X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


රියැලිටියේ ඇත්ත හෙළි වේ

රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලින් මවා පාන සිහින ලෝකයක ජීවත් වන බි‍්‍රතාන්‍යය තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ලබාදෙනවාට වඩා එම අවස්ථා විදෙස් රටවලින් පැමිණෙන ශ‍්‍රමිකයින්ට ලබාදීමට බි‍්‍රතාන්‍යයේ සමාගම් කටයුතු කරමින් සිටින බව සමික්ෂණයකින් හෙළිව ඇත.

බි‍්‍රතාන්‍යයේ ආර්ථික හා සමාජ පර්යේෂණ ආයතනය සිදුකර ඇති මෙම සමිීක්ෂණයට අනුව විදෙස් ශ‍්‍රමිකයින් දේශීය ශ‍්‍රමිකයින්ට වඩා වෙහෙසවී වැඩෙහි යෙදෙන්නේ යැයි බි‍්‍රතාන්‍යයේ නම ගිය සමාගම් බහුතරයකගේ අදහස වී තිබේ.

මෙවන් තත්ත්වයක් උද්ගත වීමට හේතු පිළිඹදවත් සොයාබලා ඇති අතර එහිදී අනාවරණයව තිබෙන්නේ රූපවාහිනී රියැලිටි වැඩසටහන් වල පෙන්වනවාක් මෙන් විනාඩි 5 න් ජනපි‍්‍රය විය හැකි යැයි බි‍්‍රතාන්‍යය තරුණ පරම්පරාවේ බහුතරය සිතා සිටින බවයි.ඉගෙනීම ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැති නිසා ඔවුන්ට අවසන ඉතිරි වන්නේ පාසලින් ලත් අස්වීමේ සහතිකය පමණක් බවත් මෙනිසා විවිධාකාර නිපුණතා වලින් පිරි විදෙස් ශ‍්‍රමිකයින් හා තරග කිරීමට ඔවුනට හැකියාවක් ඇත්තේම නැති තරම් බවත් ආර්ථික හා සමාජ පර්යේෂණ ආයතනය කියයි.

බි‍්‍රතාන්‍යයට සංක‍්‍රමණිකයින් පැමිණීම රටට ගැටලූවක් වී ඇතත් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බි‍්‍රතාන්‍යය කි‍්‍රයාත්මක වන්නේ සංක‍්‍රමණිකයින්ගේ දායකත්වය නිසාවෙන්ම බවත් සමිීක්ෂණ වාර්තාවේ සදහන් වේ’

 

 



අදහස් (0)

රියැලිටියේ ඇත්ත හෙළි වේ

දුරන්ග් Thursday, 07 November 2013 02:58 PM

මෙන්ඩිස් , මම නම් ඔයාගේ අදහසට ලංසු තබන්නේ රත්තරන් හෝ දියමන්ති වලින් නොව "ප්ලැටිනම්" වලිනි. (ස)

:       0       0

චමත් [ලංකාව] Friday, 08 November 2013 05:08 PM

ආරියසේන සහ නුගේගොඩ කෙටියෙන්ම කිව්වා සම්පුර්ණ ඇත්ත තත්වය. විජේසිරි සුද්දෝ,අපි රස්සාවට ගිය ගමන්ම, අපිව ගණන් ගන්නේ නැ තමයි. සුද්දන්ට වැඩිය අපි වැඩ පෙන්නන්න ගත්තහම, ඉස්සෙල්ලාම සුද්දෝ අපිට දෙකට නැවෙනවා. ඊට පස්සේ සුද්දෝ අපිට බඩු ගේන්න කඩේ යනවා. සත්තක ඇත්ත මම මේ කියන්නේ.(නදී)

:       0       0

විජේසිරි Friday, 08 November 2013 02:41 PM

ලංකාවේ අයව සුද්දෝ සත පහකට ගණන් ගන්නේ නෑ කියන්නේ ඇත්තද? (ස)

:       0       0

නුගේගොඩ Friday, 08 November 2013 09:06 AM

නිපුණතා සහතිකය ඇත්නම් අපට බොහෝ දේ කල හැකියි. යුරෝපිය සිහිනය සැබෑ කර ගැනීම ඉතාම පහසුයි. (ස)

:       0       0

ආරියසේන Friday, 08 November 2013 06:26 AM

තරුණ තරුණයින්ගේ පාසල් සහතිකය හා උපාධි සහතික වලට වැඩිය නිපුණතා සහතිකය සහ පළපුරුද්දට රැකියාවකට බඳවා ගැනීමේදී මුල් තැන ලැබේ. (නි)

:       0       0

සෙනරත් Thursday, 07 November 2013 11:37 PM

මෙන්ඩිස්, ඔබේ අදහස් වලට අපිද එකග වෙමු. දිල්ෂාන්, අමාරු වැඩේ ආවොත් රැකියාවක් සොයා ගැනීමට වඩා පැමිණීමට වීසා හදා ගැනීමය. (දී)

