Friday, 20 November 2015 09:31 AM

අනේ වාසනාවන්... අවි ගත්තෝ අවියෙන්ම නහී. (ස)

:       0       0

සොපි Friday, 20 November 2015 11:59 AM

ඔව් ..ඔව් ..".අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" (ම)

:       0       0

දිමේෂ් Friday, 20 November 2015 12:26 PM

ඕක කරන්න නම් මේ අයට පහසුවෙන ‍එකක් නැහැ (නි)

:       0       0

චතුරි Friday, 20 November 2015 02:44 PM

මුන්ට. ඕන. විදියට. මිනිස්සු මරන්න. කුරානයේ. කොතනද ලියල තියෙන්නේ උබලගේ දෙවියන්ගේ. පින්තුරයක්. එවපන්කෝ. අාසයි. දකින්න. ප්‍රංසයට ගහපු එකෙක්. පොලිසියෙන් අල්ලන් යනවා කලිසම. නැහැ හෙළුවෙන් අද මුල් පිටුවේ. පත්තරයේ. ඇමරිකාවට. ගහන්න කලින්. ඌට කලිසම අන්දපන්. පුලුවන්නම්. හිරේ ඉදගෙන හොදට උෟරුමස් කයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site