රුසියානු හමුදා යුක්රේන නගරවලට ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ ඉරානයේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් බවත්, ඉරාන හමුදාවේ නිලධාරීන් තාක්ෂණ ශිල්පීන් කණ්ඩායමක් රුසියන් හමුදාවට සහාය දැක්වීමට යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයට පැමිණ සිටින බවත් ඇමෙරිකාව පවසයි.
යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය 2014 වසරේ සිට පවතින්නේ රුසියාවේ කොටසක් ලෙසය. රුසියන් හමුදා ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කර ගත්තේ පහර දීමෙන් පසුවය.
රුසියාව, ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා මිලදී ගෙන ඒවායින් යුක්රේන නගරවල විදුලි බලාගාර, ජල සැපැයුම් පද්ධති ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. රුසියන් හමුදාව උත්සාහ ගන්නේ යුක්රේන වැසියන්ගේ යටිතල පහසුනම් අඩපණ කර දැමීමට යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කර තිබේ.
යුක්රේන ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ රුසියන් හමුදා ඉරානයේ නිෂ්පාදිත ‘කමිකාසේ’ වර්ගයේ ඩ්‍රෝන යානා ප්‍රහාර සඳහා භාවිතයට ගන්නා බවය. යුක්රේන ආරක්ෂක අංශ ඉරාන ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙලා ඇතැයි ද පැවැසෙයි.
කෙසේ නමුත් ඇමෙරිකාවෙන් සහ යුක්රේන රජයෙන් එල්ල වන චෝදනා ඉරානයත් රුසියාවත් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. තමන් ඉරානයෙන් මිසයිල හෝ ඩ්‍රෝන යානා හෝ මිලදී ගෙන නැතැයි රුසියාව පවසා ඇති අතර, ඉරානය පවසා ඇත්තේ, තමන් කිසිදු අවස්ථාවක රුසියාවට මිසයිල හෝ ඩ්‍රෝන යානා හෝ විකුණා නැති බවය.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුසියන් හමුදා පහර දෙන්නේ ඉරාන ඩ්‍රෝන යානාවලින්