යේමන ආරක්ෂක ඇමැති මොහොමඞ් නසර් අහමඞ් ගමන් ගත් රථපෙළ ඉලක්ක කරගෙන පෙරේදා(12) එල්ල වූ කාර් බෝම්බ ප‍්‍රහාරයෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ඇමැති නසර් අහමඞ් ඉන් දිවි ගලවා ගැනීමට සමත් වූ බව යේමන රජය පවසයි.
ඇමැතිවරයා ඉලක්ක කරගෙන මෙම ප‍්‍රහාරය එල්ල වූයේ යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සාලේට නිදහස ලබා නොදෙන ලෙස පවසමින් එරට වැසියන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් සානා නුවර විරෝධතාවක නිරතවෙමින් සිටි අවස්ථාවකදීය.
ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර ආරක්ෂක ඇමැතිවරයාගේ ආරක්ෂක භටයන් හත් දෙනකු සිටින බවද වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ ත‍්‍රස්තවාදී මෙහෙයුම් බාරව කි‍්‍රයා කළ අල් කයිඩා සංවිධානයේ දෙවැනි නායකයා වූ සයීඞ් අල් ෂේරි යේමන හමුදා අතින් ඝාතනයවීමෙන් දිනකට පසුව මෙම ප‍්‍රහාරය එල්ල වී තිබේ. මේ වන තෙක් කිසිදු පාර්ශවයක් ප‍්‍රහාරයේ වගකීම බාර ගෙන නොමැති බව එරට රජයේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය.
ඉකුත් මැයි මාසයේදී අල් කයිඩා සටන්කාමීන් යේමන අගනුවරට දරුණු ප‍්‍රහාරයක් එල්ල කළ අතර ඉන් සෙබළු සියයක් ජීවිතක්ෂයට පත් වූහ. එම ප‍්‍රහාරයේ ඉලක්කය වූයේද ඇමැති නසර් අහමඞ්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යේමන ආරක්ෂක ඇමැති ඝාතන තැත වරදී