ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (16) කැන්ගරුවකු කඩා වැදීම නිසා මහා කලබලයක් හටගත් අතර, ගුවන් තොටුපොළෙන් අඩක් පැය කීපයකට වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය.
ඕස්ටේ්රලියාවේ ජාතික සත්වයා කැන්ගරුවාය. ක්ෂීරපායී පැසිපොව්වකු වන කැන්ගරුවා අහිංසක සත්වයෙකි.
කැන්ගරුවා ගුවන් තොටුපොළ මගී පර්යන්තයට කඩා වැදී ඇත්තේ ගුවන්තොටුපොළ අද්දර පිහිටි වනාන්තරයෙනි.
කැන්ගරුවා දුටු මගීන් මවිතයටත් භීතියටත් පත් වූ අතර, මගීන් දැකීමෙන් කැන්ගරුවා ඊට වඩා භීතියටත් කලබලයටත් පත් වී ඇතැයි ඕස්ටේ්රලියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
පැය කිහිපයක මෙහෙයුමකින් පසු, වන ජීවී නිලධාරීන් වහා මැදිහත් වී, කැන්ගරුවා නිර්වින්ඳනය කර ගුවන් තොටුපොළෙන් රැගෙන ගිය බව ඕස්ටේ්රලියානු පුවත් සේවා වැඩිදුරටත් කියා සිටියේය.
![]() |
කැන්ගරුවා නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් පසු ... |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙල්බර්න් ගුවන්තොටුපොළට කැන්ගරුවෙක් කඩා වැදිලා
හිල්ම් Thursday, 17 October 2013 01:48 PM
ඕස්ටේ්රලියාවේ කැන්ගරුවකු කඩා වැදීම මට නම් අලුත් දෙයක් නොවේ, ඔටුවෙක් කඩා වැදුනා නම් හිතන්න වෙනවා. (අනේ මටත් හිතෙන දේවල්) (ස)
චමත් [ලංකාව] Saturday, 19 October 2013 06:04 AM
හිල්මි ,ඔබ ඔටුවෙක් ගැන කියපු නිසා කැන්ගරුවන්ට සම්බන්ධ නැති වුණත් මේ කතාවත් කියන්නම්. ලෝකයේ සිටින වාසනාවන්තම ඔටුවන් සිටිනුයේ ඕස්ට්‍රේලියාවේය. දෙවැනි ලෝක යුද්ධ සමයේ මැදපෙරදිග රට වලින් ඔටුවන් ඕස්ට්‍රේලියාවට ගෙනවිත් ඇත. මේ ඔටුවන් වාසනාවන්තයි කියනුයේ ඕනෑ තරම් බීමට ජලය ඇත.ආහාර සදහා ගහකොළද එසේමය. නමුත් උතුරු ප්‍රාන්තයට [ඩාවින්] මොවුන් මහා විශාල කරදරයකි. ඔටුවන් දුරස්ථ ප්‍රදේශ වල ඇති නිවාස වලට ඇතුළු වී එහි ඇති ආහාර ද්‍රව්‍ය හොරෙන් කෑමටත්, එම නිවාස වලට අලාබහානි කිරීමටත් පටන්ගෙන ඇත. මොවුන්ගේ බෝවීමද, තිබෙන සැප සම්පත් නිසා, ඉතා වැඩිය.ප්‍රාන්ත රජය මේ සතුන්ට වෙඩි තබා මරා දැමීමට කැමති නැත. ඕස්ට්‍රේලියනුවෝ එවැනි මරණ වලට කැමති නැත. දැනට අවුරුදු දෙකකට වාගේ ප්‍රථම ඉන්දුනීසියාවට හරකුන් අපනයනය කිරීමද රජය අත්හිටවුයේ ඒ නිසාය. ඉන්දුනිසියනුවෝ හරකුන් මරන්නේ ලංකාවේ ක්රමයටය. ඕස්ට්‍රේලියානුවෝ ඉන්දුනීසියානු මස් මරන්නන්ට සතෙකු වේදනාවට පත් නොකර මරණා ආකාරය පිළිබදව දැනුවත් කර ඇත. නවීනතම උපකරණ ලබාදී ඇත. නමුත් ඉන්දුනිසියානුවන්ට ටික කලකින් එම ක්‍රමය අමතක වී යයි. හරියට ලංකාවේ අපිට යම් කිසිදෙයක් අමතක වන්නාසේය. (නි)
චමින්ද Friday, 18 October 2013 08:54 PM
කන්ගරුවන්ව මැරීමට අවසර දී තිබෙන්නේ උන්ගේ ප්‍රමාණය සීඝ්රයෙන් වැඩි වෙන නිසාය. නමුත් ඕස්ට්‍රේලියානුවන් කැන්ගරු මස් කනවා බොහොම අඩුයි. එයට හේතුව එම මස් වලින් ඉතා අමිහිරි දුර්ගන්ධයක් පැතිරීමයි. (නි)
ගුණරත්න Friday, 18 October 2013 03:45 AM
විපක්ෂය මොනවද දන්නේ නැහැ කියන්නේ මේ ගැන. (නි)
කර්ත්ලිස් Thursday, 17 October 2013 10:28 PM
