X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


මුහුදු සිංහයත් මාළු ගන්න පොලිමේ

ඉක්වදෝරයේ ගලාපගොස් දුපත් සමූහයට අයත් දූපතක් වන සැන්ටා කෘස් හි මාළු ලෑල්ලකට දිනපතා පැමිණෙන පාරිභොගිකයින් අතරේ එක් සුවිශේෂි අයෙකු සිටී.

පසුපස වරලින් සිටගෙන දෙපා සතුන් මැද තම වාරය එනතෙක් බලා සිටින්නේ මුහුදු සිංහයෙකි.

මාළු ලෑල්ලේ හිමිකරු පවසන්නේ තම ‘‘සේවාලාභියා‘‘සංචාරකයින්ට අමුත්තෙකු වුවද අවට වෙසෙන්නන්ට නම් දැන් ඔවුන්ගේම කෙනෙකු වැනි බවයි.

මාළු ලෑල්ල මුහුද අයිනේම පිහිටීම නිසා මේ මුහුදු සිංහයා වැඩි අපහසුවකින් තොරව මසුන් ‘‘මිලදී‘‘ ගැනීම සදහා පැමිණේ.

මේ අපූරු පාරිභෝගිකයාගේ විශේෂම දෙය පෝලිම් නොපැන, මුවින් නොබැන සන්සුන්ව තම වාරය එනතෙක් සිටීමයි.

වාරය පැමිණි පසු මාළු ලෑල්ලේ හිමිකරු නොමිලයේම දෙන මසුන් හා කපා ඉවත් කරන ලද මත්ස්‍ය කොටස් රිසි සේ ගිල දමනා මුහුදු සිංහ තෙමේ කුස පුරවා ගෙන නැවත දියඹට යයි.

 1414431881709_wps_2_This_hungry_sea_lion_beco 1414432256806_wps_11_This_hungry_sea_lion_beco 1414432444862_wps_15_This_hungry_sea_lion_beco 1414432698874_wps_17_This_hungry_sea_lion_beco



අදහස් (0)

මුහුදු සිංහයත් මාළු ගන්න පොලිමේ

සුභද්‍රා Thursday, 30 October 2014 09:17 AM

සුභෝධනී, ඔයාට මොළයක් කියලා නාමයක් නැද්ද?.ඒ තිබුණේ සාප්පු.බාහිරින් රටක තත්වය බලන්න එපා.අනික අපේ රටෙත් සතුන්ට ආදරෙයි. (නි)

:       0       0

සෑම් Wednesday, 29 October 2014 03:22 PM

ගජබා, ශාන්, හිතවතුනි ලංකාවේ පිනට කන අය බලන්න ආස නම් ඡන්දෙ කාලෙට අපේක්ෂකයන්ගේ ගෙවල් පැත්තේ ගිහින් බලන්න ඡන්දෙ අවසන් උනාට පස්සේ පිනට කෑම ජයග්‍රාහී අපේක්ෂකයා විසින් පටන් ගන්නවා (ර)

:       0       0

සෑම් Wednesday, 29 October 2014 03:27 PM

සුබෝදනී, මම කතා කරන්නේ දුප්පත්කම ගැන නොවේ කම්මැලි කම සම්බන්ධව. (ර)

:       0       0

උපාලි Wednesday, 29 October 2014 03:52 PM

වීඩියෝ දසුනක් තිබුනානම් තවත් හොදයි. (ර)

:       0       0

රංජිත් - පැරිස් Wednesday, 29 October 2014 04:50 PM

සුබෝදනී, රටවල් ගැන දන්නා දෙයක් නැත. මෙයා දනවත් ගෙවල් දැකලත් නැත. ඉක්වදෝර් රට අපේ රටට වඩා දුප්පත් එත් රටේ මුළු ජනගහනය මිලියන 08 යි සහ කළින් යටත් විජිතයක්. (ර)

