තමන්ට ඉගෙන ගැනීමට ආධාර ලබාදෙන ලෙස ඉල්ලමින් නෙදර්ලන්ත තරැණියක් ඉතා ජනාකීර්ණ ඇම්ස්ටර්ඩෑම් චතුරශ්‍රයේ නිරුවතින් ඒ මේ අත දිවගියාය. ඉන්පසු මාධ්‍යවේදින් ඉදිරිපිටට ගිය ඇය නිල් පැහැති දිගැති කමිසයකින් සැරසී අයිස් බකට් අභියෝගය ද භාරගත්තාය.
තමන් මේ අසීරු කාර්යයේ නිරත වූයේ තමන්ගේ අධ්‍යාපනයට මූල්‍යමය සහයෝගයක් වුවමනා බැවින් යැයි ඇය මාධ්‍යයට අදහස් දක්වමින් කීවාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුදල් ඉල්ලා තරුණිය නිරුවතින් දිව යයි
චින්තක Monday, 01 September 2014 11:40 AM
අපේ රටේ නම් සල්ලි හොයන්න නිරුවතින් දුවලා මහන්සි වෙලා වැඩක් නැතිවෙයි. (නි)
අජිත් කරුණාරත්න Monday, 01 September 2014 03:35 AM
අපේ රටෙත් ඔය වගේ දේවල් සිද්ධ වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.මොකද අපේ දරුවන්ට නොමිලයේ කරන්නේ උගන්වන එක විතරනේ. ඉතිරි වැඩ වලට වියදම් කරන්නේ දෙමවුපියන්නේ. (නි)
කිත්සිරි Monday, 01 September 2014 04:52 AM
ලංකාවට දිව්වා නම් කසාදයක් කරගන්නත් තිබුනා (නදී)
චින්තන Monday, 01 September 2014 04:50 AM
පවතින ආණ්ඩුව නිදහස් අධයාපනය විකුණූ පසු ලංකාවෙත් මෙවැනි දේ දකින්නට බැරි වෙන එකක් නෑ. (නදී)
කුෂන් ගුණසේකර Monday, 01 September 2014 05:36 AM
අපේ රටේ වගේ අපචාර ඒ රටවල නැත්තේ මෙන්න මේ වගේ සමාජයක් ඒ මින්නිස්සුන්ට තියන නිසා. (නදී)
දම්මිකා Monday, 01 September 2014 06:34 AM
ප්‍රඥාවෙන් හා බුද්ධියෙන් තොර දැනුම වැඩක් තියේද? (ස)
රොෂාන් Monday, 01 September 2014 06:36 AM
ජනප්‍රිය වෙන්නද දන්නෑ එහෙම කලේ? (ස)
රුවන් Monday, 01 September 2014 06:39 AM
බටහිර රටවල් දරුවන්ට යන්තම් අවුරුදු 15 /16 වෙනකොට දෙමව්පියන් කියනවා තමන්ගේ වියදම හොයා ගන්න කියල. බහුතරයක් ට මහ ගෙවල් වලිනුත් එලියට ගිහින් පොඩි රැකියා සොයා ගෙන අමාරුවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ එහෙම තරුණියක් වෙන්න ඇති. අපේ රටේ ළමයින්ව අම්මලා වයස 25 30 වෙද්දීත් උදේ තේ එක ඇඳට ගෙනත් දීලා හුරතල් කරනවා. ඒවා නැති වෙලා උසස් අධ්‍යාපනයටත් ගෙවන්න සිද්ධ වුන දවසට අපේ ළමයිනුත් මේ විදියට පාරේ යාවි. (ස)
කරුපෙරුම Monday, 01 September 2014 07:09 AM
ජෙලෝ, ලගදීම මීට එහා ගියපු වැඩ කරන්න වෙයි කැම්පස් කෙල්ලොන්ට කොල්ලොන්ට, රටේ නිදහස් අධ්‍යාපනයක් නැති උනාම ඉගෙන ගන්න සල්ලි ඕන උනාම ලමයින්ට මෙහෙම වැඩ කරන්න වෙනවා. මතකද මෑතකදී ලංකාවේදී අහු උන රුසියානු, යුක්රේන් තරුණ ගණිකාවෝ. එයාල ඒ රටවල විශ්ව විද්‍යාල සිසුවියෝ. ඉතින් ජෙලෝ ඔයාල කුහක විදියට බලාගෙන ඉන්න ඒ අවස්තාව ලගදීම ඒවි. ඒ අවාම ඔයාගේ නංගි, එහෙම නැත්තම් දුවට හෝ කරන්න වෙන්නෙත් ඔය වගේ දේවල්. එයාල ඉගෙන ගත්තොත් සහ ඔය කුඩු බිස්නස් වගේ දේවල් නොකර හම්බ කරන සාමාන්‍ය මිනිහෙක් උනොත් (නදී)
ලක්ෂිත නදීෂාන් Monday, 01 September 2014 07:34 AM
බොහොම සංවේදී කතා පුවතක් අපේ රටේ කවදා හෝ දිනක එවන් දෙයක් නොවීමට වග බලා ගමු (නදී)
