X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


යුක්රේන නගර රැසකට ජලය නෑ: විදුලිය නෑ

රුසියන් හමුදා දිගින් දිගටම එල්ල කරන මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන්, යුක්රේන නගර 1,162 කට විදුලිය නොමැති බවත්, පානීය ජල සැපැයුම් පවා අඩාල වී ඇති බවත් යුක්රේන මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින 8 ඇතුළත රුසියාවෙන් එල්ල වුණු මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන්, යුක්රේන විදුලි බලාගාරවලින් සියයට 30ක් මුළුමනින්ම විනාශ වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ජාත්‍යන්තරයට දන්වා තිබේ. රුසියාවේ අරමුණ වී ඇත්තේ යුක්රේනයේ යටිතල විනාශ කර දැමීම යැයි ද යුක්රේන ජනාපධිතිවරයා චෝදනා නගා ඇත.

රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් කීව් අගනුවරට දැඩි හානි සිදුවී ඇති බවත්, නගරයේ ප්‍රදේශ රැසක ජල සැපැයුම මුළුමනින්ම අඩපණ වී ගොස් ඇති බවත් පැවැසෙයි. කීව් අගනුවර නගරාධිපති විටෙලි ක්ලයිටිෂ්කෝව් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ නගරයට සිදුවී ඇති හානිය බරපතල බවය.

රුසියන් හමුදාව, යුක්රේනයේ නගරවලට පහර දීමට යොදා ගන්නේ ඇත්තේ ඉරානයේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී පවසයි. එවැනි ඩ්‍රෝන යානා කීපයක්, පහර දීමට පැමිණෙද්දී, වෙඩි තබා බිම හෙලීමට තම සොල්දාදුවන් සමත් වූ බව ද ජනාපධිති සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත. යුක්රේනයේ නගරවලට පහර දීමට රුසියන් හමුදා භාවිතා කරන්නේ ‘ෂාහිද් 136’ වර්ගයේ සහ ‘කමිකාසේ’ වර්ගයේ ඩ්‍රෝන යානා යැයි පැවැසෙයි.

රුසියාව, ඉරානයේ ඩ්‍රෝන යානා මිලදී ගෙන ඒවායින්, යුක්රේනයට පහර දීම රුසියා හමුදාවේ බංකොලොත්භාවය පෙන්නුම් කිරීමක් යැයි ද යුක්රේන ජනාධිපතිවරයා රුසියාවට දොස් නගමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇත.

මේ අතර, දිගින් දිගටම රුසියන් හමුදාවට ඩ්‍රෝන යානා සහ මිසයිල ලබා දීමට ඉරානය පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඉරාන උප ජනාධිපති මොහොමද් මොක්බාර්, එරට ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීන්, පසුගිය දා රුසියානු රජයේ නිලධාරීන් සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.

යුක්රේන සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින්, යුක්රේන නගරවලට ප්‍රහාර එල්ල කිරීමට, ඉරානය රුසියාවට මිසයිල සහ ඩ්‍රෝන යානා ලබා දෙන්නේ නම්, ඉරානය සමඟ පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුළුමනින්ම නැවැත්විය යුතු යැයි යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කූබා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට පවසා ඇතැයි ද වාර්තා වේ.  

(රොයිටර්)

 



අදහස් (0)

යුක්රේන නගර රැසකට ජලය නෑ: විදුලිය නෑ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site