X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


යුරෝපය ගංවතුරින් යටවෙයි

මේ දිනවල යුරෝපය පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජර්මනියේ, ප්‍රංශයේ සහ ඔස්ට්‍රියාවේ නගර සහ ගම් බොහෝ ගණනක් ගංවතුර තර්ජනයකට මුහුණදී ඇත. දැනට ගංවතුරෙන් යටවෙමින් පවතින්නේ ලෝකයේ දියුණුම රටවල් වුවද මෙවන් විපතක් පිලිබඳ අනතුරු හැඟවීමක් කිරීමට එම රටවල කාලගුණ විද්‍යාඥයින් හට හැකිවුයේ නැත. 

මේ හේතුවෙන් බොහෝ පිරිසක් ගංවතුර උවදුරට ගොදුරුවු බව වාර්තාවී ඇත.

එසේ වුවත් එම එකම රටකවත් ජනමාධ්‍ය මඟින් පිළිබඳව රජයන් හෝ බලධාරීන් විවේචනයට ලක්කිරීමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට සියලුම ජනමාධ්‍ය හරහා ගංවතුරෙන් ආරක්ෂාවීම පිළිබඳව අත්‍යාවශ්‍ය තොරතුරු මහජනතාව වෙත සැපයීමට දිවා රාත්‍රියේ වෙහෙසෙන බවක්ද දක්නට ඇත.

දැනට වාර්තාවී ඇති අන්දමට ප්‍රංශයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර ගේදොර, පශු සම්පත් සහ වතුපිටි වලට විශාල වශයෙන් අලාභ හානි සිදුවී ඇත.

මේ අතර බවෙරියාවේ සිම්බාර්හ් නඟරයේ නිවාස තුළ ජලයේ ගිලි මියගිය පුද්ගලයින් හතර දෙනකුගේ මළ සිරුරු හමුවූ බවද ඒජන්සි වාර්තාවල දැක්වෙයි. 

බ්‍රහස්පතින්දා සවසවරුවේ සිට පැරිසියේ ලොව පතල ලුව් කලා භවන, අයිෆල් කුලුන ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටවීම හේතුවෙන් වසා දැමීමට සිදුවූ බවද සඳහන් වෙයි.

ජලගැල්මෙන් විපතටපත් සියලුම දෙනා බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ඔවුන් හිරවී සිටි ස්ථානවලින් බේරාගැනීමට කටයුතු යොදා ඇත.

මේඅතර පාසල් සිසුහුද බොහෝ ගණනක් වෙති.

වසර 150 කට ඉහත කාලගුණ වාර්තා සකස්කිරීම ආරම්භවූ වකවානුවේ සිට මෙතෙක් ඇතිවූ දරුණුතම ජලගැල්ම මෙය බව ප්‍රංශයේ ජාතික කාලගුණ වාර්තා ආයතනය කියයි. යුරෝපයේ බොහෝ රටවල ජුනි මාසය පුරා වැසි සහිත කාලගුණයේ වෙනස් නොවන බවටද අනතුරු හැඟවීම් කර ඇත.

_89867948_033252362-1 34D1EA8600000578-0-image-a-6_1464802620837 34D333D500000578-0-image-a-11_1464802648779 34D3527D00000578-0-image-a-16_1464802694741 34D3527900000578-0-image-a-9_1464802643491 floodurope63 floodurope633



අදහස් (0)

යුරෝපය ගංවතුරින් යටවෙයි

පිටබැද්දර ජයා Saturday, 04 June 2016 04:16 AM

හැමෝම පණ්ඩිත කතා නවත්තලා, අපිට ආපදාවක් වෙන හැමදාමත් මේ මිනිස්සු උදවු කළා වගේ අපිත් මොනවාහරි උදවුවක් කරන්න බලමු, මනුසත් නාමයෙන් (නි)

:       0       0

ඉම්රාන් Sunday, 05 June 2016 08:00 AM

අනතුරට පත්වූවන්ට ඉක්මන් සහනයක් ලැබේවා! (නි)

