දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ ලබන විසි හැවිරිදි සමන්තා පිටෙන්ඩ්රි වනසතුන්ට දක්වන්නේ අසීමිත ඇල්මකි.නිවාඩුවක් ලැබෙන හැම මොහොතකම තමන්ගේ සමීපතම මිතුරු මිතුරියන් කැටුව වනෝද්‍යාන වෙත යාම ඇයගේ විනෝදාංශයයි.
පසුගියදා ඇය දකුණු අප්‍රිකාවේ ලොව සුපතල කෘගර් ජාතික වනෝද්‍යානය වෙත ගියේ ටනිත් හියුමන්, කාමන් ත්වෙල් සහ මිෂෙල් ද ජැගර් යන මිතුරියන් සමඟ වෙනදා මෙන්ම කවදත් දකින්නට ලැබෙන අලි ඇතුන්, සිංහයන්, දිවියන්, සීබ්‍රාවන්, ගිරාෆ් ඇතුළු අනෙකුත් සතුන් දැකගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් එදා සිහිනයකින්වත් දකින්නට නොලැබෙන පුදුමාකාර දර්ශනයක් දැකගැනීමට ඇයට වාසනාව ලැබිණ.
ඉම්පාලා නම්වූ මුව දෙනක තමන් මරාගෙන කෑමට හඹා ආ චීටා රංචුවකින් බේරී මහමඟ නවතා තිබු සංචාරක වාහනයක් තුලට රිංගාගොස් තම දිවි ගලවාගත්තාය.
එම වාහනයේ සිටි පිරිසද මහා වනයට පැමිණ සිටියේ සතුන් දැක ගැනීමේ අරමුණෙනි.
කෘගර් මහා වනය මැදදී චීටා රැළක් ඉම්පාලාවන් පසුපස හඹා යනු ඔවුන් දැක තිබේ. පැයකට කිලෝමීටර් 120 වේගයෙන් දිවීමට සමත්කමක් ඇති චීටා වේගයෙන්ම දිවිය හැකි වන සතා ලෙසට ප්‍රසිද්ධියක් දරයි.
චීටාවන් සහ ඉම්පාලාවන් බොහොගනනක් ඉන්නා අප්‍රිකා වනාන්තරවලදී සිංහයන්, චීටාවන් සහ දිවියන් වැනි මාංශ භක්ෂක සතුන් දඩයමේ යනු මෙන්ම දඩයම් කරනුද දකින්නට ලැබීම එතරම්ම විරල නැත. ඉතින් එදිනද චීටාවන් ඉම්පාලා රංචුව පසුපස එලවා යනු දුටු තමා බලාපොරෙත්තු වෙනදා මෙන්ම චීටාවන් එක ඉම්පාලාවෙකු දඩයම් කරගනු දකින්නටයැයි මේ අපුරු සිදුවීම පිළිබඳව විස්තර කළ සමන්තා පිටෙන්ඩ්රි පවසා ඇත.
මේ සිද්ධිය දෙසා බලාසිටි සියලුම දෙනා සිටි වාහන ඉදිරියෙන් ඉම්පාලා රංචුව පැනගියද එක ඉම්පාලාවකු චීටාවන්ට කොටුවී ඇත. එම ඉම්පාලා පසුපස චීටාවන් තිදෙනෙක් පන්නාගෙන ගියද ඉම්පාලාව ක්ෂණිකව ආපසු හැරී වාහන දෙසට දුවන්නට විය. නිමේෂයකින් ඉම්පාලාවා මහපාරට පැමිණ එතන නවතා තිබු වාහනයට රිංගා ගත්ත්තේය. චීටාවන්ගේ අරමුණ ඉටුකරගැනීමට ඉඩක් නොලැබිණි. ස්ථානොචිත ප්‍රඥාවෙන් ක්‍රියාකළ ඉම්පාලාවා තම ජීවිතය බේරා ගත්තේ චීටාවන්ට කොකා පෙනවමිනි.
