X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


රැජනට ලැබුණු ඇත් දළ භාණ්ඩ වනසයි

බකින්ග්හැම් මාළිගයේ ඇති ඇත් දළ වලින් සැදි සියලූම ආකාරයේ බඩු භාණ්ඩ විනාශ කිරීමට තමන් කටයුතු කරන්නේයැයි විලියම් කුමරු ප්‍රතිඥාවක් දී ඇත.

විලියම් කුමරු මෙසේ ඇත් දළ වලින් සැදි භාණ්ඩ විනාශ කිරීමට ප්‍රතිඥාවක් දී තිඛෙනුයේ අපි්‍රකාව වැනි රටවල දළ ලබා ගැනීම වෙනුවෙන් අසීමිතව සිදුවන අනවසර ඇතුන් දඩයම් කිරීම් සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අරමුණින්ය.

බකින්ග්හැම් මාළිගයේ ඇත් දළ වලින් සැදි භාණ්ඩ 1200 ක් පමණ තිඛෙන අතර මේවායින් බොහෝමයක් එළිසඛෙත් රැජිණියට විවිධ රටවල රාජ්‍ය නායකයින් පිළිගැන්වූ ඒවා වන බව සදහන්ය.

අවාන්,ප්‍රතිමා,සිහිවටනයන් ආදියේ සිට ගෘහ භාණ්ඩ දක්වා භාණ්ඩ මේ එකතුවේ තිබේ.

ඉතා විරල ඝණයේ නිර්මානයන් රැසක් ඇති මේ භාණ්ඩ එකතුවේ අගය මිල කළ නොහැකි තරම් වේ.

විලියම් කුමරු සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටින්නෙකි.ඔහුගේ පියා වන චාල්ස් කුමරුද එසේමය.

විලියම් කුමරුගේ මේ ප්‍රතිඥාව බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්ව තිඛෙන අතර ඔවුන්ට අනුව විලියම් කුමරු ආදර්ශවත් අනාගත නායකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටී.

කලා කෘතිවලට ඇලූම්කරන්නවුන්ගේ මතය නම් මිීට වෙනස්ය.මෙම නිර්මාන වල අගය මිල කළ නොහැකි යැයි පවසන ඔවුන් ඒවා සංරක්ෂණය කළ යුතුයැයි යන මතයේ සිටී.ලොව සිදුවන අනවසර ඇතුන් දඩයම් හා මෙම නිර්මානයන් අතර කිසිදු සම්බන්ධතාවක් නැතැයිද විලියම් කුමරු කිරීමට යන්නේ නිශ්ඵල දෙයක් යැයිද ඔවුන් කියයි.



අදහස් (0)

රැජනට ලැබුණු ඇත් දළ භාණ්ඩ වනසයි

විනීතා රණවල Wednesday, 19 February 2014 10:02 AM

ඉදිරියේදී සතුන්ව නොමරන්න දෙයක් කරනවානම් හොඳා.(අ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 20 February 2014 06:09 AM

ඇමරිකාව සහා යුරෝපය ,අරාබි සහා අප්‍රිකා රට වල්වල අන්‍යවශ්‍ය යුද්ද ඇති කර දස දාහස් ගණන් අහිංසක සිවිල් ජනතාව ඝගාතනය කරනවා ඒවාට කට ඇරෙන්නේ නැහැ ,කැලේ සිටින වන සත්තු බදාගෙන (අ)

:       0       0

සත්‍යයා Thursday, 20 February 2014 06:04 AM

අන්න නියම පුත්තු. ඔටුන්න නිකම්ම ඔළුවට වැටෙන කම් බලා ඉන්න පුත්තුන්ට විලියම් මහඟු ආදර්ශයක් (අ)

:       0       0

සංජීව Thursday, 20 February 2014 05:47 AM

මගේ අදහස නම් මේවා වෙන්දේසි කොට උපයන මුදල් සතුන් සංරක්ෂණයත් මින් ඉදිරියට මෙවැනි භණා්ඩ තෑගී ලෙස නොගැනිමත් ය (අ)

:       0       0

ලාල් මහනුවර Thursday, 20 February 2014 02:18 AM

විනාස කරනවට වඩා හොදයි ඒවා සංරක්ෂණය කීරීම සහ අලුතින් රට තුලට ගෙන ඊම තහනම් කරන එක . (අ)

:       0       0

සුජිත් Wednesday, 19 February 2014 09:14 PM

අනේ සෆිස් ,වෙලාවට හරකාගේ දල නොආවේ ඇතාගේ වගේ එහෙම අවනම් අද පින්නවල ඇත්තු විතරක් නෙමෙයි හරකුන්වත් දන්නා වෙනවා, (අ)

:       0       0

සෆීස් Wednesday, 19 February 2014 04:23 PM

ඒ දළ ගත්තේ සතා ස්වභාවිකකව මියගියාට පසුවනම් ? (අ)

:       0       0

කසුන් Wednesday, 19 February 2014 03:56 PM

විනාශ කරන එක හොඳයි , ඒ වගේම එවෙනි භාණ්ඩ නිෂ්පාදනය . විකිණීම, හා ප්‍රදර්ශනයත් තහනම් කළයුතුයි (අ)

:       0       0

හැරල් Wednesday, 19 February 2014 03:09 PM

විලියම් කුමාරය හරි , හරියටම හරි , (අ)

