තම මෝටර් රථයත් සංසාර ගමනට එක්කර ගැනීමට සැරසෙන්නෙකි, බ්‍රසීල ජාතික ව්‍යාපාරික කවුන්ට් ස්කාර්පා.
අතීතයේ ඊජිප්තුව පාලනය කළ පාරාවෝවරුන් මරණින් මතු ජීවිතයේදීත් සැප ලැබීමට තම තමන්ගේ වස්තූ ‘මිහිදන්‘ කළාක් මෙන් කවුන්ට් ස්කාර්පාද සැරසෙන්නේ තම මරණින් මතු භවයේදී ‘පැදවීමට‘ හැකි වන සේ තම වටිනා මෝටර් රථයටත් මිනී වළක් උරුම කර දීමටයි.
ඛෙන්ට්ලි නම් සුපිරි මෝටර් රථ වර්ගයට අයත් මෙම මෝටර් රථයේ වටිනාකම පවුම් තුන් ලක්ෂයකි.
මෙවන් අදහසක් පහළ වූයේ ඇයිදැයි විමසූ කල්හි ස්කාර්පා පිළිතුරු දී ඇත්තේ තමන් මෑතකදී නැරඹූ පාරාවෝවර්න් පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ඊට හේතු වූ බවයි.
‘මගේ වස්තුව ඛෙදා දෙන්න කිසි කෙනෙක් නැහැ.ඉතින් මේ විදිය හොඳයි කියලා මට හිතුනා. මගේ දේ මම යනවත් එක්කම අරගෙන යන එකයි හොඳයි‘ යැයි ඔහු පවසයි.
පරම්පරාවෙන් උරුම වුණු ධනයත් ස්වෝත්සාහයෙන් ගොඩනැඟූ වෙළද ව්‍යාපාරත් අයත් ස්කාර්පා ප්රාකෝටිපතියෙකි.අතට පයට ඔහුට කිසිත් අඩුවක් නැත.නමුත් දෙවරක් විවාහ වී සිටින ඔහුට වස්තුව ඛෙදා දීමට දරුවෙක් හෝ ළග ඥාතියෙක් හෝ නැත.ධනයෙන් ආඪ්‍ය වූවත් ස්කාර්පාගේ තනි රැකීමට සිටින්නේ ඔහුගේ සුරතල් ගිරවා පමණකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෝඩකමට බේත් නැත
අසෝක Sunday, 22 September 2013 12:22 PM
මේක දැක්කම මට හොඳ කතාවක් මතක් වුණා. එක පෝසත් මිනිහෙක් වයසට ගියාම හිතුවලු මම මැරුනොත් මේ ගෑනී තව කසාදයක් කරගෙන මගේ සල්ලි වලින් සැප විදියි,මම මොකටද ඒකට ඉඩදෙන්නේ කියලා. ඉතින් අන්තිමට යාළුවෙක් ගෙන්නලා යාලුවා ඉදිරිපිට ගැනිට කිව්වලු මම මැරුණම මගේ සේරම බුදලේ විකුණලා ඒවා මගේ පෙට්ටියට දාන්න කියලා. ඉතින් මිනිහා මැරිලා හත්දවසේ දානේ දුන්නට පස්සේ ඇහුවලු යාලුවා කියපු විදියට ඒ වස්තුව දැම්මද කියලා. ගැනී කිව්වලු අනේ ඔව් මම සේරම බුදලේ විකුණලා චෙක් එක පෙට්ටියට දැම්මා. එයාට එහෙදි ඒක මාරු කරගන්න පුළුවන් වුණාද දන්නේ නැහැ කියලා. (නි)
දුමින්ද Saturday, 21 September 2013 07:59 AM
ලංකේෂ්,මෙයාගේ රටත් දුප්පත්. (නි)
ශානිකා Saturday, 21 September 2013 10:17 AM
එයා දරුකමට හදාගන්න කෙනෙක් හොයන්නෙ නැද්ද දන්නෙ නැහැ?එහෙම හෙව්වොත් අනේ මාව එයාට හදුන්වලා දෙන්න.හැබැයි තනි බුදල උරුමක්කාරයා මම වෙන්න ඕනෑ. (නි)
බණ්ඩාර Saturday, 21 September 2013 10:53 AM
පොල් පැළයක් හිටවන්න කපපු වළක් වගේ (නි)
මාමා Saturday, 21 September 2013 11:11 AM
