බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හෙවත් විලියම් කුමරු හා කේට් කුමරිය අළුත උපන් තම දියණිය සමග කෙන්සින්ග්ටන් මාලිගයට ගියහ. මේ දියණියගේ නම පසුව ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
රාජකීය පවුලේ සාමාජිකයන් සහ ආදිපාදවරියගේ දෙමාපියන්ද කෙන්සින්ග්ටන් මාළිගයට පැමිණෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරයි. අලුත උපන් රාජකීය කුමරිය බ්‍රිතාන්‍යයේ කිරුල හිමි අය අතර හතර වැනි ස්ථානයේ පසුවෙයි. ලන්ඩන් හි ශාන්ත මේරි රෝහලේදී ඇය මෙළොව එලිය දුටුවාය. කුමරියගේ උපත් බර රාත්තල් 8 අවුන්ස 3 ක් හෙවත් කිලෝ ග්රූම් 3.7 කි.
කුමරිය ඉපදීමට ගෞරව කිරීමක් වශයෙන් ලන්ඩන් හි පාලම සහ ප්රමුඛ ස්ථාන දම් පැහැයෙන් ආලෝකමත් කර තිබේ.
රාජකීයයන් තමන් ජීවත්වන නොර්ෆොල්ක්හි සන්ඩ්රින්හැම් වතුයායේ ඇන්මර් ගෘහය වෙත ගමන් කිරීමට ප්‍රථමයෙන් ඉදිරි දින කිපයේදී කෙන්සින්ග්ටන් මාලිගයේ ගත කිරීමට නියමිතය.
එරට උගතුන් පවසන්නේ අළුත උපන් කුමරියට ඇලිස් සහ චාර්ලට් යන නම් තැබිමට නියමිත යැයි හෙළිදරව්කර තිබෙන බවයි. දෙවැනි නාමය ලෙස ඔලීවියා, එලිසෙබත් හෝ වික්ටෝරියා වැනි නමක් තැබීමටත් නියමිත බව ප්‍රකාශ වි තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රජ කුමරිය ඥාතීන් අතරට යයි
කිත්සිරි Monday, 04 May 2015 12:34 AM
අනේ හරිම ලස්සනයි (නි)
අරුණ Monday, 04 May 2015 01:12 PM
රෝස කැලෙන්ද ඇහින්දේ? ඇයි කුඩයක දාගෙන යන්නේ? (නි)
නුවන් Monday, 04 May 2015 01:24 PM
අපිට මොකද මේ ගොල්ලෝ මොනවා කළත්. මොවුන්ගෙන් අපිට කරදරයක් මිසක් කවදාවත් සෙතක් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. (නි)
කමල් Monday, 04 May 2015 07:56 PM
හරිම ලස්සනයි (නි)
රූපවතී Tuesday, 05 May 2015 04:19 AM
අරුණ, සෑම රටකම වාහනයේ ළදරුවෙකුව රැගෙන යනවිට නීතියෙන් අවසර දෙන්නේ මේ වාහන සීට් එකේ දරුවාව හිඳුවාගෙන සීට් බෙල්ට් එක දමාගෙන යනවා නම් පමණි. නැත්නම් දෙමාපියන් මාර්ගනීති කැඩීමේ වරදට දඩයක් ගෙවීමට නියම වෙනවා සේම උසාවියට බඩගාන්න සිදුවෙනවා. අපේ රට වලට දෙවි පිහිටයි වගේම "අලුත උපන් රාජ කුමාරිට අපේ සුභ පැතුම් .." (නි)
චමල් Tuesday, 05 May 2015 06:21 AM
ඒකට අපේ අය. අලුත උපන් ළමයින්ට දාන්නෙ දිව උලුක්වෙන නම්. සුද්දො නම් ඒගොල්ලන්ගෙ මුතුන් මිත්තන් සිහිවෙන්න ඒ නම් දානවා. අපේ බබෙකුට සිරියාවතී කියලා දැම්මොත් හිනාවෙයි. (නි)
බින්දු පෙරේරා Tuesday, 05 May 2015 10:14 AM
ඔබ හරි චමල්... දැන් බලන්න සුද්දෝ මොන තරම් අලුත් අලුත් දේවල් සොයාගත්තත් වෙනස් කරන්නේ නැති එකම දේ මේක විතරයි .. (අ)
ලංකාසිරි Tuesday, 05 May 2015 11:39 PM
ඇයට සුබ පැතුම්! (නි)