වැසිකිළි අපද්‍රව්‍ය ගෙනයන නළයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට උතුරුදිග චීනයේ ගිනි නිවන භටයෝ පිරිසක් සමත්වුහ.
ප‍්‍රදේශවාසීන් ප‍්‍රදේශයේ වැසිකිළි අපද්‍රව්‍ය ගෙන යන නළයෙන් බිළිදෙකුගේ ඇඩුම් හඩක් ඇසෙනවායැයි පැමිණිලි කිරීම නිසා එතැනට පැමිණි ගිනි නිවන භටයන්ට අගල් 4 ක් පමණ විශ්කම්භයකින් යුතු වූ නළයේ සිරවී සිටි බිළිදා සොයාගැනීමට හැකිව ඇත.
නළය කපා බිළිදා පිටතට ගෙන ඇති ගිනි නිවීමේ භටයන් මලපහ වලින් නැහැවී සිටි බිළිදා මියගොස් ඇතැයි සිතුවද එක්වරම බිළිදා මහ හඩින් හැඞීමට ගෙන ඇත්තේ සියලූදෙනාවම අස්වසමිනි.ඔවුන් වහ වහා බිළිදා රෝහලක් කරා ගෙන ගොස් තිබේ.ජීවිතයත් මරණයත් අතර සටනක සිටි බිළිදා දැන් ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටින බව සදහන්ය.පිරිමි දරුවෙකු වන බිළිදා මේ වන සියලූ දෙනාගේ ආදරයත් අනුකම්පාවත් දිනාගැනීමට සමත්ව ඇත්තේය.
ප‍්‍රදේශයෙන් පළා ගොස් සිටින බව පැවසෙන තරුණ යුවළක් සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.ඔවුන් පදිංචිව සිටි නිවසේ වැසිකිළිය අපද්‍රව්‍ය ගෙනයන ප‍්‍රධාන නළයට සම්බන්ධ වන ස්ථානය ආසන්නයෙන්ම බිළිදා සොයාගැනීමට හැකි වීම ඔවුන් දෙසට සැකය එල්ල වීමට තවත් හේතුවකි.සැක කෙරනා ආකාරයට ඔවුන් දෙදෙන බිළිදා උපන් විගස වැසිකිළියට දමා ‘‘සෝදා‘‘ හැර ඇත.ගිනි නිවන භටයන්ට බිළිදා හමුව ඇත්තේ නළයේ නැම්මක් අසල සිරව සිටියදීය.නැම්ම වන තෙක් මිීටර කිහිපයක දුරක් බිළිදා ගසාගෙන විත් ඇති බව පොලිසිය කියයි. එම නළය කියත් වලින් කපා බිලිඳා එළියට ගෙන ඇත.
දෙමව්පියන් වහා සොයාගෙන ඔවුනට දැඩි දඩුවම් ලබා දිය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙහෙමත් අම්මලා
ගාමිණී-සිරි Wednesday, 29 May 2013 12:11 PM
මොනවා කීවත් අපේ අම්මලා චීන්නු වගේ ගඳ වැඩ කරන්නේ නැහැ.පාලම්,බෝක්කු යට ,කැලේකට තමයි දමන්නේ. එක්කෝ මුලදීම ගොඩ වෙදෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා (නි)
සමරකෝන් Wednesday, 29 May 2013 12:21 PM
පොඩි පුතාට දළදා සමිදු සරණයි. පුතාට ඉක්මන් සුවය ! (ස)
රුවන් Wednesday, 29 May 2013 12:58 PM
හිතාගන්නත් බැහැ මේ දරුවා බේරුනේකොහොමද කියලා. කුඩා දරුවන්ව දෙවියෝ ආරක්ෂා කරනවා කියන්නේ ඇත්තතමා.මෙම දරුවාට බුදුසරණයි. දෙවි පිහිටයි. (ස)
