X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


රබර් තාරාවා බබෙක් වෙයි

බි‍්‍රතාන්‍ය තරුණියක් ලැම්බර්ත් නුවර කිංග්ස් කොලේජ් රෝහල් රථ ගාලෙහි දරුවකු බිහි කළාය. ජෙසිකා වින්ටර් (21) නම් ඇයට කේයි නමින් රාත්තල් 6කුත් අවුන්ස 5 ක පිරිමි දරුවකු ලැබිණි.

ඉතා දරුණු කොන්ද කැක්කුමක් දැණුනු ඇය අළුයම 3 ට පමණ අවදි විය. තම දියණිය ප‍්‍රසූතිය සඳහා සූදාණම් වන බව දැන ගත් ඇගේ මව කි‍්‍රස්ටීන් හා පියා ඩැවෝන් ඇය රෝහලට රැගෙන යන ලදි.

දිග ඇඳුමක් ඇඳ සිටි ඇය වාහනයෙන් බසින අවස්ථාවේ රබර් තාරාවකු දෙපාදයේ ඇතිල්ලෙනවා වගේ දැනුණු බව කියන්නීය. ඒත් සමගම බිළිඳෙක්  හැඬිය. තමා දරුවා බිහි කර ඇති බව දැනගත් ඇය ‘ඔහු මෙහෙට ඇවිත්’ යනුවෙන් කෑ ගැසීය.

ඒත් සමගම ඇගේ පියාගේ දැන්වීමෙන් වෛද්‍යවරු අට දෙනෙක් මිනිත්තු කිහිපයක් ඇතුළත එහි පැමිණියත් ඒ වන විටත් බිළිඳා ඉපදී අවසානය. ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන මවත්, බිළිඳාත් වෛද්‍යවරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එදිනම නැවත නිවසට පිටත් කර යැවීය.

මේ ආකාරයෙන් එංගලන්ත තරුණියන් කිහිප දෙනෙක්ම නාන කාමරයෙහි, කාරයක, පොලිසියේ වැසිකිළියේ ආදි ස්ථානයන්හි බිළිඳුන් බිහි කළ අවස්ථා වාර්තා වී ඇති අතර එසේ කිරීමට හේතුව තරුණ අවදියේ පසුවන අය දරු ප‍්‍රසූතිය හෝ ගැබිණි සමය පිළිබඳ නිසි අවධානයක් හෝ අවබෝධයක් නොමැති නිසා බව බලධාරීහු චෝදනා කරති.



අදහස් (0)

රබර් තාරාවා බබෙක් වෙයි

කලණි Friday, 10 January 2014 03:48 AM

මාටින් බ්‍රිතාන්‍යයේ ඉන්න ඔක්කොම සුද්දෝ නෙවේ. මෙහෙම දේ වෙන්නේ කළු අයට විතරකුත් නෙවේ.(නදී)

:       0       0

චන්දරේ Tuesday, 14 January 2014 05:43 AM

සියනි කියන කතාව ඇත්ත.මුළු ලෝකෙම ඔලුවේ කඩා වැටුණ වගේ ඉන්නේ නැතුව මේ කට්ටිය එදිනෙදා වැඩ යහපත් මානසිකත්වයෙන් කරගෙන යනවා(දිල්)

:       0       0

කලණි Sunday, 12 January 2014 09:19 PM

සියනි, ඔබ කියන කතාව හැමෝටම සාදාරන නැහැ. බටහිර රටවල පාසල් ලමයි පවා ගැබ් ගන්නවා. ඉතින් හිතා ගන්න පුළුවන්නේ මානසිකත්වය හා සැලසුම. බස් එකේ සීට් එකක් වත් දෙන්නේ නැහැ. තනියම රෝහලට යන්නේ උදව්වට කවුරුත් නැති නිසා. අපේ රටේ අය තමන් ගැන පහත ලෙස හිතන එකය් වැරදි.නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 11 January 2014 01:25 AM

දරුවාගේ තාත්තා ගැන මොකුත්ම කියවිලා නැහැ මේ ලිපියේ, දන්නවනේ යුරෝපේ හැටි (දී)

:       0       0

සුජිත් Saturday, 11 January 2014 12:32 AM

කොහොම හරි කමක් නැහැ දෙන්නම් හොදින් නම් එච්චරයි (දී)

