රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටින නැගෙනහිර යුක්රේනයේ, ඩොනෙස්ක්, ලුහාන්ස්ක්, සැපොරෝෂ් සහ කර්සෝන් යන පළාත්වල ජනමත විමසුම් පැවැත්විණි. ඒ, යුක්රේනයෙන් වෙන්වී රුසියාවේ කොටසක් වීමට එම පළාත්වල වැසියන්ගේ කැමැත්ත විමසමිනි.
ජනමත විමසුමේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් බවත්, යුක්රේනයේ, ඩොනෙස්ක්, ලුහාන්ස්ක්, සැපොරෝෂ් සහ කර්සෝන් යන පළාත්වල බහුතරය, යුක්රේනයෙන් වෙන්වී රුසියාව සමඟ එක් වීමට කැමැත්ත පළ කර තිබේ.
අවසන් වරට ජනමත විමසුම පැවැත්වූයේ කර්සොන් පළාත කේන්ද්‍රකොට ගනිමිනි. එම පළාතේ වැසියන්ගෙන් සියයට 87 කට වඩා කැමැත්ත පළ කර ඇත්තේ රුසියාව සමඟ එක් වීමටය. සැපොරෝෂ් පළාතේ සියයට 93 ක් රුසියාව සමඟ එක් වී රුසියන් පාලනයක් යටතේ ජීවත් වීමට කැමැත්ත පළ කර ඇත.
ඊට අමතරව, ඩොනෙට්ස්ක් පළාතේ ජනතාවගෙන් සියයට 99ක් ද ලුහාන්ස්ක් පළාතේ ජනතාවගෙන් සියයට 98 ක් ද රුසියාව සමඟ එක් වීමට කැමැත්ත පළ කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසා තිබේ.
රුසියාව පැවැත්වූ මෙම ජනමත විමසුම කිසිසේත් පිළිනොගන්නා බව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පවසා තිබේ. ජනමත විමසුම් හේතුවෙන් යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවත් සමඟ තවදුරටත් රාජ තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම කළ නොහැකි බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පෙන්වා දී තිබේ.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුසියාව අල්ලා ගත් යුක්රේන ප්‍රදේශවල ජනමත විමසුම්