කන්ගරුවට පිස්සු හදිලාද කොහෙද, අනේ මටත් හිතෙන දේවල් මේ නාකි වයසට කර්ත්ලිස් අප්පුහාමි (දී)
අමිතා මාදව Thursday, 17 October 2013 08:18 PM
ජාතික සත්ත්වයා මරාගෙන කන්න නීතියෙන්ම තියෙන රට .(නදී)
අමාලි සිල්වා Thursday, 17 October 2013 03:52 PM
අපේ ගුවන් තොටුපලට එක්තරා කාලෙක කොටි වගයක් ඇවිත් ලොකු කලබලයක් තිබ්බා. කොටි එහෙ මෙහෙ දුවද්දී අපේ ගුවන් යානා 3ක් ගිනි අරන් තිබ්බා . කැන්ගරුව අහිංසක සතා . කොටියා වගේ නෙමේ (ස)
දුම්මලසූරිය Thursday, 17 October 2013 02:37 PM
සතා සිවුපාවා ගහකොළ ඇතුළු ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනකොට ඔය වගේ සිද්ධි වලට ඉඳලා හිටලා හරි මුහුණ දෙන්න සිදුවෙනවා...ඒකයි ඇත්ත. (ස)
නිතූ Thursday, 17 October 2013 02:37 PM
අහිංසක සත්ව වර්ගයක්. (ස)
චමත් [ලංකාව] Thursday, 17 October 2013 02:23 PM
මේ වගේ, කැන්ගරුවෙක් අඩු වසයෙන් අවුරුද්දකට වතාවක්වත් මෙල්බෙන් ගුවන්තොටුපලේ යම්කිසි ඇබැද්දීයකට ලක් වෙනවා. ගුවන්තොටුපලෙන් පිටත ඇත්තේ මුඩු බිම්. මේ සතුන් එහි ඇති කම්බි වැටකින් කොහොම හරි රිංගා මේ පැත්තට පැන ගන්නවා. ගිය වර කැන්ගරුවාව අල්ලා ගැනුනේ රථ ගාලක සිටයි. (ස)
රුහුණු Thursday, 17 October 2013 02:21 AM
මෙන්න පේනවා නේද ඕස්ට්‍රේලියාවේ වෙන දේවල්? අපේ මත්තල ගුවන්තොටුපලට කුරුල්ලෙක් දෙන්නෙක් ආවම තමයි කාට කාටත් හරිම අමාරු. (නි)
කරාපිටිය ජයලත් Thursday, 17 October 2013 12:38 PM
මොන සතාටත් වඩා බයානක හැකරැල්ලා . ඌ ආවොත් ගුවන් යානය උස්සන් යන්නේ. (ස)
ඉන්දු - මෙල්බන් Thursday, 17 October 2013 12:17 PM
රුහුණු, ඔය කියන කුරුල්ලෙක් දෙන්නෙක් බැරි වෙලාවත් ගුවන් යානයේ ටර්බයින් එකක් ඇතුලට ගියොත් ගුවන් යානය බිම ! (ස)
ඉන්දු - මෙල්බන් Thursday, 17 October 2013 12:13 PM
සුනිල් චන්ද්‍රට පිරිමි ළමයා දැක්කම මොකද හිතෙන්නේ .... (ස)
සංජීව Thursday, 17 October 2013 11:57 AM
අනේ සුනිල් චන්ද්‍ර ,,,,, ඔහෙලා වගේ අය හින්දා තමයි ලංකාවේ සදාචාරය බල්ලට ගිහිල්ල තියෙන්නේ. (ස)
කුමාරි Thursday, 17 October 2013 10:58 AM
ලෝකෙ වටේ හැමෝම ඕස්ට්‍රේලියාවට එන නිසා මේ සතාට වෙන රටකට යන්න හිතෙන්න ඇති අනේ.ඒකයි ගුවන් තොටුපලට ඇවිත් තියෙන්නෙ. (ස)
ලුම්බිණි Thursday, 17 October 2013 10:08 AM
මේ කැන්ගරුව තුවාල වෙලා හිටියේ. ඇල්ලුවේ ගුවන් තොටුපොළ තුල තිබු ෆාමසියක් ඇතුලෙදි. (ස)
සුනිල්චන්ද්‍ර Thursday, 17 October 2013 09:33 AM
අනේ මේ ගැහැණු ළමයව දැක්කම මටත් කැන්ගරුවෙක් වෙන්න ඇත්නම් කියලා හිතෙනවා. (නි)
හසරැල් Thursday, 17 October 2013 06:46 AM
කුරුල්ලෝ ගුවන් තොටුපලකට එන එක භයානකයි, පොළොවේ යන සතෙක් පර්යන්ත වලට එන එකට වැඩිය. කුරුල්ලෝ ගුවන්යානා වල වැදුණහම ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒකයි කුරුල්ලෝ එන එක ප්‍රශ්නයක් වෙන්නේ. පොළොවේ යන සතෙක් ඉන්න එකත් ඒ වගේම භයානකයි. හැබැයි පොළොවේ යන සත්තු පර්යන්ත වලට ආවහම දෙකෙන් එකක් බේරගන්න පුළුවන් හින්දා අරතරම් භයානක නැහැ. (නි)
පොනිල් Thursday, 17 October 2013 05:18 AM
ඒකනේ අපි කියන්නේ... (නි)