බලාපොරොත්තු සුන්වූ චීටාවන් කුසගින්නේ පෙළෙමින් වෙනත් ගොදුරක් සොයා එතැනින් ඉවත්වගිය පසු වාහනයේ සිටි පිරිස ඉම්පාලාවා නැවත වනයට මුදා හළහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුවාගේ මොළේට චීටාටාවා පරදී
නාලක Thursday, 11 July 2013 01:56 PM
අදට බේරුනාට හිටපන්කෝ තෝව මම ආපහු හොයාගන්න, මුන් ටික ගියාට පස්සේ... කිය කියා චීට ආපසු ගියාලු.... (නි)
වරුණ Thursday, 11 July 2013 02:33 PM
එක මුවා පනිනකොට දෙන්නෙක් වෙලානේ (නි)
ගාමිණී-සිරි Thursday, 11 July 2013 02:50 PM
පව් කියලා හිතෙනවා පණ බේරා ගැණීමට මුවා පනින පිම්ම දැක්කහම.ලංකාවේ මුවන් නම් සතුරා සමග සටන් වැදීමට අං තට්ටුව උපයෝගී කර ගන්නවා.අප්‍රිකානු මුවන්ට සතුරාගෙන් බේරීම සඳහා ජීවීතාරක්ෂක අං තට්ටුවක් ලබාදීම වනජීවී නිලධාරීන් වහාම පියවරක් ගතයුතු වේ ! (නි)
රූපවතී Thursday, 11 July 2013 02:53 PM
ඉතාමත් දුර්ලභ දර්ශනයක් (නි)
හේමන්ත Thursday, 11 July 2013 03:15 PM
අනේ හරි හොඳ ඉම්පාලා. ආසයි දෙකකම. (අ)
සිරිමල් Thursday, 11 July 2013 04:08 PM
මෙය අපුරු සිදුවීමක්. දැකගැනීමට ලැබීම හරිම දුර්ලභ දෙයක්. මෙහි වීඩියෝ පටය මෙතනින් බලන්න. ඔබත් ඒ ගැන සතුටුවනු නොඅනුමානයි. http://www.youtube.com/watch?feature=player_embedded (නි)
සනත් Thursday, 11 July 2013 05:37 PM
අපේ අයියෙක් වාහනය එලෙවුවා නම් ඉම්පාලාව ගෙදර ගෙනියනවා (නි)
ආනන්ද ආර් Thursday, 11 July 2013 09:44 PM
මේ සතුන් දිවි රැක ගැනීම පිණිස දිවයන අන්දම ඉතාමත් සංවේදී දර්ශනයක්. මාංශ භක්ෂක සතුන්ට වනයේ අහිංසක සතුන් මරාගෙන කෑම හැර වෙනත් විකල්පයක් නැහැ. නමුත් මෙවැනි දර්ශන දකින මිනිසුන් මෙවැනි අහිංසක සතුන් තුලින් දඩමස් සෙවීම කෙතරම් පිළිකුල් සහගතද? (නි)
ඉන්දු Thursday, 11 July 2013 11:15 PM
අනේ මට ප්‍රශ්ණයක් ආවා මේක කියවලා. ඉම්පාලා කොහොමද වාහනය ඇතුලට පැන්නේ? දොර ඇරලා තිබුණද? ඇරලා දුන්නද? ජනේලෙන් පැන්නද? එතකොට චීටා යනකන් ඇතුලේ හිටපු අය ඉම්පාලා එක්ක කොහොමද හිටියේ? මට තේරෙන්නේ නැහැ (නි)
ප්‍රියා Friday, 12 July 2013 01:05 AM
සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ බායන්ති මච්චුනෝ... " සියලු සත්වයෝ දඬුවමට මෙන්ම මරණයට බිය වෙති ". සම්මා දිට්ඨිය ලැබේවා!( නිවැරදි දැක්ම ) (නි)
නෙත්සිරු Friday, 12 July 2013 02:09 AM
අපේ රටේ මෙහෙම දෙයක් වුනොත් ඉම්පාලා පහුවෙනිදට බයිට් එකට ගන්නවා. ඌට යන්න වෙන්නේ පරලොව.(නදී)
ශානිකා Friday, 12 July 2013 05:16 AM
අපේ අල්ලපු ගෙදර ඉම්පාලාවත් ඔහොම්මමයි .. (නි)
කිත්සිරි Friday, 12 July 2013 07:14 AM
තිරිසන් අපාය කියන්නේ සතර අපා වලින් එකක්. මේක තමයි කියන්නේ එවැනි අපායන් වල සත්වයා නිරන්තර, බියෙන්, තැති ගැන්මෙන්, දුකෙන් (එහෙත් සැපයක් යයි අල්ලාගන) වෙසෙන බව. මෙලොව මනුෂ්‍යයන් වැඩි හරියක් මියගොස් අපාගතවන බව බුදු පියාණන් දෙසා තිබෙනවා. අපි සැප යැයි ගෙන තිබෙන දේ වල දුක්බව සහ නිසරු බව වටහා ගෙන සම්මා දිට්ටියට පත් වීමට උත්සාහ කරමු. (නි)
හේරත් Friday, 12 July 2013 07:21 AM
මට පේන්නේ මේකා ස්ක්‍රී ඉම්පාලාවත්. (නි)
චමී Friday, 12 July 2013 08:45 AM
ශානිකා, ඔයා කියන අල්ලපු ගෙදර ඉම්පාලා පනින්නෙ ඔයාලගෙ ගෙදරට නේද? (නි)
නිලන්ත Friday, 12 July 2013 10:08 AM
මේ ලින්ක් එක බලන්න http://www.youtube.com/watch?v=uD6wdrVFc0g (දී)