ටීවී5 මොන්ඩ් ප්‍රංශ රූපවාහිනී ජාලයට එල්ලවූ සයිබර් ප්‍රහාරය රුසියා හැකර්කරුවන්ගේ ක්‍රියාවක් බවට එරට පොලිසිය විශ්වාස කරතියි බීබීසී පුවත් සේවය කියයි.
ඉස්ලාම් ආගමිකයන් නියෝජනය කරන ජිහාඩ් ත්‍රස්තවාදීහු ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙබ් අඩවියෙන් ප්‍රකාශ කර සිටිති.
ප්‍රංශ මාධ්‍යයට අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් ඒපීටී28 නමැති රුසියා හැකර් කණ්ඩායමක් කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති බව වාර්තාවේ. ඒපීටී 28 කණ්ඩායම මීට පෙර ඇමරිකාවේ ධවල මන්දිරයේ කටයුතු හැක් කිරීමට උත්සාහ කර ඇතැයිද වාර්තාවේ.
නේටෝ සාමාජිකයන්ගේ පරිගණක පද්ධතිය ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල වී ඇති අතර රුසියා විරුද්ධවාදීන් හා යුක්රේන ක්‍රියාකාරීන් මෙයට සම්බන්ධව ඇතැයි පුවත්පත් වාර්තා කියයි.
සයිබර් ප්‍රහාරය සඳහා යොදාගත් පරිගණකවල අයිපී අංක සොයා පරීක්ෂණ දියත්වී ඇතැයි අධිකරණ ආරංචි පවසයි.
ප්‍රහාරයෙන් පසුව එම රූපවාහිනී ජාලය පෙර පටිගත කරන ලද වැඩසටහන් විකාශය කරන අතර ඔවුන් එය හඳුන්වා ඇත්තේ රූපවාහිනී ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් ලෙසයි.
ඉස්ලාම් රාජ්‍යයන්ගෙන් ඉවත්වී සිටින ලෙස ඔවුන්ගේ ෆේස්බුක් පිටුව මගින් ප්‍රංශ යුද භටයන්ට අනතුරු ඇඟවීමටද ක්‍රියා කර ඇත.
අයි එස් සටන්කාමීන්ට එරෙහිව ක්‍රියාත්මක ප්‍රංශ භටයන්ගේ හැඳුනුම්පත් ඇතුළත් වාර්තා පවා ප්‍රසිද්ධියට පත් කිරීමට හැකර්කරුවන් ක්‍රියා කර ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුසියා හැකරා ප්‍රංශයට පනී
දුමින්ද Thursday, 11 June 2015 04:41 PM
තුන්වන ලෝක යුද්ධයේ අලුත් පෙරමුණ! (නි)