මේ, ඔයා අර ශානිකා ද? (නි)
දර්ශන් Saturday, 21 September 2013 11:36 AM
මෙයාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැද්ද?කසාද බැදලා කොහොම හිටියද කියලා අහන්න. (නි)
රවී Saturday, 21 September 2013 05:23 PM
මෙයාව වලේ නිදි කරලා කාර් එකට වැඩේ දෙන්න දෙවැනි පින්තූරේ ඉන්න කෙනා ලෑස්ති වෙලා ඉන්නේ. එයාගේ මුනෙන් පේනවා ඒක.(නදී)
සේනාරත්න Saturday, 21 September 2013 09:26 PM
ඇයි මේ මොට්ටයගේ ගැණු දෙන්නගෙන් එක්කෙනෙකුට මේක දෙන්න බැරිද? මහා කුහකයෙක්. (අ)
නසාර් Sunday, 22 September 2013 10:31 AM
මාරක ලිඳකට දුන්න නම් හරිනේ ........ (ස)
උදය Saturday, 21 September 2013 07:42 AM
ඔය කාර් එක ඔය වලට දාන්නේ දිග අතට. හෙඩ් ලයිට් බිමට හිටින්න. ඔය වල කපන්න කොන්ත්‍රාත්තුව ගත්තේ මම.(නදී)
රෝහණ Sunday, 22 September 2013 12:33 PM
ඊජිප්තු පරිභාවයක් තියෙන මිනිහෙක් වගේ (දී)
රත්නායක ආරච්චිගේ Monday, 23 September 2013 09:17 AM
ඇයි දෙවියනේ මේ රටේ දුප්පත් මිනිස්සු නැද්ද මේවා දෙන්න? මේකෙන් පෙනෙන්නේ මේ මිනිහගේ තියෙන කුහකකම සහ දැඩි තණ්හාවයි. (නි)
විජේ Monday, 23 September 2013 11:30 AM
පිස්සු නැත්නම් ෂෝක්..... (ස)
විජේ Monday, 23 September 2013 11:31 AM
අහවලාගේ පුතාට නම් ආරංචි වෙන්න දෙන්න එපා වස්තුව මිහිදන් කරනවා කියලා. (ස)
අප්පුහාමි Monday, 23 September 2013 02:27 PM
අදික තණ්හා පතියෙක්
චමත් Monday, 23 September 2013 06:17 PM
බ්‍රසීලයේ මොන තරම් දුප්පතුන් ඉන්නවද? මනුස්සයට මෝලට බැරිද ඒ අසරණයන්ට උදව් කරන්න. වාහනය නම් වලේම තියේවි. එයා කොහේ යාවිද? (නි)
දම්මික පෙරේරා Wednesday, 25 September 2013 12:12 AM
සල්ලි තිබෙන
දම්මික පෙරේරා Wednesday, 25 September 2013 12:14 AM
සල්ලි තිබෙන ගොඩක් අයට මොලේ අමාරුවක් තියෙනවා . ඔවුන් හැසිරෙන්නේ කතා කරන්නේ වැඩ කරන්නේ . එක්තරා මානසික ලෙඩුන් හැටියට . එහෙත් සියලුම සල්ලි කාරයන් නොවේ.(නදී)
ඉන්දු මෙල්බර්න් Friday, 20 September 2013 02:23 PM
වළ නම් ලෑස්තියි. දැන් මෙයා කවදද මේ වළට බහින්නේ? (නි)
ඉන්දික Friday, 20 September 2013 12:03 PM
මේක බොරුවක්. මේ වලට කාර් එක තියා මිනියවත් දාන්න ඉඩක් නැහැ. (ස)
රාජ.කුවේට්. Friday, 20 September 2013 12:23 PM
ඉන්දිකගේ කතාව හරි. (නි)
කුමාරි Friday, 20 September 2013 12:32 PM
ඉන්දික, රාජ්, හරි.අපි කියමු මේ වලට කාර් එක දැම්මම කියලා.එතකොට ඔය වල මුර කරන්නෙ ඔය අනුවණයාගේ අවතාරෙද? (ස)
