සිරියා රජයේ හෙලිකොප්ටරයකින් හෙලන ලද බැරල් බෝම්බ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 72කු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බොම්බ දමා ඇතතේ සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයටය.
සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන මේ ප්‍රහාරය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමින් පවසන්නේ සිරියා රජය සිදුකළ දරුණුතම සංහාරය මේ ප්‍රහාරය බවයි. පැරණි පැල්මරා නගරය සමීපයේ පිහිටි ටැඩ්මර් බන්ධනාගාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැර ඇත.
මෙම බන්ධනාගාරය දශක ගණනාවක් තිස්සේ සිරියාවේ පාලනයේ සංකේතයක් විය. මෙහි දේශපාලන සිරකරුවන් දහස් ගණනක් සිරගත කර තිබිණි. මොවුන් වසර ගණනක් තිස්සේ වද හිංසා සහ නොයෙක් රෝග වලට ගොදුරුවු අය බව වාර්තා වල දැක්වේ.
බැරල් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත්වු අය කුඩා කැබලි වලට කැඩි ගොස් ඇතැයිද, කඩසාප්පු සහ වාහන විශාල ප්‍රමාණයක් විනාශ වි ඇතැයි ද වාර්තවල දැක්වේ.
ප්‍රහාරයෙන් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ පිරිමින් ය. ඊට හේතුව අයිඑස් ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පවතින මෙවැනි ප්‍රදේශවල ස්ත්‍රීන් එලි මහනේ වැඩි ගැවසිමක් දක්වන නොමැති වීමයි.
සිරියා රජයේ හමුදා විසින් බැරල් බෝම්බ ප්‍රහාර රටේ විවිධ ප්‍රදේශවලට සෑම දිනකට එල්ල කරණ බව මාධ්‍ය වාර්තා හෙලි කරයි.
මෙම බැරල් බෝම්බ වල පිපිරුම් ද්‍රව්‍ය සමග උණ්ඩ කැබලි සහ ඇතැම් විට ක්ලෝරින් ද අඩංගු වෙයි.
එක්සත් ජාතින්ගේ ආරක්ෂක ප්‍රඥප්තියට අනුව යුධ කටයුතු වලට බැරල් බෝම්බ යොදා ගැනීමට හැකියාවක් නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රජයේ ප්‍රහාරයෙන් 72ක් මරුට
ශාන් සෞදි Sunday, 31 May 2015 06:54 AM
දැන් මේ සියලු ප්‍රඥප්ති නීති තියෙන්නේ රජයේ හමුදා වලට විතරද ත්‍රස්තවාදීන්ට හා ඇමරිකාවට මේවා බලපාන්නේ නැද්ද ? ත්‍රස්තවාදීන්ට ඔවුන්ට ඕනේ විනාශකාරී යුද උපකරණයක් භාවිතා කළ හැකි සේම යුරෝපයේ ඕනෙම රටකට ප්‍රඥප්තියෙන් පිටස්තර තහනම් කියන්නාවූ යුද අවියක් ත්‍රස්තවාදීන්ට ලබා දීමට අවසර ලබාදී ඇත්තේ කෙසේද ? ත්‍රස්තවාදය ලෝකයෙන් පන්නා දැමීමට ඉඩ නොදෙන්නේ යුරෝපය හා ඇමරිකාවයි ඔවුන්ට අවශ්‍ය වන්නේ ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් ඇතිකර ඔවුන්ගේ උපකරණ වෙළදාම තර ගැනීමටයි ඔවුන්ට එරෙහි වන ඕනෙම රටකට හෝ හිස නොනමන ඕනෙම කෙනෙකුට පහරදීම රටක් වුවද විනාශ කිරීමට ඔය කියන කිසිදු ප්‍රඥප්තියක් බලපාන්නේ නැත අනේ මානව හිමිකම් කියන ආයතනයද ගොරව ගොරව නිදියනු ඇත ආසියාතික හෝ අරාබිකර රටක් මෙවැන්නක් කළොත් උන් හීනෙන් අවදිවී මේක කතා කරනු ඇත ලෝකයේ නියම ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න ලෝකය හොදින් අවබෝධ කර ගත යුතුය (බ)