අඟහරු ග්‍රහයා වෙත යන ප්‍රථම පුද්ගලයා විමේ අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක පුහුණු වීම් ආරම්භ කැර ඇත. අඟහරුවෙත යාම තම එකම සිහිනය කැරගත් ඇලීස්සා කාර්සන් නමැති මේ දැරිය ඒ වෙනුවෙන් මහත් වෙහෙසුණාය.
ඇමෙරිකාවේ නාසා ආයතනය දැන් ඇගේ ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා අත දීමට තීරණය කර ඇත. විද්‍යා විෂයයන් සමග භාෂා කිහිපයක් අධ්‍යයය කරමින් සිටින ඇලීස්සා නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යාවකාශ කඳවුරු තුනට ම සහභාගී වූ පළමු තැනැත්තා වී සිටින්නීය.
ඇමෙරිකාවේ ලොයිසියානාහි බැටන් රෝග් හි පදිංචිකාරියක වූ ඇය පවසන්නේ තමන් කිසිදු දෙයකින් අසමර්ථ වීමට කැමැත්තක් නොදක්වන බවයි. ඇගේ පියා පවසන්නේ ද මේ සඳහා තම දියණිය ඉතා ධෛර්යයෙන් හා නිර්භයව සූදානම් කරන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රතු ග්‍රහයා තරණයට දැරියක් සූදානම්
යුනුස් Friday, 10 October 2014 05:02 AM
සමරේ(ගාල්ල) ..... අපේ කට්ටියත් ඉන්නවා නාසාවල (නදී)
ලසිත් Thursday, 09 October 2014 12:39 PM
අනේ ජයා, යවමු යවමු! කඩේ යන මල්ලත් එක්කම යවමු ! (නි)
රසික Thursday, 09 October 2014 01:23 PM
බන්දුල කොහොමත් ඉන්නේ මොලය උඩ ඉඳගෙන නිසා මෙවැනි ගමනකට අතිශයින් සුදුසුයි. (නදී)
මෙවන් Thursday, 09 October 2014 01:26 PM
මොලයේ රික්තයක් තිබෙන නිසා කොහොමටත් කඩේ යන භවතාව පටවල යවන්න පුළුවන් වේවි. (නදී)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 09 October 2014 02:07 PM
ඇමරිකාවට හැමෝම වගේ බනිනවා. ඇමරිකාවෙන් තමයි ලෝකෙට වැඩක් කරන්නේ. ලංකාවේ අයත් බැන බැන යන්නේ ඇමරිකාවට. මුස්ලිම් අයත් යන්නෙම ඇමරිකාවට. ගිහින් එහෙ තියන සියලුම පහසුකම් ලබා ගන්නවා ඒවා අරගෙනත් එහෙටම බනිනවා. (නදී)
බුද්ධි Thursday, 09 October 2014 02:18 PM
ලංකාෙව් මිනිස්සුන්ටදේශපාලනය ඇරෙන්න වෙන දෙයක් ඇත්තේම නැහැ. කතාකරන්න දෙයක් ඇත්තෙම නැහැ. (නදී)
සමීර මධුෂංක Thursday, 09 October 2014 02:57 PM
සුබ පැතුම් (නදී)
සමරේ(ගාල්ල) Thursday, 09 October 2014 02:59 PM
සුජාන් පුතේ මේ විශ්වය පිළිබදව විතරක් නෙමෙි සකල ලෝක ධාතුවම ගැන තාර්කික වුවත් පිළිගතහැකි විග්‍රයක් බුදුන් වහන්සේ දේශණාකරල තියෙනවා. පුතා නොපිළිගත්තට නාසා ආයතනයත් මෙි ඔස්සේ පර්යේෂණ කරනවා. මම නෙමෙි කියන්නෙ නාසා අයතනේ වැඩ කරන අපේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්. (නදී)
ශාන් Thursday, 09 October 2014 03:22 PM
අපේ අය දන්නේ බයිලා කියලා කමෙන්ට් දාන්න විතරයි. (නදී)
බංඩාර Thursday, 09 October 2014 03:41 PM
මේ දරුවා ලංකාවේ හිටියා නම් පිස්සු කියල අනික් අය කියනවා (නදී)