:       0       0

කුමාර Thursday, 07 November 2013 09:44 PM

විකාර වැඩ අනේ (දී)

:       0       0

වෙදමහත්තයා Thursday, 07 November 2013 05:57 PM

අපේ රට පාලනය කරන 8 පාස් කරපු නැති කසිප්පුකාරයන්, මත් කුඩුකාරයන් . පත් කරන්නේ අපේම නුගත් ජනතාව. ජනතාව දැනුවත් වෙන තුරු සහ බංකොලොත් දේශපාලුවන්ට කඩේ යෑම කරනා තුරු මේ ක්‍රමය වෙනස් වන්නේ නැත. පක්ෂයකට බැදී සිටීමත් අන්ධව සිටීමකි (නි)

:       0       0

ශ්‍රී සුබ රත්න Thursday, 07 November 2013 05:35 PM

නමෝ විත්තියෙන් අපිත් මොනවා හරි කරමු නේද ? (නි)

:       0       0

මෙන්ඩිස් Wednesday, 06 November 2013 05:16 PM

ලංකාවත් මේ යන විදියට ගියොත් කවදා හරි ඕක තමා වෙන්නේ. හිතා ඉන්නේ නැටුවමයි සින්දු කිව්වමයි (ඒකත් අනුන්ගේ කොපි) ඔක්කොම හරි කියලානේ. අපේ ළමයින්ටත් තාරකා උන්මාදේ බලෙන් හදවත් වල පුරවලා ඉදිරි පරම්පරාව පුස්සෝ කරවනවා. කවදා හරි ලංකාව දියුණු වුණහම ඉන්දියන්කාරයෝ රොත්ත පිටින් ඇවිල්ලා මෙහෙ පදිංචි වෙලා අඩු පඩියට වැඩ කරාවි. එදාට අපේ අයට වෙන්නේ ඉතින් උඩ බලාගෙන ඉන්න. ලංකාවේ අපේම ආයතනයක වැඩ කරන ගමන් ඉන්දියන්කාරයෙකුට 'සර්' කියන්න වෙන එක හොඳයිද? රට යන අත පේන හිතේ අමාරුවට ලිව්වේ (නි)

:       0       0

සුමේධ Thursday, 07 November 2013 02:16 PM

අපේ මිනිස්සු මෝඩයි. උගත් මිනිහෙක් ඡන්දෙ ඉල්ලුවොත් ඇපත් නැ හැ. (නදී)

:       0       0

චන්දික Thursday, 07 November 2013 11:34 AM

ඇත්ත ටෙරෙනවාද (දී)

:       0       0

සුනිල් Thursday, 07 November 2013 09:13 AM

අපේ රටට දොස් කියන්න එපා.මේ රත්තරන් දේශය පාලනය කරන කසිප්පුකාරයෝ, කුඩුකාරයෝ, අට සමත් නැති අයගේ තීරණ නිසා අපේ රට ඉන්දියාවේ දංගෙඩියට තියලා තියෙන්නේ ! (නි)

:       0       0

චින්තක Thursday, 07 November 2013 05:52 AM

මැන්ඩිස් හරියටම හරි. කට්ටිය හිතන් ඉන්නේ අපි ඉන්දියාවට වැඩිය ඉදිරියෙන් කියලා.(නදී)

:       0       0

කුමාරි Thursday, 07 November 2013 02:27 AM

මිනිසා හදට ගියාලු... මිනිසා දියුණු වෙලාලු.... ලෝකේ උමතු වෙලාලු.... (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 06 November 2013 09:16 PM

හේමන්ත,මම ඉන්නෙත් ඔය කියන රටේ තමා. මැරෙනවා නම් කොහේ හිටියත් මැරෙනවා. අපි ලංකාවෙන් ගන්න පඩිය මොකක්ද කියලා හිතෙනවා. මම උපයන මුදලෙන් සෑහෙන මුදලක් ගෙවනවා ඉන්න තැනට. ලොකු ඉතුරුවකුත් තිබෙනවා. මම නම් කියන්නේ පුළුවන් කෙනෙක් මෙහෙට එන්න කියලා. අාවොත් රැකියා හොයලා දෙන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුලුවන් නම් හොදයි (නි)

:       0       0

සිරියලතා Wednesday, 06 November 2013 09:12 PM

මෙන්ඩිස්, පංකාදු වචන ටික. මගෙන් 5ක් ඔන්න (නි)

:       0       0

හේමන්ත Wednesday, 06 November 2013 07:39 PM

එහෙ ගිහින් මැරුම් කනවට වඩා උපන් දේශයේ බඩගින්නේ ඉන්න එකත් දාහෙන් සම්පතයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site