නවසීලන්ත රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකුවූ ජෝනා ලෝමු අද මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මිය යන විට ලෝමු 40 වැනි වියේ පසුවිය.
1994 සිට 2002 දක්වා කාලයේ නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායම වන ‘ඕල් බ්ලැක්ස්‘ නියෝජනය කළ ලෝමු නවසීලන්තය වෙනුවෙන් තරග 74 කදී උත්සාහක දිනුම් 43 ක් වාර්තා කර ඇත. රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයන් අතර සම තැන හිමි ලෝමු එහිදී උත්සාහක දිනුම් 15 ක් වාර්තා කර ඇත.
වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළුණු ඔහුට 2004 වසරේදී වකුගඩු බද්ධයක්ද සිදුකෙරිණි. 2011 වන විට ඔහුගේ ශරීරයේ ඉන්ද්‍රියයන් ක්‍රියාකිරීම නතරවිය. අසනීප තත්ත්වයෙන් පීඩාවිඳි ඔහු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අද මියගියේය.
තම රග්බි ක්‍රීඩාවේ යුග පුරුෂයකු ලෙස ලෝමු හඳුන්වාදිය හැකි බවත් මුළු මහත් රග්බි ලෝකයම ඔහුට ආදරය කළ බවත් නවසීලන්ත රග්බි ප්‍රධාන විධායක ස්ටීව් ටිව් ප්‍රකාශ කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රග්බි තරුව ලෝමු දිවියෙන් සමුගනියි
අනුෂ Wednesday, 18 November 2015 05:05 AM
ඔහුට ඔහුගේ පුතුට වයස 21ක් වන තුරු ජීවත් වන්න උවමනා කර තිබුනා. නමුත් ඔහුට එය ඉටු කර ගන්නට බැරි වුණා (ම)
සුකිරි Wednesday, 18 November 2015 05:43 AM
රග්බි විචාරකයන් මොහු හැදින් වුයේ ඇවිදින වෘක්ෂය ලෙසයි. දැවැන්ත මිනිසුන් හත් අට දෙනෙක් එකවර කරේ එල්ලුනත් මොහු අද නොවැටී බෝලය රැගෙන සිමාව වෙත දිවීමේ හැකියාවක් තිබු ඉතා විරල මෙන්ම නිහතමානි මිනිසෙක්. මොහු උපතින් සමෝවා ජාතිකයෙක්. ඔබට නිවන් සුව! (බ)
පෙරේරා Wednesday, 18 November 2015 06:39 AM
සූකිරි, ජෝනා ලොමු සැමෝවා රටේ කෙනෙක් නොවේ, ඔහු ටොන්ගා රටේ සම්භාවයක් ඇති කෙනෙක්.(ම)
සමන් Wednesday, 18 November 2015 06:44 AM
කෘතීම ශක්ති ජනක පානය කිරීමේ ප්‍රතිපල වකුගඩු රෝගයි. ලංකාවෙත් ගොඩක් ක්‍රීඩකයෝ මෙයට යොමුවෙලා (ම)
සේපාල Wednesday, 18 November 2015 07:05 AM
සමන් ඔබ හරි ,ක්‍රීඩකයින්ගේ හිතවතුන් ඥාතීන් මීට වැඩ සැලකිලිමත් විය යුතුව ඇත. (ම)
හුසේන් මොහමඩ් Wednesday, 18 November 2015 08:46 AM
රග්බි ලෝකයේ ගොඩක් අයගේ ආදරයට පාත්‍ර වුණ නිහතමානී ක්‍රීඩකයෙක්.(ම)
මනෝජ් Thursday, 19 November 2015 02:58 AM
මේක තමයි දෛවය. (නි)
කැප්පෙටිපොළ Thursday, 19 November 2015 03:10 AM
රග්බි ලෝකයේ හිටපු දැවැන්තම පතාක යෝධයා ලෝමු. ඔහු ක්‍රීඩා කරන විලාශය, ක්‍රීඩා කෞශල්‍ය හැම නරඹන්නෙක්ම ආශා කළා, අගය කළා. ඔබට නිවන් සුව පතමි! (නි)