නුවන් මධුෂංක Thursday, 09 October 2014 03:50 PM
ඔබට සුභ පැතුම් (නදී)
බණ්ඩාර සරත් Thursday, 09 October 2014 04:58 PM
මේවාට ගොඩාක් සමත් රුසියානු කාන්තාවන් (නදී)
දයා අලහාකෝන් Thursday, 09 October 2014 05:03 PM
අර පුත්තලමේ ගුරුවරිය දණ ගස්සපු මන්ත්‍රීගේ දුවත් මේතනව යවමු. එතකොට ඒ කොට ගවුමත් ගිනස් වාර්ථාවට යයිනේ (නදී)
ජිලාන් Thursday, 09 October 2014 12:36 PM
පුළුවන් නම් බන්දුල උන්නැහෙවත් පටවලා අරිමු. මොන ග්‍රහලෝකයෙන් භාරගනීද කියලා තමයි ප්‍රශ්නේ. අපිම කරගැහුවොත් මිසක්! (නි)
සජිත් චන්දන Friday, 10 October 2014 05:27 AM
බොහොම හොඳයි ඔබට ජය (නදී)
රූපවතී Friday, 10 October 2014 06:23 AM
නාසා ආයතනයෙන් 2025 වෙනතුරු මේ දරුවට පුහුණු කරනවා. ඒ වෙනකොට මේ දරුවා හොද තරුණ වියේ . අපි වගේ අයව වයසින් වැඩි වීමත් ශාරීරික දුබලයනුත් ඒ 2025 වෙන විට බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා නාසා ආයතනය, රතුග්රහයගේ අයදුම් කරුවන්ට ගොඩාක් ලාබාල වයසේ අයටයි ඉහල ඉල්ලුමක් දී ඇත්තේ නව ජනා වාසයක් සදහා (නදී)
මිලාන් Friday, 10 October 2014 07:39 AM
සුභ පැතුම්! (නි)
ප්‍රියන්ති Friday, 10 October 2014 10:19 AM
මර්වින් සිල්වා යවන්න පුලුවන්ද දන්නේ නැහැ (නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 10 October 2014 01:47 PM
රොෂාන් ප්‍රනාන්දු - ඇමෙරිකාව තම ලෝකෙට වැඩ කරන්නේ කියන කතාවේ තේරුම මොකක්ද ? ඔය කියන්නේ ඇමෙරිකාව නැත්නම් මේ ලෝකය නැහැ කියලද? ඔයා දන්නවද යම් පුද්ගලයෙකුට අසීමිත බලයක් / ජනප්‍රියත්වයක් ලැබුණු විගස බොහෝවිට ඔහු අත්මාර්තකමී වෙනවා. ඒ ජනප්‍රියත්වය හා බලතන්හාව රැක ගන්න ඕනෙම දෙයක් කරන්න සූදානම් වෙනවා. අමෙරිකාවත් එහෙම තමා ඔවුන් දැන් ලෝකයේ සිටින සුපිරිබලවතුන් 5 දෙනා අතරින් හැමදාම ඉහලින් ඉන්න තමා උත්සාහ කරන්නේ, ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය අවි ආයුධ හා පරිඝනක, තිරිඟු පිටි හා රථ වාහන හා පරිඝණක වැනි දේවල්, අපේ රටට ජපානෙන් හා ඉන්දියාවෙන් වාහන ගෙන්වනවා, අනුන්වමරන්න අපිට ආයුධත් අවශ්‍ය නැහැ අමෙරිකාවෙන් විතරක් අපි යැපෙන්නේ නැහැ. ඔවුන් හොඳ දේවල් කරනවාට වඩා ලෝකයට කරන්නේ වැඩිම අයහපත් දේවල් තමා. (අ)
ගිහාන් Friday, 10 October 2014 02:00 PM
මෙයින්ම පේනවා. මේ රටවල දරුවන් කුඩා කාලයේ සිටම යම් අරමුණක් කරා ස්වාධීනව සිතාගෙන මහන්සි වෙන හැටි. අපේ රටේ ගැහැණු ළමයින්ට වයස 25 /26 දීත් අම්මලා "බෙඩ් ටී" එක අතටම ගෙනත් දීල බැන්දට පස්සේ ළමයිනුත් බලල දෙනවා. ඉතින් සමහරු හැම දෙයක්ම අතට ලැබෙන කන් බලාගෙන ඉන්නවා. (නදී)
