ගෙළ පසාරු කරගෙන ගොස් තිබුණු යකඩ කූරු 6 සමඟ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට චීනයේ ෂියැන්ග්යැන්ග් රෝහලේ වෛද්‍යවරු සමත්වූහ.
ගොඩනැගිල්ලක ඉහළ මහල පිළිසකර කිරීමේ කටයුතු වල යෙදී සිටියදී පහළට වැටී ඇති මේ පුද්ගලයා යකඩ කූරු වල ඇමිණී ඇත.
පැළද සිටි ආරක්ෂක කබායට සවිකර තිබූ කඹය නිසා බිමට නොවැටී එල්ලෙමින් සිටි ඔහුව වහ වහා රෝහල් ගත කිරීමට ඔහුගේ සගයින් කටයුතු කර තිබේ.
ප්රාතිහාර්යයකින් මෙන් යකඩ කූරු වලින් මොළයට රුධිරය ගෙන යන නාළ වලට හෝ ඔහුගේ ස්වාස නාළයට හෝ තුවාළ සිදුවී නොතිබුණි.
යකඩ කූරු කැපීමට වෛද්‍යවරුන්ට ගිනි නිවීම් භටයින් භාවිතා කරන කියතක්ද යොදාගැනීමට සිදුව ඇත.ප්‍රතිකාර වලින් පසු රෝගියා දැන් සුවය ලබමින් සිටි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යකඩ කූරු කපා ලෙඩා බේරාගනිති
ගාමිණී සිරිවර්දන Friday, 10 October 2014 07:36 AM
පුරුවේ පිනකින් බේරිලා තියෙන්නේ.දොස්තරලා කොහොම දක්ෂ ලෙස ප්‍රථිකාර කරනවාද? අපේ නම් ඇඟ හිරිවැටෙනවා ලෙඩා දකිනවිට. (නි)
ජයත් Friday, 10 October 2014 10:40 AM
නූතන වෛද්‍ය විද්‍යාවට පින්සිදු වේවා. මීට සමාන ශල්‍යකර්ම අපේ රටෙත් පහුගිය කාලේ කරා " හොඳ " දොස්තරලා විසින්. මෙතන රෝගියාත් වාසනාවන්ත වෙන්න ඕන පින්තුරයේ හැටියට යකඩ කූරු ගිහින් තියෙන්නේ මොලයට යන සියලුම රුධිර නාලත් ස්වාස නලයත් බේරලා (නදී)
රුවන්ජීව ගුණරත්න Friday, 10 October 2014 12:31 PM
මේ දොස්තරවරු දෙවිවිරුය (නදී)
අතුල Friday, 10 October 2014 12:32 PM
කූරු යකඩ වගේ "තද" දෙයක් උනත්, ඒ මනුස්සයාගේ ජීවිතේ බේරෙන විධියට "මොලොක්" දෙයක් කරලා තියෙන්නේ. (නදී)
සමිතා Friday, 10 October 2014 02:04 PM
ලොකු දෙයක් ඔයින් ගියා (නදී)
සදජිත් Friday, 10 October 2014 06:58 PM
මාරාන්තික අපලයකින් බේරිලා වගේ. ඔබට ඉක්මන් සුව! (නි)
නන්දන පුෂ්පකුමාර Saturday, 11 October 2014 06:23 AM
මිහිපිට දෙවියන් කියන්නේ මෙයාලට (නදී)