:       0       0

ඉන්දික Wednesday, 19 February 2014 01:14 PM

එයාගේ මුත්තලාගේ පුරුදුනේ. ලංකාවට ඇවිල්ල කරෙත් ඔයවගේ වැඩ තමයි. (අ)

:       0       0

නන්දන Wednesday, 19 February 2014 12:12 PM

මේක තරමක් හිතන්න ඕන ප්‍රස්නයක්. මේ කලාත්මක බඩු නිකම්ම ඇත දල නොවෙය්. ඔය අතර අපේ රටේ ශිල්පියෙක් හදපු ඇත්දළ පොල්මලක් තියනවා. එක චොපුව ඇරියම ඉබේම දිහා ඇරෙනවා. අපිට එක ආඩම්බරයක් වෙන්නේ ඇත දල නිසා නොවී. අපේ ශිල්පියෙක්ගේ නිර්මාණයක් නිසා. ඇත්දළ නොවී ඔය විනාස කරන්නේ. ලෝකට අයිත ඒ නිර්මාණ. ඒවා විනවා කරන්න ඔහුට අයිතියක් නැත. (අ)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 18 February 2014 03:34 PM

විලියම් කුමාරයාට මොලයක් නැද්ද ?මෙතරම වටිනාකම් ඇති වස්තුන් විනාශ කරනවාට වඩා වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් ,ආසියාවේ,අප්‍රිකාවේ අලි, ඇතුන්ගේ සංරක්ෂණයට යොදවා ,ලංකාවේ අලි ඇතුන් ගැනත් අනුකම්පාවක් කරන්න. (දී)

:       0       0

සමන්ති Wednesday, 19 February 2014 07:23 AM

මේවා කෞතුක වස්තු ,විනාස කිරීම මෝඩ වැඩකි .දැන් කරන්න තියන්නේ විවෘත්ත ප්‍රකාසයක්කර සත්ව කොටස්වලින් සාදන නිෂ්පාදන කිසිම ආකාරකින් බරනොගෙනසිටීමයි.පිහාටු තොප්පි ,සත්ව සම් වලින්සාදනලද ඉනපටි ,පාවහන් ,ඇත්දළ කොටස්වලින් සාදනලද වත්නාකමක් ඇති බවකියන එහෙත් කිසිම වටිනාකමක් නොමැති "ගජමුතු" සත්ව කොටස් වලින් සාදන ගෘහ භාණ්ධ මේවාට අයත්ය . (අ)

:       0       0

සත්‍යයා Wednesday, 19 February 2014 06:50 AM

අන්න නියම පුත්තු. ඔටුන්න නිකම්ම ඔළුවට වැටෙන කම් බලා ඉන්න පුත්තුන්ට විලියම් මහඟු ආදර්ශයක් (අ)

:       0       0

රෝහිත Wednesday, 19 February 2014 02:45 AM

ඒකාලේ අපේ රටේ අලි ඇතුන් රංචු පිටිං මරල දැන් බොරු කියනවා (දී)

:       0       0

කුමාර Tuesday, 18 February 2014 09:36 PM

බේකර් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා අපේ රටේ ඇතුන් දහස් ගනණක් හුදු විනෝදය තකා වෙඩි තබා සමූල ඝාතනය කල බව විලියම් දන්නෙ නැතිව ඇති (අ)

:       0       0

සිතුම් Tuesday, 18 February 2014 09:18 PM

සතාටත් නැහැ රජිනටත් නැහැ (දී)

:       0       0

මහීපාල Tuesday, 18 February 2014 07:30 PM

"විලියම් කුමාරයාට මොලයක් නැද්ද", අනේ ගාමිණී මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙනවා, ව්ලියම් කුමාරයාට කරන දේ කොච්චර වැදගත්ද කියල. (දී)

:       0       0

ගොඩයා Tuesday, 18 February 2014 07:26 PM

ගාමිණී සහ නිලුකා ගේ කතාවලින් තේරෙනවා අපේ මිනිස්සුන්ගේ ආකල්ප. අහිංසක සත්තු මරල හදන දේවල් වල තියෙන වටිනාකම මොකක්ද. වටින්නේ ඒ සත්තුන්ගේ ජීවිත, ඊට වඩා වටිනවද විසිතුරු භාණ්ඩ. වෙන්දේසියේ විකුණුවොත් ඒවා එකතුකරන්නන්ට දිරි දීමක්, විනාස කලහම එකතුකරනන්ව අධ්යිර්ය කරනවා. (දී)

:       0       0

සැසි' Tuesday, 18 February 2014 05:22 PM

සතුන්ගේ දල වලින් හදන බඩු වලට වඩා සතුන්ගේ ජිවිත වටිනා බව තේරුම් ගත්ත විලියම් කුමරුට ප්‍රණාමය !!!! ඒ දේවල් වටිනා නිසා තමයි අසරණ සත්තුන්ගේ ජිවිත නැති වෙන්නේ.. (දී)

:       0       0

විනුක Tuesday, 18 February 2014 05:11 PM

අපරාදේ අපිට දෙන්න

:       0       0

නිලුකා Tuesday, 18 February 2014 04:19 PM

විලියම් කුමරු වටිනා දේවල් වල වටිනා කම දන්නේ නැද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site