X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රූ රැජින කිරුලත් සමඟ පලා ගිහින්

‘‘මිස් ඒෆියා පැසිෆික් තරගාවලියේ‘‘ජයග්‍රාහිකාවට පැළැදවෙන ඔටුන්න රැගෙන පලා ගියේයැයි තරගාවලිය ජයග්‍රහණය කර ආසියා ශාන්තිකර රූ රැජිණ ලෙස කිරුළු පලන් මියන්මාර තරගකාරිනියට චෝදනා නැගී තිබේ.

තරගාවලිය මේ වන විට සිව්වරක් පවත්වා තිබෙන අතර එය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේය. ජයග්‍රාහිකාවට පැළැදවෙන ඔටුන්නේ වටිනාකම ඩොලර් ලක්ෂයක් පමණ වන බව සදහන්ය.

මේ මයාට් නෝ නම් වන ඇය ප්ලාස්ටික් සැත්කමක් ආධාරයෙන් රුව ඔප්නංවාගෙන ඇතැයිද, තරගාවලියේ නීති රීති උල්ලංඝණය කර ඇතැයිද, අසංවර ලෙස හැසිරී ඇතැයිද යැයි තරගාවලියේ සංවිධායකයෝ චෝදනා කරන්නෝය.

මෙනිසා ඇයගෙන් රූ රැජිණ කිරුළ ඉවත් කිරීමට සැළසුම් කර තිබුණු බවත් කෙසේ හෝ මෙය කණවැකී ඇති ඇය කර ඇත්තේ තමන්ට පිරිනැමුනු ඔටුන්නද රැගෙන පලා යාම බවත් ඔවුහු කියන්නෝය.

මේ මයාට් නෝ මෙම චෝදනා වලට පිළිතුරු දීම සදහා පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර ඔටුන්නද ඇය පසෙකින් විය.

ඇය පවසා සිටියේ තරග සංවිධායකයින් තමන්ගේ සැබෑ වයස වූ වයස අවුරුදු 16 සගවා වයස අවුරුදු 18 ක් යැයි ප්‍රකාශ කළ බවයි.

ප්ලාස්ටික් සැත්කමක් සම්බන්ධයෙන් නැගෙන චෝදනාවටද පිළිතුරු දුන් ඇය කීවේ කිසිදු ප්ලාස්ටික් සැත්කමක් තමන් සිදුකරගෙන නොමැති බවත් ප්ලාස්ටික් සැත්කමක් සිදුකිරීමට තමන් පොළඹවාලීමට තරගාවලියේ ප්‍රධාන සංවිධායක තැනම උත්සාහ කළ බවත්ය.

කෙසේ හෝ බලය ඇත්තේ ඔවුන් අතහෙයින් තමාව රූ රැජිණ කිරුලෙන් පහ කිරීමට ඔවුන් ගත් තීරණයට තමන් හිසනමන්නේ වුවද බොරු චෝදනා නගමින් තමන්ගේ නම කැත කිරීමට ඔවුන් උත්සාහ කිරීම නිසා මෙසේ කිරුළද රැගෙන පලා ගිය බව ඇය පැවසුවාය.

සංවිධායකයින් නිසි පරිදි තමන්ගෙන් සමාව ඉල්ලු දිනයක ඔටුන්න නැවත ඔවුන්ට භාරදෙන්නේ යැයි ඇය කීවාය.

1 20140830_asiapacific_msmyanmar_0



අදහස් (0)

රූ රැජින කිරුලත් සමඟ පලා ගිහින්

චමින්ද Thursday, 04 September 2014 12:45 PM

ඇය නම් සැබෑවටම ලස්සනයි. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 04 September 2014 12:50 PM

මට පෙනෙන්නේ මෙතන මීටවැඩිය ලොකු ප්‍රශ්නයක් ඇතිබවයි (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 01:19 PM

දයා හරි, ඔය කිරුළු, නිකම්ම සුදුසු කමටම, ලස්සනටම ලැබෙන්නේ නැහැ. බොහෝ කැපකිරීම් කල යුතුයි. කැප කිරීම් වලට අකමැති නම් කිරුල ගැන ඇති බලාපොරොත්තුත් අත්හල යුතුයි. (නදී)

:       0       0

ධනුක Thursday, 04 September 2014 01:47 PM

මේ තරුණිය කියන දේවල් වලත් ඇත්තක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සංවිධායකයෝ කියන්නෙත් කඩුලු හතෙන්ම පැනපු අයවලුන් නේ. (නදී)

:       0       0

සොහාන් Thursday, 04 September 2014 03:31 PM

ඔව් මට මතකයි එක වරක් ලෝක රූ රැජින වුනු කෙනා කිරුල ඒ මොහොතේම ගලවල කිව්වා 'මට ඕන මම ලෝකෙන්ම ලස්සන බව පෙන්වන්න විතරයි' කියල. ඒ අය ඔය සංවිධායකයෝ හා අනුග්‍රාහකයෝ එක්ක කියන විදියට ඉන්න ඕනෙලු. (නදී)

:       0       0

අජිත් Thursday, 04 September 2014 05:03 PM

අදහස් දක්වන අය හරියටම හරි (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 04 September 2014 08:41 PM

වැඩි ප්‍රසිද්ධියක් ලබාගැනීම සඳහා කළ තවත් උප්පරවැට්ටියක් වෙන්න බැරිද? (නි)

:       0       0

බොතේජු Friday, 05 September 2014 07:30 AM

මොනවා උනත් කෙල්ලෙ කරපු වැඩේ හරි ...අපේ රටෙත් ඕකමයි විනිශ්චය කාරයෝ කරන්නේ. දිනනකම් හොඳයි කියනවා ඊට පස්සේ හොරට දිනුව කියනවා. (ස)

:       0       0

නන්දසිරි Saturday, 06 September 2014 02:45 PM

දැඩි බලපෑමක් වෙන්ට ඇති (අ)

:       0       0

උදාරත් Tuesday, 09 September 2014 08:51 AM

ඹක්කොම ලස්සනයි (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 09 September 2014 10:46 PM

ඔය රටෙත් අපේ රටේ රස්සාවල් දෙනකොට වගේ තානායමකට එක්ක යන්න හදල ඇති. නැත්නම් පැනල යන්න ඕනේ නැහැනේ පොඩි හාමිනේ (ස)

:       0       0

පියුමි Wednesday, 10 September 2014 11:21 AM

උදාරත්-ඔක්කොම ලස්සනයි කියන්නේ ඔක්කොම දැක්කද? (නදී)

:       0       0

සම්පත් Wednesday, 10 September 2014 11:23 AM

මේ ළමයා කරපු දේ හරියට හරි. දිනුවට පස්සේ මොන කතාවක්ද මේ කියන්නේ. ලිංගික අල්ලසක් ගන්නයි හදල තියෙන්නේ. සංවිදායකයන්ට දඩුවම් කරන්න ඕනේ එයාලගේ බිරින්දෑවරු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site