ලෝකයේ ප්‍රසිද්ධම බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි අද (4) අභාවප්‍රාප්ත විය.
ඔහු ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාර්කින්සන් නම් රෝගය නිසා ප්‍රතිකාර ලැබූ ඔහු ශ්වශන අබාධයකින්ද පෙළුණු බව ද සදහන් වේ.
ඇමෙරිකා ජාතිකයෙකු වන ඔහුගේ මුල් නම කැෂියස් මාසලස් ක්ලේ ය. පසු කාලීනව කැෂියස් ක්ලේ නම ඉවත් කර මොහොමඩ් අලි නමින් ඉස්ලාම් ආගමිකයෙකු බවට පත්විය.
ඔහු මොහොමඩ් අලි යන නම බොක්සිං ක්‍රීඩාවට උරුම කළේය. ඔහු 1960 දී රෝමයේ ලෝක බොක්සිං ශුරතාවය දිනාගෙන තම අනසක පැතිරවීම ආරම්භ කළේය. එමෙන්ම තවත් අවස්ථා හතරක දී ලෝක බොක්සිං ශුරතාවලි ජයගනිමින් බොක්සිං ලෝකයේ ශ්‍රේෂ්ඨතමයා බවට පත් විය.
තරග 61කින් 56ක් ජයගත් හෙතෙම 1981 දී විශ්‍රාම සුවය විදීමට ක්‍රීඩාවෙන් සමු ගත්තේය.
ඔහු බොක්සිං ශුරයෙකු මෙන්ම වර්ගවාදය වැලැක්වීම සදහා සටන් කළ මානව හිමිකම් ක්‍රියාකරුවෙකු ද විය. 2012 ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරඟාවලිය ආරම්භ කිරීම සඳහා ඔලිම්පික් පහන ද දැල්වීමට ද එක් විය.
ඇමෙරිකා වියට්නාම් යුද්ධයට සහය පල නොකිරීම හේතුවෙන් ඔහුට සිර දඩුවම් විදීමට ද සිදු වූ අතර ඉන් බොක්සිං ක්‍රීඩාව ද තහනම් වූ හෙතෙම සිර දඩුවමින් නිදහස් වූ පසු නැවත තම කිර්ති නාමය ලබාගැනීමට සටන් කළේය.
ඉන් පසු ඔහු ලොව ප්‍රසිද්ධ තරුවක් වීම සදහා සුවිශේෂී තරග රැසකට සහභාගී විය.
ලෝක බොක්සිං ශුරයා මිය යන විට වයස 74 පසු කරමින් සිටියේය.
අවසන් කටයුතු ඔහුගේ උපන් නගරය වන ලුයිස්විල් නගරයේදී සිදු වෙනු ඇතැයි සදහන් වේ.'
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මොහොමඩ් අලි අභාවප්‍රාප්ත වෙයි
ධම්ම Sunday, 05 June 2016 04:22 AM
නිවන් සුව අත්වේවා! (නි)
නුවන් Sunday, 05 June 2016 07:46 AM
සමනලයෙකු මෙන් පාවෙන, මි මැස්සෙකු මෙන් විදින අසහාය බොක්ෂින් සුරයාට සමු දෙමු .(හේ)
අබය Sunday, 05 June 2016 08:34 AM
මුළු ලෝකයම දිග්විජය කළත් ජීවිතය ජයගැනීම ලෙහෙසි නැත... (නි)
අර්නෙස්ටෝ Sunday, 05 June 2016 11:53 AM
නුවන්, මමත් ඔබගේ මතයේම සිටිමි. ඔබ ලියූ දේ නියමයි (නි)
මෝහමෙඩ් ෆාරුක් Monday, 06 June 2016 08:50 AM
ස්වර්ගයේ සැතපේවා! (නි)