X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


යුරෝපය හෙල්ලූ තොප්පිය කෝටි 31කට වෙන්දේසියේ

19 වැන සියවසේ ලෝප්‍රකට අධිරාජ්‍යයන් අතරින් ප්‍රංශයේ සිටි නැපෝලියන් බොනපාර්ට්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ප්‍රංශයේ අගනුවර පැරීසියේ ෂේන් ගංඟාවේ දෙවුර එක්කළ බොහෝ පෞරා‚ක  පාලම් නැපෝලියන් පාලන සමයේ ඔහුගේ අධික්ෂණයෙන් සිදුවූ ඉදිකිරීම්ය. පැරීසියට කිලෝමීටර 60ක පමන දුරකින් පිහිටි ෆොන්තැම්බ්ලූ මාලිගාව ඔහුගේ ස්ථීර නිවහන විය. අද මෙම මාලිගාව සෑම දිනකම සංචාරකයන් ගෙන් පිරී ඉතිරී ඇති සුවිශේෂි කෞතුකාගාරයකි. නැෆෝලියන් අධිරාජ්‍යයා දෛනික ජීවිතයේ භාවිතා කළ සියලූම දැ  අද එහි ප්‍රදර්ශනයට තබා ඇත්තේය.   

පසුගිය නොවැම්බර් 16 වැනිදා එම මාලිගාවේදි නැෆෝලියන් බොනපාර්ට් භාවිතා කල සමහර  සිහිවටන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණී ගියේය. එහිදී ඔහු පැළඳි හමුදා හිස් වැසුමක් (තොප්පියක්) යුරෝ දහ අට ලක්ෂ අසුහතර දාහකට (රුපියල් කෝටි 30144000) වෙන්දේසි විය.  තුන් ඈවරවූ අතර පැර‚ කෞතුක භාණ්ඩ එකතු කරන්නෙකු වූ දකුණු කොරියා  ජාතික ධනපතියෙක්  එය මිලදී ගත්තේය. දකුණු දිග ප්‍රංශයේ මොනාකෝ නොහොත් මොන්ටිකාලෝ නම් කුඩා රාජ්‍යයේ ඇල්බට් කුමරු  මොනාකෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබු මෙම හිස්වැසුම එදින වෙන්දේසි පොළේ ගරු ගාම්භීර ලෙස තැන්පත් කර තිබුනි. වර්ෂ 1870 හා 1949 අතර මොනාකෝ රාජ්‍යයේ දෙවන ලූවී රජු හෙවත් වර්තමාන ඇල්බට් කුමරුගේ මුත්තා විසින් මිලදී ගෙන එම රජ මාලිගාවේ තැන්පත් කර ඇත. මෙවැනි හිස් වැසුම් 19ක් විවිධ රටවල කෞතුකාගාර වල ඇත්තේය. විවිධ හැඩැති හිස් වැසුම් 120ක් පමණ ඔහු භාවිතා කර ඇති අතර එම සියල්ල හිස්වැසුම් සදහා ලෝසුපතල ප්‍රංශයේ මෙයිසොන් පූෆාර්ඩ් ආයතනයේ නිපැයුම්වේ.

වර්ෂ 1769 අගෝස්තු 15 වෙනිදා ගි‚කොන දිග ප්‍රංශයේ පිහිටි කෝස් දුපතේ ඇජැක්ෂියෝ ග්‍රාමයේ උපත ලද නැපෝලියන් බොනපාට් ප්‍රංශ හමුදාවේ ජෙනරාල් වරයෙකි. 1804 දෙසැම්බර් මස 02 වෙනි දින පැරීසියේ සුප්‍රසිද්ධ නෝත්‍ර ඩාම් කතෝලික දේවස්ථානයේදී හත්වන පියේ පාප් වහන්සේ විසින් නැපෝලියන්ට ඔටුනු පළඳවා රාජ්‍ය ප්‍රධානියා ලෙස අභිෂේක කැරිණි. ඉක්බිතිව වසර 9යි මාස10 දින 19ක් යුරෝපය හෙල්ලූ රණකාමි නැපෝලියන් 1821 මැයි මස 05 වැනි දා සාන්ත හෙලේනා දුපතේදි අවසන් හුස්ම හෙළීය.

Capture napoleon1 Napoleon-un-bicorne-01 PDG-Harim-Group-Mr-Kim The-Emperor-Napoleon

 

 



අදහස් (0)

යුරෝපය හෙල්ලූ තොප්පිය කෝටි 31කට වෙන්දේසියේ

කරුණාරත්න Tuesday, 18 November 2014 11:09 AM

මේ තොප්පිය මෙච්චර වෙනවද?(හේ)

:       0       0

සම්පත් Tuesday, 18 November 2014 05:43 PM

අපේ ලංකාවේ කැඩුණු සපත්තු කුට්ටමකට මීට වැඩි ලංසුවක් ලැබුණා නේද? (නි)

:       0       0

රූපවතී Tuesday, 18 November 2014 07:23 PM

කරුණාරත්න, ඒ තොප්පිය සාමාන්‍ය ඇසින් බැලුවොත් රුපියල් 200/=ක් විතර කියන්න පුළුවන්? එහෙත් ඒ දෙස අපි මනසින් බලා රාජකීයෙකුගේ කියන අභිමානයෙන් ඉතිහාසය දෙස දෑත දිගුකළොත් වටිනාකම ඊටත් වැඩියි කියලා කියන්න පුළුවන්. (නි)

:       0       0

කසුන් Wednesday, 19 November 2014 12:22 AM

අපිට ඉතින් කොහෙන්ද මෙච්චර සල්ලි තොගයක්? තොප්පියක් ගන්න තියා ජීවත්වෙන්නවත් අපිට සල්ලි නැහැ (නි)

:       0       0

වසන්ත Wednesday, 19 November 2014 03:24 PM

හැම නිතරම අපිට සල්ලි නැහැ කියන්නේ කම්මැලි කමට නිදා ගන්න මිනිස්සු තමා.උනන්දුවක් තියෙනවනම් ඕනෑම දෙයක් ජයගන්න පුළුවන්.දේශපාලනයට බැන බැන හිටියට මොකුත් ලැබෙන්නේ නැහැ.(අ)

:       0       0

සචින් Wednesday, 19 November 2014 04:18 PM

මගේ අම්මෝ! මෙච්චර ගානකට තොප්පියක්? මොනවා වුණත් රජෙකුගේ තොප්පියක්නේ, නේද? (නි)

:       0       0

අශේන් සුමිත් Wednesday, 19 November 2014 04:31 PM

ඇත්තටම හුගක් වටිනවා. එත් අපේ රටේ මීට වඩා වටිනා දේවල් තියෙනවා මේ විදියට විස්තර කරලා දාන්නකෝ අපිට කියවන්න බලන්න (ස)

:       0       0

ජනක Thursday, 20 November 2014 08:20 AM

මේ තෝප්පියේ නෙමේ වටිනාකම තියෙන්නේ, දාපු කෙනාගේ. නැපෝලියන් කියන්නේ ඉතිහාසයේ හමුවන විචිත්‍ර චරිතයක්. ඔහුගේ යුද්ධවල අවසන් ප්‍රතිඵලය තේරුමක් නැතිවුනාට ඔහු සැබෑ හැකියාවන් තිබුණු කෙනෙක්. (හේ)

:       0       0

ජනක Thursday, 20 November 2014 08:20 AM

මේ තෝප්පියේ නෙමේ වටිනාකම තියෙන්නේ, දාපු කෙනාගේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site