ගාල්ලේ සංජීව Friday, 20 September 2013 12:59 PM
ප්‍රසිද්ධ වෙන්න කරන රඟපෑමක්..අනික දෙන්න කෙනෙක් නැත්නම් මැරුණට පස්සේ එහෙම කරන්නේ කොහොමද ,,,,තමන්ගේ කෙනෙක් නැති වුණහම මිනිය භූමදානේ කරලා කාර් එක ගන්න පුළුවන්නේ,, (ස)
මීගෙද Friday, 20 September 2013 01:01 PM
මේකා ප්‍රසිද්ද වෙන්න ගොතපු බොරුවක්
රසික - ඕමාන් Friday, 20 September 2013 01:33 PM
දැනට තියෙන දේවල් හිතට එකඟව දනට පිනට දුන්නොත් මරණින් පසුව, ඔයට වඩා වටිනා දේවල් ලබෙන බව එයාට වටහා ගන්න තිබ්බා බුදුදහම ඉගෙන ගත්තා නම්. (ස)
ටිරෝන් සෙනෙවිරත්න Friday, 20 September 2013 01:45 PM
මමත් ලැම්බොගිනියක් අරන් පුළුවන් තරම් ඉක්මනට දිව්‍ය ලෝකෙ යනවා.මෙයාට ඉස්සරින් ලංකාවෙ කළුවල්බට් සොයිසා ඔය වැඩේ කරා. (ස)
මනෝජ් Friday, 20 September 2013 01:52 PM
ඔය කාර් එක වළලන තැන කියන්ට පුලුවන්ද මහත්තයෝ ?. (ස)
චමත් Friday, 20 September 2013 11:45 AM
මහා ගොන් බූරුවෙක්නෙ! (ස)
සජී Friday, 20 September 2013 02:39 PM
මගෙත් තියනවා අත් කරත්තයක් මමත් අන්තිම කැමැත්තෙ ලියනවා, මාව මිය ගියහම කරත්තෙත් එක්කම එහෙම කරන්න කියලා. (ස)
කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 20 September 2013 04:00 PM
සජි, මගේ අත් කරත්තේ නම් මාත් එක්කම වැළලෙනවා. ඕක ආයිත් අමුතුවෙන් වළලන්න දෙයක් නැහැ (නි)
නිමල් Friday, 20 September 2013 04:23 PM
කෝටිපතියෙක් වෙන්න මොලේ තිබ්බ ඔහුට මේ වගේ මෝඩ අදහසක් ආවේ කොහොමද? එක්කො ප්‍රසිද්ධියට එහෙම නැත්නම් මේ යකාගේ මොලේ අමාරුවක් හැදිලා. (ස)
දුම්මලසූරිය Friday, 20 September 2013 05:46 PM
මේක 21 වැනි ශතවර්ෂය.මේ තරම්ම මෝඩ මිනිස්සු ඉන්නවා කියලා නම් හිතා ගන්න බැහැ. (නි)
සම්පත් Friday, 20 September 2013 06:35 PM
ඉන්දික, තාම වළ කපලා ඉවර නැහැ. මැරෙනකම්ම වළ කපයි.. (නි)
අසේල Friday, 20 September 2013 06:52 PM
ඔය කාර් එක වළලලා එයත් වැලලුනාට පසුව කාර් එක ගොඩ ගන්න. වැඩේ ඉවරයිනේ. (නි)
ලංකේෂ් Friday, 20 September 2013 10:04 PM
ඔය කියන ධනය දෙන්න කෙනෙක් නැත්නම් අර සෝමාලියාවේ ඉන්න අහිංසක මිනිස්සුන්ට දුන්නනම් ඉවරනේ. නැත්නම් මේ රටේ ඉන්න දේශපාලකයන්ට ඒ ධනය බෙදලා දෙන්න ඕනේ.(නදී)
කමල් Saturday, 21 September 2013 02:31 AM
මේ මනුස්සයා මැරෙන බව දන්නවනේ. ඒකත් හොඳ දෙයක්. මොකද අද මිනිස්සු වැඩි දෙනෙක් නොමැරෙන මින්ස්සු ලෙස හිතාගෙන ජීවත් වෙන්නේ.(නදී)