ඇමෙරිකා රජයේ රහස් ලොවට හෙළි කළ එඞ්වඞ් ස්නෝව්ඩන් සම්බන්ධයෙන් රුසියානු රජය සමඟ සාකච්ඡා කර ඔහු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ජනපති ඔබාමා ඉදිරිපත් වනු ඇතැයි ධවල මන්දිරය ඊයේ (18) නිවේදනය කළේය.
ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරුවකු වන ඇමෙරිකන් ජාතික ස්නෝව්ඩන් මේ වනවිට රුසියාවේ ගුවන්තොටුපොළක රැඳී සිටී.
ඇමෙරිකා රජය ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය අහෝසි කර ඇති හෙයින් ඔහුට රුසියාවෙන් පිටවීමේ හැකියාවක් නැත.
ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇති අතර වෙනිසියුලාව ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
රුසියාව ද ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට හානියක් වන ආකාරයේ රහස් පිටකිරීම වහා නැවැත්විය යුතුය යන කොන්දේසිය මතය.
එම කොන්දේසියට ස්නෝව්ඩන් එකඟ නොවේ. කෙසේ නමුත් පෙරේදා (17) වාර්තා වූයේ ස්නෝව්ඩන් යළිත් වරක් රුසියාවෙන් රැකවරණ ඉල්ලීමට උන්නදුවක් දක්වන බවය.
මේ අතර, ඇමෙරිකා රජය, එරට ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා සිදු කරන එම ඔත්තු බැලීම්වලට එරෙහිව එරට සමාගම් 19 ක් ඇමෙරිකා රජයට නඩු පවරා ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා රජය සිදු කරන එම ඔත්තු බැලීම් ව්‍යවස්ථාවට පටහැණි බව පවසමින්, එම ඔත්තු බැලීම් වහා නවත්වන්නැයි බල කරමින් සැන් ෆ‍්‍රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණය එම නඩු පැවැරීම කළේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහ සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන සමඟ එක් වෙමිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුසියාව සමඟ සාකච්ඡා කරන්න ඇමෙරිකා ජනපති සූදානම් වෙයි
ඉන්දු ජයකොඩි Friday, 19 July 2013 10:39 AM
මෙන්න අපේ මානව හිමිකම් ගැන කතා කරන අය.(නදී)
බණ්ඩාර Friday, 19 July 2013 11:58 AM
ලංකාවේ මානව හිමිකම් ගැන හඬනගන අය වෙහෙසෙන්නේ අපරාධකාරයෝ ආරක්ෂා කරන්නද කියලා අපිට වෙලාවකට හිතෙනවා (දී)
දනුෂ්ක Friday, 19 July 2013 11:05 PM
බලපු ගමන් හිතට අපු එක කියල දාන එක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි, ප්‍රශ්නේ තියෙන්නේ ස්නොව්දෙන් ගැන ඇමෙරිකාව මේ තරම් උනන්දු මොකද කියන එක, ඒක මුළු ලෝකෙටම ප්‍රශ්නයක් අනික ස්නොවුදෙන් ම කියල තියෙනවා මේ ඔත්තු බැලීම නිසා ත්‍රස්තවාදී ප්‍රහාර 50 කට වැඩිය ඇමෙරිකාව වලක්වා ගත්ත කියල, මම හිතන්නේ එක ඇත්තනම් ස්නොවුදෙන් නටන්නේ පිස්සුවක්, ඇමෙරිකාවේ ඉන්න මිනිස්සු හිතන්නේ එයාලගේ ආරක්ෂාව තමඊ අංක 1 කියලා, ඒ වගේම විශ්වාස කරනවා තමන්ගේ රට තමන්ව ආරක්ෂා කරනවා කියලා, එහෙම නැතුව දෙසපලුවෝ ගහන ගහන පදේට නටන්නෙවත් , උන් කියයනදේ ඉස්මුදුනින් පිලිගන්නේවත් නෑ මේ ලංකාවේ වගේ. (දී)
උදය Saturday, 20 July 2013 02:04 AM
ලංකාවේ මහත්මා ගතිගුණ ඇමෙරිකාවට ගෑවිලවත් නැහැ. රතු ඉන්දියානුවන්ව රවට්ටපු දා ඉදල කළේම වංචා. ප්‍රදාන ප්‍රශ්නේ දැන් ඔබාමට රුසියාව ඉස්සරහ දන ගහන්න වෙන එක. ස්නොව්දන් කියන්නේ අන්තර් ජාතික වීරයෙක්.(නදී)
හේලි. Sunday, 21 July 2013 09:56 AM
දනුෂ්ක හරි. කටට එන එක කියලා දාන එක අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ගතියක්. මේ අය ප්‍රවෘත්ති කියලා හිතන්නෙ උදේට එක එක කුමාර වරු කියවන ප්‍රවෘත්ති සිරස් තල වලට. කලාතුරකින් වත් පත්තරවල තියෙන ලිපි කියවන්නෙ නෑ. ඒ නිසා ලෝක ඉතිහාසයේ සිදුවූ වගේම සිදුවෙමින් පවතින දේ ගැන විචාරශීලිව වටහා ගන්නෙත් නෑ. ඒ අතර ජනතාවගේ මේ නොදැනුවත් බව නිසාම ඇත්තටම සිදුවෙන දේවල්වලට සුදුහුණු ගාන දනුෂ්කලා කොටසකුත් ඉන්නවා. ඇමෙරිකාව තමන් ආරක්ෂා වෙන අතරම මුළු ලෝකයම ඉතා සැලසුම් සහගතව නීච ආකාරයෙන් අවුල් කරමින් විනාශ කරනවා. අපට ස්නෝඩන් වීරයෙක් වෙන්නෙ ඒ නිසා. ඔහුගේ හෙළි කිරීම් අනිත් රටවලට තමන්ගේ ආරක්ෂාව සලසගන්න පිටිවහලක් සපයනවා. ඇමෙරිකාව මේ වෙලාවේ ගලේ පැහැරුව බළලෙක් වගේ. කොහොම උනත් මේ විචාර ලිව්ව වැඩි දෙනෙක් ඇමෙරිකාවේ සැබෑ ස්වරුපය ගැන දැනුවත් විම පිළිබඳව මම සතුටු වෙනවා.(නදී)