මව් කුසින් උපත ලබා ටික වේලාවකට පසු වෛද්‍යවරු විසින් මියගිය බවට තීරණය කරන ලද දරුවකු විනාඩි අටකට පසු පළමුවරට හුස්ම ගනිමින් හැඩීමත් සමග බොහෝ දෙනා සතුටට පත්වූහ.
දරුවාගේ මව නිකිටා පෙරෙයිරා පවසන්නේ සිය පුතු මියගොස් ඇතැයි වෛද්‍යවරු පැවසූ මොහොතේ ලෝකයම කඩා වැටුණාක් සේ දැණුනු බවයි.
‘‘මට සියළු බලාපොරොත්තු අහිමි වුණා. නමුත් මගේ පුතා මොහොතකින් අඬද්දී මට මගේ ජීවිතය ලැබුණා. මගේ දෑසෙන් සතුටු කඳුළු වැගිරුනා. “ යැයි ඇය කියයි.
ප්‍රසූතියට පැය 28 කට පෙර ඇය හදිසි සිසේරියන් අංශය වෙත රැගෙන ගියේ ඇයගේ දරුවාගේ හෘද ස්පන්දනය දුර්වල වෙමින් පවතින්නේ යැයි වෛද්‍යවරු තීරණය කිරීමත් සමගිනි.
වෛද්‍යවරුන් විසින් දරුවා ගර්භාෂයෙන් ඉවතට ගන්නා ලදී. නමුත් ඔවුන්ට පෙනීගියේ අළුත උපන් මෙම ලදරුවා හුස්ම නොගන්නා බවයි.
මිනිත්තු අටක් ගතවු පසු වෛද්‍යවරුන් තම දරුවා මියගොස් ඇති බව ප්‍රකාශයට පත්කල බව පෙරෙයිරාට ඇසී තිබිණි. .
නමුත් එක් ඇසිල්ලකින් දරුවා ඇඩීමට පටන් ගන්නා ලදී.
‘‘මගේ දරුවාට දැන් වයස අවුරුදු දෙකයි මාස හයක් වෙනවා. සෑම දිනකම මා හට දැනෙන්නේ මොහු හාස්කමක් බවයි. මා ගැබ්ගෙන සිටිය දී කිසිදු වේදනා නාශකයක් භාවිතා කළේ නැහැ. නමුත් මට යම් යම් සංකූලතා තිබෙන බව කීමෙන් මට හිතුනා කුමන ආකාරයක හෝ වරදක් මෙහි ඇතැයි කියා. “
ෂියා නමින් හඳුන්වන මේ දරුවා තම ජීවිතය දැඩි අවදානමකින් ඇරඹුව ද දැන් සෞඛ්‍ය සම්පන්නව සතුටින් කාලය ගත කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යළි උපන් දරුවා
චන්දන Monday, 28 July 2014 11:34 PM
දියණිය, නුඹට ජීවිතය ,සතුට, වාසනාවෙන් පිරි නිරෝගිමත් ජීවිත කාලයක් ප්‍රර්ථනා කරමි (නධී)
උපාලි Tuesday, 29 July 2014 01:50 AM
බොහෝ පුවත් වල සිද්දිය වැදගත් උවත් සිදුවූ රට සහ ප්‍රදේශය නොදමන නිසා එහි අගය අඩුවීමක් ඇත. මෙහිදීද සිදුව ඇත්තේ එයයි. ලංකාදීප මෙය ගැන සලකා බලන්න. (නදී)
ශිරෝමි- පිළියන්දල Tuesday, 29 July 2014 11:11 AM
චන්දන, මේ දියණියක් ගැන නෙමෙයි කියා තියෙන්නේ, පුතෙක් ගැන (නි)
සෑම් Tuesday, 29 July 2014 02:04 PM
යම් අයෙක් මිය ගිය බව වෛද්‍ය වරයෙක් සනාථ කල යුතුයි. එසේ වෛදයවරයා විසින් මරණය සනාථ කරන්නේ ස්වසනය නිරුද්ද වී පැය දෙකකට පසුවයි (අ)