මාධව Wednesday, 29 May 2013 01:07 PM
පුදුම තිරිසන් ලෝකයක්... කියන්න තියෙන්නේ මෙච්චරයි. ''සිතෙන් සිතක රඳනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාග විෂ උනුන් නසාලන අසිරි බලන්නට වඩිනු මැන නිදුකාණනේ...“ (ස)
දිසානායක Wednesday, 29 May 2013 02:22 PM
මට වෙන කියන්න දෙයක් නැහැ. තිරිසන්නුත් තමන්ගේ පැටියට ආදරෙයි.(ස)
කුමාරසිංහ Wednesday, 29 May 2013 02:31 PM
ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිට ලැබෙන්න ඕනේ නොදරුවට බුදු සරණින් සුවය ලැබේව..(ස)
චන්දා Wednesday, 29 May 2013 02:53 PM
නියම බොදුනුවන් සිතන පතන කියන හැටි යම් සිදුවීමක් දෙස බලා සානුකම්පිත වන අයුරු මේ අගරු සිදුවීමට දමා ඇති අදහස් තුලින් දකින්න ලැබුනා (නි)
හසන්ති Wednesday, 29 May 2013 02:50 PM
අම්මා කියන්නේ බෝසත් චරිතයක්. මෙහෙම් කට්ටියට කියන්න නමක් නැහැ (දී)
නිල්මිණී Wednesday, 29 May 2013 02:54 PM
වාසනාවන්ත පුතෙක්, ඔබට පුතේ සියලු ආගම වල පිහිට ලැබේවා.ඔබ කවදාහෝ මෙලොව රජකමට සුදුසු වෙයි. (ස)
ඉන්දික Wednesday, 29 May 2013 04:35 PM
දරුවට බුදු සරණයි. දෙමාපියෝ දෙන්නට දැඩ් දඩුවම් දෙන්න ඕන.(ස)
රංදි Wednesday, 29 May 2013 05:18 PM
මටත් දින 8ක් වයස දූ පොඩ්ඩක් ඉන්නවා! මේ නිව්ස් එක කියවන්න තියා දකින්නත් හිතට පිළිකුල්. මොන හිතකින්ද දෙවියනේ ගැහැනියක් වැදූ තම දරුපැටව්, විසිකරන්නේ ?මරන්නේ ?ලිදට දමන්නේ? ඒ කිරි සප්පයා කුරුළු පැටියෙක් වගේ මිනිස් කටහඩ ඇසෙන විට කට ඇරගෙන, කියන්න දන්නේ , බඩගිනියි කියල පමනයි. කිරිදරුවෙකුට කොපමණ අම්මෙකුගේ රැකවරණය අවශ්‍යද? මගේ දරුවා දකින හැම වෙලේම මම හිතින් කියන්නේ අනේ දෙවියනේ ලෝකේ හැම ගැහැනියෙකුගේම, අම්මෙකුගේම හදවතේ, දරු සෙනේහය වැඩේවා කියලා. මගේ දියණිය දකින විට මට දැනෙන දරු සෙනේහය කියන්න මට සිංහල හෝඩියේ අකුරු මදි.(නදී)
චන්ද්‍රසිරි Wednesday, 29 May 2013 07:25 PM
දරුවාගේ ජීවිතය බේරාගත් සියලුම දෙනාට පින්සිදු වෙනවා.(නදී)
අමිල Wednesday, 29 May 2013 09:28 PM
අම්මලා කියලා කියන්න පුලුවන්ද මෙහෙම අයට (දී)
ෂෙරිෆ් Wednesday, 29 May 2013 11:04 PM
සුර දුතයන් ඇවිත් පුතුගේ වටේ ඇත විමසිල්ලෙන්, මම එහෙම කිවුවේ දරුවා බේරාගත් අයට. (නි)
ෆාස්ලී Wednesday, 29 May 2013 11:18 PM
දෙවියන්ගේ පිහිටයි! (නි)