:       0       0

කින් බෙනට් Wednesday, 29 October 2014 05:55 PM

ඉක්වදෝරය කියන්නේ ලෝකයේම ආර්ථික අතින් දුප්පත් රටක් .. නමුත් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් , සුහද බව අතින් ගොඩක් දැනුවත්..ඒ මිනිස්සු බහුතරයක් ඉදිරි අනාගතය වෙනුවෙන් මුදල් ගොඩගහගන්න හැටි කල්පනා කරන්නේ නෑ... ඒ ගැන කල්පනා කරලා දුක්වෙන්නෙත් නෑ ..ගොඩක් සතුටෙන් ඉන්න මිනිස්සු ඉන්න රටක් ..හරියට නිකන් කොදෙවු දුපත් වල මිනිස්සු ඉන්නවා වගේ ගොඩක් සතුටෙන් ඉන්නේ ... ඉක්වදෝරයේ සංචාරයක් ගියොත් ලංකාවේ ඉන්නවා වගේ දැනෙයි .. හැබැයි දුවිලි , මදුරුවෝ නම් හරිම අඩුයි ..හිම වැටෙන පලාතුත් වෙනම තියෙනවා ..මුදු වතුර නම් හරිම සීතලයි ...ගස් කොලන් නම් ලංකාව වගේ ... ගොඩක් තියෙන්නේ ලස්සන මල් පිපෙන ගස් ... කඳුකරයත් හරිම ලස්සනයි ..(අ).

:       0       0

නලින් රත්නායක Wednesday, 29 October 2014 08:31 PM

ඉක්වදෝරය මහා පෝසත් රටක් කියන එකට එකග වෙන්න බැහැ. තෙල් නිෂ්පාදනය අැරුණු විට දකුණු ඇමෙරිකා කලාපයේ කොකේන් නිෂ්පාදනය වගේම මත්ද්‍රව්‍ය ජාවාරමේ තිප්පොළක් ලෙසත් ප්‍රසිද්දයි. නමුත් භෟව්තික ජීවන තත්ත්ව දර්ශකයේ පහලින් ඇති රටක්. (නදී)

:       0       0

දුම්මලසූරිය Thursday, 30 October 2014 04:04 AM

හම සුදු වුණ පළියටම ඒ මිනිස්සු හොඳ වැඩ කරන්නේවත්,හම කළු මිනිස්සු අයහපත් වැඩ කරන්න වත් නැහැ.සුදුවිය යුත්තේ හදවතයි. (නි)

:       0       0

කාන්චන Thursday, 30 October 2014 05:40 AM

ලංකාවෙනම් මේ සතාවත් මරලා මිනිස්සුන්ට විකුනනවා ...... ෂුවර්....(අ).

:       0       0

ප්‍රියදර්ෂනී Wednesday, 29 October 2014 01:26 PM

ලංකාවේ වුනා නම් ඒ උගේ අවසානෙට තමයි ඇවිත් තියෙන්නේ (අ)

:       0       0

ශාන් Thursday, 30 October 2014 08:15 PM

ලංකාවෙත් මේ වගේ දේවල් තියනවා. දැකල ඇති පොලොන්නරුව පැත්තේ කැලේ අලි නගර සබාවේ විසි කරන කුණු කන්න ඇවිල්ල ඉන්න හැටි (නදී)

:       0       0

රසිත් සියඹලාපිටිය Friday, 31 October 2014 06:34 AM

මොනවා වුණත් අහිංසක අලියෙකුටවත් ඉන්න දෙන්නේ නැත්තේ අපේ රටේයි. හැබැයි අපේ රටේ උණුවෙන හදවත් තිබෙන අය ඉන්නවා. සුද්දන්ගේ රටවල් බොහොමයක සත්ව අයිතිවාසිකම් රකිනවා. මෙහෙ ඉතින් මිනිස් අයිතිවාසිකම්වත් නැති තරම්නේ. (නි)

:       0       0

සෑම් Friday, 31 October 2014 01:47 PM

කමෝන් රන්ජිත්. (අ)

