ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ වෝල්ටර් උන්ඛෙහන් (73) සිරෙන් නිදහස් වූයේ පසුගිය 2011 වසරේදීය. ඒ බැංකුවක් කොල්ලකෑමේ චෝදනාවකට වරදකරු වී අවුරුදු 10 ක් සිරබත් කෑමෙන් පසුවය.
නිදහස් වූ දා පටන් නොයෙකුත් රැකියා සොයමින් ජීවිතය සරිකර ගැනීමට වෝල්ටර් උත්සාහ කළද මහලූ වියේ පසුවන ඔහුට රැකියා දීමට කිසිවෙකුත් කැමැති වූයේ නැත.
සිරේදී ගත කළ ජීවිතය නිදහස්ව ගතකරනා මේ ජීවිතයට වඩා දහස් වාරයක් අගනේයැයි ඔහුගේ සිතට නැගුණු වාර අනන්තය. ‘නිදහස්ව‘ ජීවත් වීමට බැරි තැන නැවත සිරගත වීමට වෝල්ටර් තීරණය කරන්නේ කිසිත් කර ගත නොහැකි වූ තැනය.
සියල්ල සැළැසුම් කර ප්‍රදේශයේ බැංකුවක් කොල්ලකා ඇතැයි බලධාරීන්ට පණිවුඩයක් ලැඛෙන්නේ මේ අතරවාරයේදීය.වහා එතැනට යන ඔවුහු ආරක්ෂක කැමරා පට නිරීක්ෂණය කිරීම ආරම්භ කරන්නේ සොරා කවර තරාතිරමක පුද්ගලයෙකුදැයි දැනැගැනීම පිණිසය.ඔවුන් අපේක්ෂා කළ පරිදි මුහුණ වසා ගත් මැරවර පෙනුමින් යුත් පුද්ගලයෙකු වෙනුවට කැමරා පට වල සටහන්ව තිබූයේ තට්ටය පෑදුණු මහලූ වයසේ පුද්ගලයෙකු සිය කබාය අස්සේ සගවාගෙන සිටි රිවෝල්වරයක් පෙන්වා බැංකු සේවකයන් බිය කර මුදල් ලබා ගන්නා ආකාරයයි.මේ ‘සොරා‘ අඩුගණනේ මුහුණ ආවරණය වන පරිදි වෙස්මුහුණක්වත් පැළැද සිටියේ නැත.
මෙනිසා සොරා අත්අඩංගුවට ගැනීමට බළධාරීන්ට ගතවනුයේ පැය කිහිපයකි.සොරා කවුරුත් හොදින් හදුනන වෝල්ටර්ය.ප්‍රශ්න කිරීම් හමුවේදී වෝල්ටර් පවසා ඇත්තේ පිටත නිදහස් ජීවිතයට වඩා තමන් සිරගෙදර ජීවිතය ප්‍රිය කරන බවයි.තමන් මරණයට පත් වන තුරු සිරගෙදර සිටිීමේ අරමුණින් මේ සොරකම සිදුකළ බව ඔහු කියා ඇත.වෝල්ටර්ට එරෙහිව චෝදනා ගොනු කරන බළධාරීන් පවසන්නේ වැරදිකරු වුවහොත් වෝල්ටර්ට වසර 20 කවත් සිර දඩුවමක් ලැඛෙනු ඇති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රස්සාවට හිරේ යයි
තිලක් Sunday, 17 February 2013 09:28 PM
අපේ අයටත් ඔය ක්‍රමයට ජීවිතය ගැටගහගන්න පුලුවන් වගෙයි.(නදී)
ගාමිණී Sunday, 17 February 2013 10:33 PM
නුපුරුදු දීගයට වඩා පුරුදු කනවැද්දුම් කම හොදයි කිව්වලු.(නදී)
දිසානායක Monday, 18 February 2013 10:56 AM
අපේ සීයට පෙන්නන්න නරකයි මේ ප්‍රවෘත්තිය. (ස)