උදය සෝමචන්ද්‍ර Friday, 10 October 2014 02:12 PM
ඕකත් අර හඳට ගියා වගේ ස්ටුඩියෝ එක ඇතුලේ වැඩක්ද දන්නේ නැහැ. මතකද හඳේ ඇමරිකන් කොඩිය ළෙලදෙනවා (නදී)
උදය සෝමචන්ද්‍ර Friday, 10 October 2014 02:13 PM
අම්මෝ මර්වින් සිල්වා අරින්න එපා. එහේ ඉන්න අයත් ගස් බදීවි (නදී)
චතුර Saturday, 11 October 2014 03:14 AM
අපේ සමහර අයට නම් එහේ යන්න ඕන නෑ. දැනටමත් ඉන්නේ අඟහරුවලින් ගොඩබැහැපු විදිහට තමයි. දියණියනි, මිනිස් වර්ගයා වෙනුවෙන් කරන මෙහෙයට තුති. (අ)
නදී Saturday, 11 October 2014 07:37 AM
සුභ පැතුම්! (අ)
රොෂාන් Sunday, 12 October 2014 04:05 AM
ඇමරිකාව මේ වගේ පරීක්ෂණ කරනවා ,එයින් ලෝකෙට පණිවිඩයක් දෙනවා.තව රටවල් වලිනුත් මේවගේ පරීක්සන කරනවා තමයි නමුත් ඇමරිකාව ඉදිරියෙන් ඉන්නවා.(හේ)
දිසා Sunday, 12 October 2014 04:07 AM
තවත් සොයා ගැනීමක් ලගදීම.(හේ)
රජින්ද Thursday, 09 October 2014 06:27 AM
මේ ලෝකය තුල සිද්ධවෙන්නා වූ ඕනෑම දෙයක ඇති යථානුරූපීබව වෙනත් ලොවක නැත. මිනිසා බිහි වුයේ පෘථිවියට ඔබින ලෙස විනා පරලෝකවලට ඔබින ලෙස නොවේ. එහෙයින් මේ පෘථිවියෙන් එහා කිසිදු මනුෂ්‍යයෙකුට පැවතිය නොහැක. (නි)
ලලිත් Wednesday, 08 October 2014 03:39 PM
අපේ අය කීපදෙනෙක්වත් ඔය එක්කම යවන්න බැරිවෙයිද? (නි)
සෑම් Wednesday, 08 October 2014 03:43 PM
ආඩම්බරයි. ඔයාට අඟහරු ලෝකෙට ගිහින් කරදරයක් නැතුව එන්න පුළුවන්. බැරිවෙලාවත් ලංකාවට ආවොත් තංගල්ල පැත්තේ නම් යන්න එපා (නි)
සමරේ(ගාල්ල) Wednesday, 08 October 2014 04:39 PM
පුදුමාකාර ආත්ම ධෛර්යක් ඇති දරුවෙක් නාසා ආයතනයේ අපේ අයත් සේවය කරනව. පුලුවන් නම් මෙි ග්රහතරනයට කලික් මේ දරුවට බුදුදහමේ උගන්වන භාවනා ක්‍රමවලට යොමුවීමෙි ක්‍රමයකුත් සලසාදෙන්න. (අ)
රූපවතී Wednesday, 08 October 2014 07:40 PM
මාත් ආසයි යන්න.ඒත් නැවත පෘථිවියට ඔවුන් අපිව ගෙන්වීමෙන් වැළකී සිටින නිසා යන්න ඉදිරිපත්වීමට අකමැතියි.මට මගේ දරුවන් දමා යන්න බැහැ. මා අවිවාහක කාන්තාවක් වුණා නම් එක සිතින් මාද ඉදිරිපත් වෙමි (නි)
සුජාන් Wednesday, 08 October 2014 09:19 PM
සමරේ, මේ ග්රහතරණ වලට යනකොට මොන භාවනා ක්‍රමද මාමේ? (නි)
ගමගේ Wednesday, 08 October 2014 11:34 PM
සමරේගේ කතාව නම් හරියට හරි (නි)
විරාජ් Thursday, 09 October 2014 02:49 AM
අපෙත් ඉන්නේ ඒ වගේ දක්ෂ දරුවෙක් අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යවපු... හැබැයි ඒක ගැන කතාවක්වත් නැහැ දැන්. (නි)
පොඩින් - අබුඩාබි Thursday, 09 October 2014 04:05 AM
අනේ මේ රූපවතියෝ ඔයයි මමයි යන අගහරු. ගෙදර තියන වැඩක් පලක් කරගෙන නහින දෙහින කලේ බණක් බාවනාවක් කරගෙන ඉන්නේ නැතුව (නදී)