:       0       0

අබය Sunday, 05 June 2016 01:27 AM

සොබා දහමට එදිරිව යාම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒ වගේම එරට වැසියන් වගේම දේශපාලකයින් අනුන් විවේචනය නොකර එම අනතුරුවලට මුහුණදුන් හැටි ප්‍රසංශනීයයි. ඒ තමා බුද්ධිමත්කමේ ස්වභාවය. අපේ අයියලා බලාගෙන ඉන්නේ තව කෙනෙක් අනතුරේ වැටෙනවා බලන්න. පොඩි උදව්වක් කරලා පත්තරේට ෆොටෝ එක දමාගෙන ප්‍රසිද්ධ වෙන්නට. (නි)

:       0       0

ගාමිණී Saturday, 04 June 2016 04:36 PM

ලෝකයේ සෑම රටකම වගේ මිනිසුන්ට බොහොම නරක කාලයක් මේ ගෙවෙන්නේ (නි)

:       0       0

එරන්ද Saturday, 04 June 2016 01:57 PM

අනියත සොබාවය නියත කරන්න උත්සහ කලද සොබාවය සොබවයම බව තේරුම් ගන්න දැන්වත් උත්සහ කරන්න, (හේ)

:       0       0

අරවින්ද Saturday, 04 June 2016 07:55 AM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

විශාඛා Saturday, 04 June 2016 07:48 AM

අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්! (නි)

:       0       0

සිතුම් Saturday, 04 June 2016 05:37 AM

සාධාරනීකරණය කරන්න හදන්න එපා ලංකාවේ තත්ත්වය.. මේ වතාවේ රජයෙන් ලැබුණු දායකත්වය ඉතාම අඩුයි. කිසිම විධිමත් වැඩපිළිවෙලක් තිබුනේ නැහැ ඔවුන්ට.. විපත් ඇතිවිය හැකියි. ඒවා කළමනාකරනය කරගැනීමයි වැදගත් (හේ)

:       0       0

සුමේධ Saturday, 04 June 2016 05:03 AM

තෙරුවන් සරණින් සියලු සත්වයෝ සුවපත් වේවා! චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වේවා! (නි)

:       0       0

නොමේන් Friday, 03 June 2016 05:26 AM

නොහැකියාව සාධාරනිකරණය කරන්න එපා .(ම)

:       0       0

මොහොමඩ් Saturday, 04 June 2016 02:13 AM

ජීවිතයේ යථාර්ථය මෙයයි. සොබා ධර්මයට අපි අවනත වෙමු. (නි)

:       0       0

අතුල Friday, 03 June 2016 05:47 PM

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ... කොහොමද සංවර්ධනයේ ප්‍රතිඵල? (නි)

:       0       0

අචිර Friday, 03 June 2016 03:55 PM

පැණි වරක ගහටත් එහෙනම් හෙන ගැහුවා (හේ)

:       0       0

සාලිය Friday, 03 June 2016 01:47 PM

හැම රටකටම ඔය වගේ දේවල් වෙනවා.(හේ)

:       0       0

සමන්ත Friday, 03 June 2016 12:41 PM

දුක තමයි (හේ)

:       0       0

සමීර Friday, 03 June 2016 11:41 AM

ස්භාවික විපත් වෙනවා ඒ දේවල් වෙන්න වලට මුහුණ දෙන්න වෙනවා කාටත් (හේ)

:       0       0

හිරාන් Friday, 03 June 2016 09:46 AM

මේ සැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්තට වෙන්නේ. සැමට ජේසු පිහිටෙන් කරදරයක්නම් වෙන්න එපා.(ම)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 03 June 2016 08:06 AM

අනපේක්ෂිත සිදුවෙන සියල්ල සොබාව ධර්මයාට මිස දේශපාලනීකරණය නොකරන්න බුද්ධිමත්ව හිතන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site