අඟහරු ග්‍රහයාගේ ‘පෝබෝස්’ චන්ද්‍රයා ගවේෂණයට ගොස් මඟ වැරදුණු රුසියා ගවේෂණ යානය පෙරේදා (15) යළි පෘථිවියට පැමිණි අතර පෘථිවි වායුගෝලයේදී විනාශ වී ගිය යානයේ සුන්බුන් දකුණු ඇමෙරිකාවේ චිලී රාජ්‍යයට නුදුරින් පැසිෆික් සාගරයට කඩා වැටුණි.
රුසියා විද්‍යාඥයන් මුලින් අනුමාන කළේ යානයේ සුන්බුන් ඉන්දියන් සාගරයට පතිත වනු ඇතැයි කියාය.
ෆෝබොස් - ග්රන්ට් මාර්ස් යනුවෙන් නම් කළ එම ගවේෂණ යානය පසුගිය නොවැම්බර් මස 8 වැනිදා අඟහරු බලා පිටත් කර හැරුණි. එහෙත් ඊට අඟහරු බලා යන නිසි ගමන් මඟට පිවිසීමට නොහැකි වී පෘථිවි කක්ෂයේ සිර විය. එය යළි පෘථිවියට කඩා වැටුණේ ඉන් පසුවය.
ටොන් 14 ක් බර යානය පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ පසු අධික තාපය හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර මුහුදට කඩා වැටුණේ කැබැලි කිහිපයක් පමණි.
මීට පෙරද මේ අයුරින් උඩුගුවනට යැවුණු අභ්‍යවකාශ යානා මෙන්ම අභ්‍යවකාශ නැවැතුම්පොළ දෙකක් ද පාලනය කර ගත නොහැකිව පොළොවට කඩා වැටී තිබේ.
2003 දී ටොන් 100ක් බර කොලම්බියා අභ්‍යවකාශ ෂටලය ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ කාන්තාරබද ප්‍රදේශයකට කඩා වැටුණි. 1979 වසරේ දී ටොන් 85 ක් බර ස්කයිලැබ් අභ්‍යවකාශ නැවැතුම්පොළ ඔස්ටේ්රලියාවේ කාන්තාර ප්‍රදේශයකට කඩා වැටුණි. 1991 දී ටොන් 44 ක් බර සැල්යුට් 7- කොස්මොස් 1686 අභ්‍යවකාශ නැවැතුම්පොළ කඩා වැටුණේ ආජන්ටිනාවටය. 1979 දී පෙගසස් 2 අභ්‍යවකාශ යානය අත්ලාන්තික් සාගරයට කඩා වැටුණු අතර පසුගිය වසරේ එනම් 2011 දී බස් රියක් තරමට ලොකු ටොන් 6 ක් බර යූඒආර්එස් චන්ද්‍රිකාව පැසිපික් සාගරයට කඩා වැටුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුසියා ගවේෂණ යානයේ සුන්බුන් පැසිෆික් සාගරයට