:       0       0

සියනි Friday, 10 January 2014 11:29 PM

මමද දන්නා විදියට විදේශීය රටවල කාන්තාවන් ගැබිණි අවස්ථාවේදී හොද මානසිකත්වයකින් ඉන්නේ. ඒ වගේම ඔවුන් තුල අනවශ්‍ය බියක් නැහැ ආරම්භයේ සිට ප්‍රසුතිය දක්වාම හොදින් තම එදිනෙදා කටුතුවල යෙදෙනවා මනා සැලසුමක් හා හොද ශකිත්මත් ගතියක් ඔවුන් තුල පිහිටා තිබෙන අතර එය සාමාන්‍ය තත්වයක් ලෙස දකිනවා සමහරු ප්‍රසුති වේදනා දැනුණු විට තනිවම තම වාහනයෙන් ගොස් රෝහල් ගත වෙනවා.(නදී)

:       0       0

සරත් Friday, 10 January 2014 12:09 PM

කවුද කියන්නේ ලංකාවේ මේවා වෙන්නේ නැහැ කියලා. මගේ යාලුවෙක් ගේ බිරිඳ දරුවා ප්‍රසුත කලේ ත්‍රී වීල් එකක. වින්නඹු කම කලේ මගේ යාළුවා. (නදී)

:       0       0

හර්ෂ Friday, 10 January 2014 10:31 AM

අනේ වාසනාවන්. පෙර පිනක්.(නදී)

:       0       0

සමන්ත Friday, 10 January 2014 05:35 AM

ලංකාවේ නම් මේ තත්වය ගොඩාක් වෙනස් දරු ප්‍රසුතිය ලං උනාම රෝහල් ගත වීමට අපේ අම්මලා පුරුදු වී සිටි, එය ඉතා හොද වැඩක් (දී)

:       0       0

ලාල් නුවර Thursday, 09 January 2014 01:42 PM

ඒ අතින් බලනකොට අපේ රටේ අය ගොඩක් දැනුවත් .(දී)

:       0       0

රිශාන්ත උඩවත්ත Friday, 10 January 2014 03:19 AM

මේ රටේ ඉන්නේ විවිධ පාට මිනිස්සු නැගෙනහිර ලන්ඩන් වල බහුලව ඉන්නේ ආසියානු සම්භවයක් තියෙන මිනිස්සු. ග්‍රිනිච් පැත්තේ කළු මිනිස්සු. නමත් ඒ හැමෝම බ්‍රිතාන්‍ය ජාතිකයන් නැතුව අප්‍රිකානු ආසියානු කළු සුදු ප්‍රශ්න මෙහෙ ඇතිවෙන්නේ නැහැ. පාටේ වැදගත්කමක් මෙහෙ නැහැ. අගය කලයුත්තේ විනාඩි කිහිපයකින් දොස්තරලා වැඩේ ඉවරකරපු ආකාරයයි. ලංකාවේ නම් ඕක යූ එන් පී කාරයා , දෙමල සිංහලයා මෙකී නොකී නොයෙකුත් ප්‍රශ්න.(නදී)

:       0       0

රන්ජනී Friday, 10 January 2014 03:18 AM

මෙහේ අම්මල ලංකාවේ අම්මල වගේ නෙවේ අන්තිම මොහොත දක්වා සාමාන්‍ය විදිහට ඉන්නවා. ළමයා ලැබිල දවසෙන් දෙකෙන් ආපහු සාමාන්‍ය විදිහට ඉන්නවා. මම හිතන්නේ මුල ඉදලම ලැබෙන ප්‍රතිකාර අනුව වෙන්නැති.(නදී)

:       0       0

රජීව් Thursday, 09 January 2014 08:57 PM

මවටත් දරුවාටත් දෙවි පිහිටයි.(නදී)

:       0       0

ජයතිලක Thursday, 09 January 2014 05:22 PM

මාටින්, එංගලන්තයේ අප්‍රිකානු සම්භවයක් ඇති අය බොහෝ සිටිනවා.(අ)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Thursday, 09 January 2014 05:14 PM

අපේ සමහර අයටත් ඔහොමම වෙනවා. සාක්කියට කුණු බක්කි ,ලඳු කැලෑවල දරු පැටව් දාල යනවා.(නදී)

:       0       0

මාටින් Thursday, 09 January 2014 02:32 PM

මෙයා අප්‍රිකානු වගේ පේන්නේ (දී)

:       0       0

මාධව Thursday, 09 January 2014 02:32 PM

දරු පැටියා නිරෝගීව ඉන්න එක ගැන සතුටුයි තෙරුවන් සරණයි අම්මාටයි පුංචි පුතාටයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site