ලක්ෂිත නදීෂාන් Monday, 01 September 2014 07:34 AM
බොහොම සංවේදී කතා පුවතක් අපේ රටේ කවදා හෝ දිනක එවන් දෙයක් නොවීමට වග බලා ගමු (නදී)
චමින්ද Monday, 01 September 2014 08:37 AM
නංගි, බලාගෙන ! (නි)
ප්‍රියන්ත Monday, 01 September 2014 01:14 AM
හිතලා බලන්න. අපේ රටෙත් නිදහස් අධ්‍යාපනයක් නේද තියෙන්නේ? ඒත් පාසලට ළමයි දාගන්න සියලු නඩත්තු වැඩ ඉදිකිරීම් කරන්නේ දෙමවුපියන් නේද? (නි)
ගමගේ Monday, 01 September 2014 02:05 PM
මම ඒ ගැහැණු ළමයා අගය කරනවා. මම මෙහෙම කියන්නේ හිතේ වෙන අදහසකින් නෙමෙයි (නි)
දුමිතසිරි Monday, 01 September 2014 02:59 PM
මෙවැනි සිදුවීම් හාස්‍යයට ලක්කළ යුතු නැහැ. අධ්‍යාපනය අනිවාර්ය අංගයක් නිසා ඇගේ ඉල්ලීම සාධාරන බව හා ඉදිරිපත් කළ ආකාරය අතර වෙනසක් පවතින බව මගේ අදහසයි (නි)
දිනූෂා Monday, 01 September 2014 03:03 PM
පාලකයන්ට තියෙන පහසුකම් ජනතාවට නැත. මේ වගේ ඉගෙනගැනීමට අවශ්‍ය අය කොයිතරම් ඉන්නවද? (නි)
ජාලිය Monday, 01 September 2014 03:06 PM
නංගි ,ඔයා ගැන අපිට දුකයි (නි)
කෝසල Monday, 01 September 2014 04:49 PM
යුරේකා......යුරේකා....... ! හමුවුණා හමුවුණා....සල්ලි ලැබුණා..... (නි)
සාලිය Monday, 01 September 2014 05:01 PM
දියුණු රටවල නොදියුණු වැඩකරන මිනිස්සු (නි)
උපාලි Monday, 01 September 2014 07:04 PM
අයියෝ! ඔහොම කරනකොට කිසි අගයක් නැහැනේ (නි)
සුගත් Tuesday, 02 September 2014 02:36 AM
අනේ පවු.ඉගෙනගන්න උදවු කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවනම් ඒක බොහොම වටිනව.(අ)
අමිල Tuesday, 02 September 2014 11:14 AM
ලංකාවට ආවා නම් හරිනේ! (නි)
ඉසුරු Tuesday, 02 September 2014 01:01 PM
අපේ අයත් පටන් ගනීද? (නි)
ලහිරු Monday, 23 February 2015 05:29 AM
අනේ පවු! ඉගෙනගන්න උදවු කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක බොහොම වටිනවා (නි)
හැරිසන් Sunday, 31 August 2014 12:42 AM
අනේ ! හරි ලස්සන කෙනෙක්. පවු! (නි)
රූපවති Saturday, 30 August 2014 05:21 AM
ලංකාවේ ඉන්න අපේ ගොයියොත් මේවා ඉගන ගනීද කියල බයේ බෑ..? (අ)
ධම්ම Saturday, 30 August 2014 08:07 AM
නිදහස් අධ්‍යාපනය නැතිවුන දාට ලංකාවේත් මේවා බලා ගන්න පුළුවන් වේවි. (අ)
අසෝක Saturday, 30 August 2014 08:12 AM
දැන් ඉතින් මල්ෂා, හිරුනික, පබා වගේ අය මේක කොපි කරලා මේ වැඩේ කරයි. (අ)
හේවාවිතාරණ Saturday, 30 August 2014 10:23 AM
ලංකාවේ මෙම සිද්දිය වුනා නම් විශාල මුදල් සම්භාරයක් සොයා ගන්න තිබුණා
ජෙලෝ Saturday, 30 August 2014 11:01 AM
කෝ මේ අපේ කැම්පස් නංගිලා . මෙන්න ඔබේ ඉල්ලීම් දිනා ගන්න මාර්ගයක්. උද්ගෝෂණ කරනවා වගේද ? කිසිම කෙනෙක් ඔබලාට විරුද්ධ වෙන එකක් නැහැ. බය නැතිව හෙටම වැඩේට බහින්න. (අ)
ඉසුරන්දි Saturday, 30 August 2014 12:00 PM
අචාර ධර්මයක් නැති වුණාමත් ඔහොම වැඩ වෙනවා.අපේ රටේ උදවියට ලජ්ජා බය කියන දේ තියන නිසා එහෙම දෙයක් වෙන එකක් නැහැ.(අ)