:       0       0

සුභෝධනි Saturday, 01 November 2014 09:20 AM

සුන්දර දසුනක්.(හේ)

:       0       0

සුනෙත් හේමන්ත Saturday, 01 November 2014 12:01 PM

දනවත් රටවල් වල මෙහෙම මාළු ලෑලි නෑ. අපේ රටේ ගොඩාක් මාළු ලෑලි වල මාර්බල් අල්ලලා තියෙන්නේ.(හේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 01 November 2014 09:59 PM

සුබෝධිනී වරකාපිටිය නෝනා සුදු හමට දේවත්වයෙන් සළකන පරණ පරම්පරාවේ කෙනෙක්. අපේ වෛද්‍යවරුන්ට කියා ඔබට සුදු හමක් මේ ආත්මයේදීම ලබාගත හැකියි.සිරුරේ චර්මයේ ඇති වර්ණකය ඉවත් කරන එන්නතක් තිබෙනවා.ඔයා සුද්දියෙක් වුණොත් කාටද ආඩම්බර!! (නි)

:       0       0

නිහාල් විතානගේ Sunday, 02 November 2014 12:05 PM

ඉක්වදෝරය මත් ද්‍රව්‍ය ,මිනි මැරුම්,ප්‍රචණ්ඩතත්වයට කප් ගහපු රටක්. අපේ රටේ යම් කාර්යක් ඉටු කරගැනීමට පෝලිමක ඉන්න විට එක්කෙනෙක්, දෙන්නෙක් ඉන්නවා පෝලිමේ නොසිට වැඩේ කරගෙන යන. (නදී)

:       0       0

නිහාල් විතානගේ Sunday, 02 November 2014 12:34 PM

පෝලිමෙන් පනින ටික දෙනාට සතෙකුගෙන් ආදර්ශයක් (නදී)

:       0       0

දිලිප්‍ Wednesday, 29 October 2014 04:23 AM

කට්ටියටම වැරදිලා. ලංකාවේ ගොඩක් අය කන්නේ ණයටනේ ඉතින් (නි)

:       0       0

රූපවතී Tuesday, 28 October 2014 04:33 PM

අනේ පව්! ගිය ආත්මයේ බෝට්ටුවේ ගිහින් මාළු අල්ලපු ධීවරයෙක්ද කියලයි මට හිතුනේ. අනේ අසරණයට තව මාළු ටිකක් වැඩියෙන් දෙන්න.ඒ රටවල මිනිසුන්ගේ ඇති සත්ව කරුණාව සතුන්ට ඉවෙන් දැනෙනා නිසයි මිනිසුන් අතර ගැවසෙන්නේ. ඒකට අපේ ලංකාව? කැලේ ඉන්න අසරණ තලගොයි පැටියාවත් මස් කරනවා (නි)

:       0       0

සුභෝධනී වරකපිටිය Tuesday, 28 October 2014 10:32 PM

සෑම්, ඔයාට පිස්සුද මන්දා? ඉක්වදෝරය මහා පෝසත් රටක් නේද? අපේ දුප්පත් ලංකාවත් එක්ක සම කරන්න බැහැ. ගෙවල් වලින්ම පෙනෙනවා ධනවත් බව. අනික සුදු මිනිසුන්නෙ ඉන්නේ. අපේ රටේ ඕක වුණා නම් මුහුදු සිංහයා මාළු ලෑල්ලෙන් තමා නවතින්නේ (නි)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 29 October 2014 12:17 AM

වටිනා ප්‍රවෘත්තියක්. ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

සමන්ති Wednesday, 29 October 2014 12:38 AM

මෙහෙත් මාළු ලෑලි අසළ කොකුන් වැනි සතුන් සිටිනවා. සමහර සතුන් ලෑල්ලේ මැස්සන්ට එන්න දෙන්නේත් නැහැ. (නි)

