යේමනයේ ඇමෙරිකා තානාපතිවරයා හෝ එරට සිටින ඇමෙරිකා හමුදා සෙබළකු හෝ මරා දමන අයකුට, මුදල් තෑගි පිරිනැමීමට තමන් සූදානම් යැයි එරට කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය පවසයි.
අල් කයිඩාව වෙනුවෙන් එම ප‍්‍රකාශය කර ඇත්තේ එහි මාධ්‍ය ප‍්‍රකාශක සංවිධානය ලෙස හැඳින්වෙන අල් මලාහෙම් පදනමයි. ඔවුන් එම ප‍්‍රකාශය ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබුණි.
එම ප‍්‍රකාශයේ දැක්වෙන අන්දමට යේමනයේ ඇමෙරිකා තානාපති ජෙරල්ඞ් ෆියෙස්ටීන් මරා දමන අයකුට ඩොලර් 1,60,000 ක් ද යේමනයේ සිටින සාමාන්‍ය ඇමෙරිකානු සෙබළකු මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් 23,000 ක මුදලක් ද පිරිනැමීමට අල් කයිඩාව සූදානම් වෙයි.
අල් කයිඩා සංවිධානය කළ එම ප‍්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ මේ සඳහා මාස 6 ක කාලයක් ද ලබා දෙන බවය. යේමනය මුස්ලිම් ජිහාඞ් රාජ්‍යයක් බව ජනතාවටත් ඇමෙරිකාවටත් මතක් කර දෙමින් තමන් හම නිවේදනය නිකුත් කිරීමට පියවර ගත් බවත් වාර්තා වේ.
අල් කයිඩාවේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් යේමනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. ප‍්‍රධාන අල් කයිඩාව මෙන් නොව යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ප‍්‍රබල සංවිධානයක් ලෙස ඇමෙරිකාව නොසළකයි.
යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයයි. ඔවුහු ගෝති‍්‍රක සටන්කාමීන් ද සමඟ එක් වී යේමනයේ ප‍්‍රදේශ රැුසක් අත්පත් කර ගෙන සිටිති.
කෙසේ නමුත් යේමනයට හිසරදයක් වී ඇති එම සටන්කාමීන්ට එරෙහිව යේමන හමුදා කරන සංග‍්‍රාම මෙහෙයුම්වලට ඇමෙරිකානු රජයේත් සී.අයි.ඒ. බුද්ධි අංශයේත් සහාය හිමි වෙයි.
ඇෆ්ගනිස්තානයේ මෙන් නොව ඇමෙරිකා හමුදා සෘජුව එම සංග‍්‍රාම කටයුතුවලට දායක නොවන අතර, යේමනයේ රැඳී සිටින්නේ ඇමෙරිකා සෙබළුන් අතලොස්සක් පමණි.
යේමන අල් කයිඩා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඇමෙරිකා හමුදා යේමන ආරක්ෂක අංශ සමඟද එක් වී, ඩ්‍රෝන යානා යොදා ගෙන පහර දෙයි.
පසුගිය දා ඩ්‍රෝන යානා යොදා ගනිමින් යේමනයේ ෂිහාර් නගරයේ අල් කයිඩා තිප්පොලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකට සටන්කාමීහු දෙදෙනෙක් බිලි වූහ. ෂිහාර් නගරය පිහිටා ඇත්තේ නැගෙනහිර යේමනයේ හඞ්රාමාත් පළාතේය. ප‍්‍රහාරයට ලක් වෙද්දී සටන්කාමීන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යේමනයේ ඇමෙරිකානු තානාපති මැරුවොත් අල් කයිඩාවෙන් මුදල් තෑගි
ලහිරු Thursday, 03 January 2013 04:10 PM
තව ටික දවසකින් ලංකාවට ඕකේ අනෙක් පැත්ත තමයි වෙන්නේ. (නි)