වජිර Saturday, 30 August 2014 02:05 PM
නිරුවත පෙන්වා ඉල්ලීම් ලබාගැනීම හරිද? (නි)
චමින්ද Saturday, 30 August 2014 10:30 PM
සංවර්ධිත රටක, විශ්ව විද්‍යාල සිසුවියන්ගෙන් 32%, විශ්ව විද්‍යාලයට ගෙවිය යුතු මුදල් සොයාගන්නේ විවිධ වෘත්තින් වල යෙදීමෙන්. (නි)
පිටබැද්දර ජයා Saturday, 30 August 2014 11:27 PM
මේකට වැරදි අර්ථකතන දෙන්න හදන්න එපා. උගත් බුද්ධිමත් මිනිසුන් ජිවත්වෙන රටවල් මේවා.සාමාන්‍ය ජනතාවට හිමි වරප්‍රසාද කාප්පාදු කරනකොට රටේ දේශපාලකයන් ඇහුම්කන් නොදෙනකොට මේ වගේ දේවල් කරනවා. එතකොට දේශපාලකයන්ට ලැජ්ජාව කියන එක දැනෙන්න පටන්ගන්නවා. බලන්න හෙට අනිද්දා වෙනකොට අපිට අහන්න දකින්න ලැබෙයි මේවට සහන ලැබුනා කියලා (නි)
බමුණු ආරච්චි Sunday, 31 August 2014 12:40 AM
දැන් ඉතින් අපේ රටේ අයත් මේක කොපි කරලා මේ වැඩේ කරයිද දන්නෙ නැහැ මනාපය ඉල්ලලා. (නි)
බමුණු ආරච්චි Sunday, 31 August 2014 12:42 AM
ඒ වුණාට අපේ රටේ අයට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නැහැ (නි)
කිරි ගමරාල Saturday, 30 August 2014 05:08 AM
අපේ අයත් පන් ගනීද(අ)
නනී Sunday, 31 August 2014 04:13 AM
පසුගිය දසක තුනක් මම නිතරම නෙදර්ලන්තයට ආව ගිය කෙනෙක් රාජකාරි වැඩවලට. මොනවට මේ දිනවල ලංකාවට අවදා මන්ද ? (අ)
ශාන්ති Sunday, 31 August 2014 06:28 AM
අපරාදේ නේද නැනී ලංකාවට ආවේ (අ)
ජීවන් Sunday, 31 August 2014 09:23 AM
ඉසුරන්දි, ඇතැම් සරසවි සිසුවියන්ගේ ආචාර ධර්ම ලජ්ජා බය ගැන ඔබ දන්නේ නැහැ. මම විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෙක්. අපේ විශ්ව විද්‍යාලයේ අඳුර වැටුන පසු අපි බොහෝ තැන් වලින් අහක බලාගෙන ගමන් කරන්නේ. මේවා ඒ ළමයින්ගේ දෙමව්පියන් දැක්කා නම් ඒ ළමයින්ව කවදාවත් ආයේ එවන්නේ නැහැ. (නි)
ද සිල්වා Sunday, 31 August 2014 09:58 AM
මේ වගේ ප්‍රශ්නෙකදී අපි නම් කරන්නේ පාරක් වහලා, වාහනවලට ගහලා, පොලිසියටත් ගල්ගහලා , අපිත් ගුටිකාලා, ඔලුත් පලාගෙන, හිරෙත් ඉඳලා උසාවි වල රස්තියාදු වෙන එක. (නි)
සිරි Sunday, 31 August 2014 10:09 AM
හැරිසන් එතකොට මෙයා කැත වුනා නම් පව් නැද්ද? (නදී)
හේවාවිතාරණ Sunday, 31 August 2014 12:08 PM
ලංකාවේ මෙවැනි දෙයක් වුනොත් කී දෙනෙක් කලන්තේ දාලා වැටේද දන්නේ නැහැ (නදී)
දිලාන් Sunday, 31 August 2014 03:42 PM
තනි -ඔයා නිකන් පම්පෝරි ගහන්න එපා (අ)
පෙරේරා Sunday, 31 August 2014 07:05 PM
ධම්ම, ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූ අය කරන වැඩ බලන්න ගිහින් නැද්ද ලංකාවේ විශ්ව විද්‍යාලයක් පැත්තේ එහෙම? (නි)
හේවාවිතාරණ Sunday, 31 August 2014 07:11 PM
නංගී, පිස්සු නැතුව නිකන් ඉන්න (නි)
නුවන් Sunday, 31 August 2014 08:27 PM
නංගි, නිකන් මිනිස්සු හිනස්සවන්න එපා (නි)
සංජු Monday, 01 September 2014 12:23 AM
උගත් බුද්ධිමත්කමක් ඇති අය මෙහෙමද හැසිරෙන්නේ? (නි)