රෝහණ Thursday, 09 October 2014 04:39 AM
විරාජ් අැයි දන්නේ නැද්ද එ්ක අභ්‍යවකාශයේදී විනාශ වුනා කියලා. (නදී)
විරාජ් Thursday, 09 October 2014 05:07 AM
රෝහණ ඒක විනාශ උනා නම් කට්ටියම අඬනවනේ. මම දැනුවත්ව නම් එහෙම විනාශයක් උනේ නැහැ (නදී)
විජේ Thursday, 09 October 2014 05:39 AM
අපි හිටපු ජනාධිපතිනි කුමාරතුංග මැතිනිය යවමු පොදු අපේක්ෂක විදියට රතු ග්‍රහයාගේ ඡන්දෙ ඉල්ලන්න. (නදී)
මංජු Thursday, 09 October 2014 05:45 AM
වාර්ථාවලට මුල් තැන දුන්නට පුංචි ළමයෙකුගෙන් ලැබෙන ප්‍රථිපල සාර්තකද කියා හිතන්නවත් බැරි තරමට ඇමරිකාව මෝඩද ? (නදී)
ගාමිණී සිරිවර්දන Wednesday, 08 October 2014 03:22 PM
ගැහැණු දරුවෙක් වෙලත්,තමන් තුළ ඇති උට්ඨාන වීර්යයටත් ,දැඩි අධිෂ්ටානයටත් සුභ පතමු! (නි)
අමන්දා Thursday, 09 October 2014 06:43 AM
මංජුද මෝඩ ඇමෙරිකාවද මෝඩ කියල කියන්න .(අ)
සංජීව Thursday, 09 October 2014 07:56 AM
ඔබට සුබ පැතුම් අපෙන්! (නි)
නිසාර් Thursday, 09 October 2014 08:19 AM
රතු ග්‍රහයාට යෑම ඔන්ලි වන් වේ. මිනිස්සු ගියාට පසුව අම්ම තාත්තා ,නෑදෑයන් හොයලා පිස්සු හැදිලා නිකන්ම මැරී යාවි ( මිනිස්සු අාසාවන්ට යටත් වීම තමන් විසින් විනාශය සොයාගැනීම මිස වෙන මොකුත් නැහැ ( අල්ලාහ් දෙවියන් විසින් සුද්ද කුරානය මඟින් මේ පෘතුවිය හැර අන් කිසිම ග්රහකයක මිනිසාට වාසය කිරීමට නොහැකි බව අපි වන මානවයාට කියා දී ඇත .....(අ)
ෂාන් Thursday, 09 October 2014 09:06 AM
ඉල්ලන් කන්න හදනවා වගෙයි.(අ)
පතිරණ Thursday, 09 October 2014 09:50 AM
අපේ කට්ටියත් පහුගිය දවස්වල චන්ද්‍රිකාවක් යැව්වා නේද? (නදී)
ගජමන් Thursday, 09 October 2014 10:18 AM
සමහරු බොරුවක් උනත් ඇත්ත වගේ කියන්න දක්ෂයි. ඒ උනාට බොරුවක් බව ඕනෑම ගොනෙකුට තේරෙනවා. (තොප්පිය හරිනම් දා ගන්න. හැබැයි දා ගෙන මට බනින්න එපා.) (නදී)
මාලි Thursday, 09 October 2014 10:21 AM
ඔබට ජය! (නි)
ජෙහාන් Thursday, 09 October 2014 10:50 AM
අපේ බන්දුල පෙරේරාවත් කඩේ යන සීමාව පුළුල් කරගන්නත් එක්ක ඔය අභ්‍යාවකාශ යානාවක දාලා යවන්න තිබුනා. ඒත් ඉතින් වෙන කිසිම ග්‍රහ ලෝකයකින් භාරගනීවිද කියලා තමයි සැක. (නි)
රෝහණ Thursday, 09 October 2014 11:44 AM
විරාජ්, ඔයා පත්තර බලන කෙනෙක් නෙමෙයි වගේ. (නි)
සහන් Thursday, 09 October 2014 11:47 AM
පුලුවන්කමක් තිබුණා නම් මම අර 'බට්ටිවත්' අරිනවා (නි)
පිටබැද්දර ජයා Thursday, 09 October 2014 11:50 AM
මොකද කියන්නේ කට්ටිය, අපේ කෙනෙක්වත් මේකටම නග්ගමුද ? (නි)
සිඩ්නි Thursday, 09 October 2014 11:56 AM
අපේ රටේ ඉන්න සමහර මිනිස්සු කරන සහ කළ වැඩ දකිද්දී මේවත් වැඩද කිවුවලු (නි)