කළු සල්ලි සුදු කිරිමට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා එල්ල වූ මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සමාගමේ පරිගණක තාක්ෂණික ක්‍රියාකරුවෙකු දත්ත විශාල ප්‍රමාණයක් අනවසරයෙන් පිට කළැයි කියමින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගියදා ප්‍රසිද්ධියට පත්වූ පැනමා දත්තා පිටවීම සම්බන්ධයෙන්දැයි මෙතෙක් තහවුරු වී නොමැත.
එම ආයතනය විසින් නීති නිලධාරීන් වෙත තොරතුරු ලබා දීමෙන් අනතුරුව ඔහු ජිනීවා කාර්යාලයේදී අත් අඩංගුවට ගනු ලැබිණි.
ඔහුට දත්ත සොරකම් කිරීම, අනවසර ජාල ඇතුළුවීම හා විශ්වාසය කඩකිරීම යන චෝදනා එල්ල වී තිබේ.
එම සමාගමෙන් පිටවූ දත්ත අනුව කළු සල්ලි තැන්පත් කළ බව කියන දේශපාලන නායකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ නම් ගම් ගවේෂනාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව පසුගියදා හෙළි කළේය.
එම ලියවිලි වල කිසිම නීති විරෝධී භාවයක් නොමැති බවත් සිදුවූ සියල්ල නිත්‍යානුකුලව සිදුවූ බවත් මොසැක් ෆොන්සේකා සමගම පවසයි.
ජිනීවා නීති කාර්යාලය පැනමා හෙලිදරව්ව සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ දී අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ අතර මැයි මාසයේදී එම ක්‍රියාන්විතය සිදු කළ ගවේෂණාත්මක මාධ්යවේදීන්ගේ ජාත්යන්තර සංසදය එම මෙහෙයුම අනාවරණය කළේය. කෙසේ වෙතත් ඔවුන් සමග මෙම මෙහෙයුමට මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයෙකුද රහසිගත ලෙස තොරතුරු සපයා එම ලිපිගොනු ලබාගැනීමට එම මාධ්‍යවේදීන්ට සහය දක්වා තිබිණි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයෙක් අත්අඩංගුවට