X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


මෙක්සිකෝ කුඩු ජාවාරමා හිරෙන් පනී

අවුරුදු ගණනක මෙහෙයුමකින් පසු අල්ලා ගැනුණු මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ජොකුයින් එල් චැපෝ සිරගත කර සිටි ඇල්ටිප්ලැනෝ සිරගෙදරින් පැනගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චැපෝ සිරගතකර ගතව තිබුණේ මාස 16 ක් වැනි කාලයකි. ඔහුගේ ගැලවීමේ මාර්ගය වී ඇත්තේ සිරකුටියේ නාන කාමරයේ සිට පිටතට විහිදෙන උමගක් බව එම වාර්තාවන්ගේ වැඩිදුරටත් සදහන් වේ.

මේ උමග කැණීමට ඔහුට පිටතින් උදවු ලැබී ඇති බවට ලකුණු පෙනෙන්නට තිබෙන බව මෙක්සිකෝ බළධාරීන් පවසන අතර උමගට විදුලි ආලෝකය සපයා තිබුණු බවත්,හදිසි අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගැනීමට ඔක්සිජන් ටැංකි පවා එහි තබා තිබුණු බවත් ඔවුන් කියයි.

එල් චැපෝ එදා මෙදාතුර මෙක්සිකෝවේ බිහිවූ දරුණුතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැළකෙන අතර ඔහුගේ සිනලෝආ කල්ලියේ කි‍්‍රයාකාරකම් නිසා මෙක්සිකෝවට අහිමිව ඇති ජීවිත සංඛ්‍යාව 100,000 ඉක්මවයි. තමන්ට එරෙහිව කටයුතු කරන්නන්ට ඉතාම ම්ලේච්ඡ ලෙස දඩුවම් දීමට කටයුතු කරන්නෙකු ලෙසද එල් චැපෝ නමක් දිනාගෙන සිටින්නෙකි.

පෙර අවස්ථාවක සිරගත කර සිටියදී ඔහු මෙලෙසම පලා ගියේය. සිරගෙදර සිටි ආරක්ෂක නිළධාරීන් කිහිපදෙනෙක් ඔහුගේ මුදල් වලට ගිජුවී කටයුතු කර ඇතැයි පසුව අනාවරණය විය.

එල් චැපෝගේ කි‍්‍රයාකාරකම් ඇමරිකාවටද මහත් හිසරදයක්වූ අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා එරට බළධාරීන් ද නොයෙකුත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේය.

එල් චැපෝ සිටින්නේ කොතැනදැයි සොයාගැනීමට මේ දක්වාම නොහැකිව ඇත. තවත් වසර ගණනාවක් යන තෙක් ඔහුගේ ලකුණකුදු දක්නට නොහැකිවුවහොත් එහි පුදුමයක් නැත.

2A7B347900000578-3157960-image-a-10_1436744308962[1] 2A76A04600000578-3157960-On_the_run_Joaquin_Guzman_Loera_pictured_in_a_mugshot_last_year_-m-66_1436726171056[1] 2A78330700000578-3157960-image-m-33_1436714126579[1] article-urn_publicid_ap

 

 

 



අදහස් (0)

මෙක්සිකෝ කුඩු ජාවාරමා හිරෙන් පනී

චන්දන Monday, 13 July 2015 07:18 AM

අපේ පොලිසිය ආදර්ශයට ගන්න කියන්න. ඔය වගේ කෙනෙක් අත්අඩංගුවට ගත්තහම සගවපු ආයුධ හොයන්න එක්කගෙන යන්න.(ම)

:       0       0

ඉසුරන්දි Monday, 13 July 2015 07:34 AM

ලෝකේ තාක්ෂණික අතින් කොච්චර දියුණු වුනත් වැඩක් නැහැ මේ වගේ දේවල් සිද්ධ වෙනවනම්. (බ)

:       0       0

සමීර Monday, 13 July 2015 07:38 AM

ප්‍රිස්න් බ්රේක් ඊළඟ කතාව (බ)

:       0       0

පෙරේරා Monday, 13 July 2015 08:56 AM

අහුවුණොත් හිරෙන් පැනපු බවක් මතක නැහැ කියයිද දන්නේ නැහැ නේද???(ම)

:       0       0

සංජීව Monday, 13 July 2015 11:12 AM

ලංකාවේ ඡන්දෙට එන්නද දන්නේ නෑනේ (බ)

:       0       0

වජිරපාල Monday, 13 July 2015 06:35 PM

පුුදුමාකාර දක්ෂයෙක්! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 13 July 2015 06:35 PM

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිවුවලු නේද? (නි)

:       0       0

සමන් Tuesday, 14 July 2015 01:40 AM

සල්ලි වලට යටවෙන අය සිටිනාතුරු මෙවන් දේවල් සිදුවේවි (නි)

:       0       0

ගමගේ Tuesday, 14 July 2015 02:09 AM

ඔය මත් ජාවාරම නවත්වන්න බැහැ. හොඳට බලන්න ඔය ජාවාරමේ නායකත්වයේ ඉන්න අය ඕවා පාවිච්චි කරනවද කියලා. නැහැ නේද? සාමාන්‍ය අය විතරයි පාවිච්චි කරන්නේ. කොතනින්ද මේක නවත්වන්න පටන් ගන්න පුළුවන් කියලා ඕනෑ අත දරුවෙකුට වුණත් තේරෙනවා. පාරිභෝගිකයන් පිරිසක් ඉන්නවා නම්, ඉල්ලුමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම සැපයුමක් ඇතිවෙනවා. (නි)

:       0       0

යහම්පත් Tuesday, 14 July 2015 07:50 AM

දකුණු ඇමරිකානු රටවල රජයෙන් නිලධාරීන්ගෙන් මේ මත් කුඩු ජාවාරම් වලට උදව් ලැබෙනවා. එමගින් එම රටවලට විශාල විදේශ මුදල් එනවා. මේ පැන යාමට රජයේ බලවත් අයගේ උදව් ලැබී තියෙන්න පුළුවන්. ලෝකයේ සෑම රටකම බලවත් දේශපාලකයන්ගේ අනුදැනුම උදව් නිසා තමා එම රටවල මත් ද්‍රව්‍ය ජාවාරම් කෙරෙන්නේ. උදාහරණයකට අපේම රට ගන්න (නදී)

:       0       0

මාපලගම පත්මා Tuesday, 14 July 2015 07:53 AM

ගමගේ මහතාගේ කතාව මසුරන් වටිනවා , පාරිබෝගකයින් නැතිනම් මේවා නවතිනවා , මිල පහල ගොස් ඉබේම වෙළදාම නවතිනවා . (ස)

:       0       0

දිසා Thursday, 16 July 2015 01:25 AM

මෙය ෂුවර් එකටම ලංකාවේ හිටපු ලොකු අයත් එක්ක සම්බන්ද කම් ඇති , ඒකනේ මෙයා පැන්න ගමන් , ඒ හයිය හිතට අරන් අපේ හිටපු ලොක්ක ලේකම්ගේ මූණට සැලකුවේ , (ස)

:       0       0

දුමින්ද Thursday, 16 July 2015 08:37 AM

කුඩු ග්‍රෑම් 6 කට හිර බත් කන වෙලේ සුදා අහිංසකයෙක් නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site