:       0       0

ලලිත් Wednesday, 29 October 2014 01:08 AM

සුබෝධිනිගේ කතාව ඇත්ත. ලංකාවේ ඔහොම වුණා නම් පහුවදාට මාළු ලෑල්ලේ මුහුදු සිංහ මසුත් විකුණන්න තියෙනවා. (නි)

:       0       0

රන්ජන් Wednesday, 29 October 2014 01:40 AM

සුභෝධනී වරකපිටිය,නියම කතාව. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 29 October 2014 03:05 AM

මු නම් මහා කම්මැලි සිංහයෙක්! (නි)

:       0       0

ගජබා Wednesday, 29 October 2014 03:40 AM

සෑම්, ලංකාවේ මිනිස්සු පිනට කන්නේ නැහැ. වැඩකරලා තමයි කන්නේ (නි)

:       0       0

සෑම් Tuesday, 28 October 2014 03:20 PM

මේ මුහුදු සිංහයාට ලංකාවේ සම්බන්ධයක් තිබෙන බව පේනවා මහන්සි නොවී පිනට කන්න බලන් ඉඳීම. (ර)

:       0       0

ශාන් Wednesday, 29 October 2014 04:51 AM

සෑම්, ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයිද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 29 October 2014 05:02 AM

මොන දේ වුණත් සුන්දර දසුනක්. අර කියන්නා වගේ අපේ රටේ ඔහොම දෙයක් වුණානම් උගේ කටුවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ.පහුගිය දවසක අර කිරි එළදෙනක් අනතුරකින් මියැදිලා උගේ කුණට වුණ හරිය මතකනේ. (නි)

:       0       0

බෙනට් Wednesday, 29 October 2014 06:46 AM

මොන දේ වුණත් සුන්දර දසුනක්. අර කියන්නා වගේ අපේ රටේ ඔහොම දෙයක් වුණානම් උගේ කටුවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. පහුගිය දවසක අර කිරි එළදෙනක් අනතුරකින් මියැදිලා උගේ කුණට වුණ හරිය මතකනේ (නදී)

:       0       0

මහින්ද - ඉතාලිය Wednesday, 29 October 2014 08:22 AM

සුභෝධනීට වැරදිලා ඉක්වදෝර් වල ඉන්නේ සුද්දෝ නෙමෙයි අපේ පාටට සමාන මිනිස්සු මම දන්නා විදිහට. පොහොසත් රටක් නෙමෙයි... ඒ මිනිස්සු හිතන්නේ අද ගැන විතරයි හෙට ගැන නෙමේ. ලංකාවේ අපි ගොඩක් දේවල් හිතනවා අපිට සදාචාරයක් තියනවා. හෙටක් තියනවා. (ර)

:       0       0

සමීර Wednesday, 29 October 2014 09:21 AM

ඉන්න කට්ටියයි වටපිටාවයි හරියට හැඳල හන්දිය වගෙයි. (ර)

:       0       0

රන්ජිත් Wednesday, 29 October 2014 10:33 AM

සුභෝදිනි මහත්මියට, ඉක්වදෝරය කියන්නේ දකුණු ඇමරිකාවේ තියන දුප්පත්ම රටක්. විශේෂයෙන් ඇමරිකන් කොම්පැනි විසින් මේ රට සුරාකාලා තියෙන්නේ. ඉතාමත්ම දුප්පත් රටක්. (නදී)

:       0       0

දාන් Wednesday, 29 October 2014 10:48 AM

සෑම්/සුභෝධනී වරකපිටිය: ඔය දෙන්නටම තියෙන්නේ අවමානසිකත්වය සහ සුදු උණ. දෙන්නම මහලොක්කෝ වගේ තමුන්ගේ රටට ගරහනවා. දැන් ඒකත් විලාසිතාවක් වෙලා, ඔය මෝඩයෝ දෙන්න දන්නේ නැති උනාට සුද්දෝ මේ අහිංසක සතුන්ව මරනවා ක්‍රීඩාවක් විදිහට. දැකල නැත්නම් බලන්න අන්තර්ජාලයෙන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site