X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


රූ රැජින බදාමත් අනයි

රූ රැජිනක් වුවද බ්‍රිතාන්‍යය ජාතික විසි තුන් හැවිරිදි සොපී ලයිඩා ස්මිත්ගේ වැඩි කැමැත්ත නිවාස ඉදිකිරීමේ කටයුතු වල යෙදීමය.

තම පිරිමි සගයන් සමග හරි හරියට වැඩ කරන ඇය බදාම ඇනීමේ සිට බිත්තී බැදීම දක්වා සියලූ දේ කිරීමට සමත්කම් දක්වන්නීය.

ඇය ජීවත් වන චෙටෙන්හැම් ප්‍රදේශයේ රූ රැජින වන ඇයට බි්‍රතාන්‍යය රූ රැජින තරගාවලියට සහභාගී වීමටද අවස්ථාව හිමිව ඇත.

‘රූ රැජිනක් වීම ගැන සතුටුයි.නමුත් මම වැඩියෙන් කැමති මේ වගේ වැඩ වල යෙදෙන්න‘ ඇය කියන්නීය.

විශ්වවිද්‍යාලයේ උපාධියක්ද හදාරන ඇයට ගෘහ නිර්මාන ශිල්පය හා ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇත.

‘මම අධ්‍යාපනය හැදැරූ ආයතනයේ සිටිය එකම ගැහැණු ළමයා මම.එහෙම වුනාය කියලා මම බය වුනේ නැහැ.මට මගේ අරමුණ කරා යන්න විතරයි වුවමනා වුනේ‘ ඇය පවසන්නීය.

සොපීගේ සමකාලීනයින් තොල් සායම්,නිය ආලේපන,හා පෙනුම ගැන වද වන කල දිනපතා සිමෙන්ති,ගඩොල්,දුහුවිලි හා හරි හරියට ගැටෙන සොපීට ඒවා පිළිඹද වැඩි තැකීමක් නැත.

‘ලස්සන වෙන්න ඕනෙ කෙනෙක් කැමතියි.නමුත් ඒවාට වැඩි කාලයක් මම වැය කරන්නේ නැහැ.මම ඒ වගේ දේවල් කරන්නේ විනෝදාංශයක් ලෙස.මගේ සැබෑ ආශාව තමයි මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කිරීම.පිරිමි ගැහැණු කියා නැහැ.ආසාව තියෙනවනම් ඕනෙ කෙනෙක්ට ඕනෙ වැඩක් කරන්න පුලූවන්‘ ඇය කියන්නීය.

 



අදහස් (0)

රූ රැජින බදාමත් අනයි

රජින්ද Friday, 07 March 2014 05:24 PM

ආවේෂක පුවතක්. කොයි රටක උන්නත් තමන්ගේ වෘතීය ගැන ඇති ආත්මාභිමානය ගැන ඔබ තුමියට හදපත්ලෙන්ම සුබ පතමි.(නදී)

:       0       0

ජයතිලක Saturday, 08 March 2014 02:11 AM

ඇත්තම කියනවා නම් බටහිර රටවල් වල මිනිස්සු කරන රැකියාවේ තරාතිරම ගැන ඒ තරම් හිතන්නේ නැහැ. කරන රැකියාවට හොද වේතනයක් ලැබෙනවා නම් එච්චරයි. ලංකාවේ එකේ අනිත් පැත්ත .ඒකට දොස් කියලා වැඩකුත් නැහැ. එදා ඉදන් අද දක්වා ලංකාවේ පැවතුනු සමාජ තත්වයේ ,රැකියාවේ උස් මිටි පරතරය තමයි එයට හේතුව. ඔය දැනටත් සමහරු මේ තිරයේ අදහස් පලකරන කොට අපහාස වන අන්දමට කියන්නේ, "අර ගොල්ලෝ පිටරට ගිහිල්ලා කරන්නේ අරවා හෝදනවා ,සුද්ද කරනවා,තණකොළ කපනවා" කියලා . ඒ මොකද මේ අයට තාමත් ඒ ගතානුගතික ආකල්ප වලින් මිදීමට නොහැකි නිසයි. මිනිසුන්ගේ උසස් පහත් බව මැනිය යුත්තේ කරන රැකියාවේ තරාතිරම අනුව නොව ,තමන් කරන හොද හෝ නරක වැඩ අනුවය.(නදී)

:       0       0

මිහිර Saturday, 08 March 2014 07:35 AM

බ්‍රිතානයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ මොකද මෙහෙ ඉන්නේ බොහොම වැදගත් පිරිසක්.(දිල්)

:       0       0

මාලි Saturday, 08 March 2014 09:22 AM

කවදා ද අපේ රටේ කාන්තාවන් ට මොලේ පෑදෙන්නේ? කේක් හදන්න , ෆෙෂල් දාන්න නම් හැමෝම දන්නවා. එත් මොලේ පාවිච්චි කරල ජීවත් වෙන්න , පවුලට බරක් නොවී ජීවත් වෙන්න උත්සාහ ගන්නේ එහෙමත් කෙනෙක්. බහුතරයකට තියෙන්නේ රැකියා පිලිබඳ පුදුම උද්දච්ච ආකල්ප. මම නම් පාරේ පලා විකුණන කාන්තාවටත් ගරු කරනවා. (අ)

:       0       0

පාල Saturday, 08 March 2014 11:20 AM

එක ටෙලි නාට්‍යක, දෙකක රඟපාලා මම තමයි නිළිය කියල හිතාගෙන බත් ටික කන්නත් හැඳි ගෑරුප්පු හොයන අපේ සමහර නිළියන්ට මේ ලිපිය බොහෝ ආදර්ශවත්. (නදී)

:       0       0

පාලිත Sunday, 09 March 2014 01:58 AM

බෞද්ධ රටක් වුනාට උනාට මාන්නය වැඩි මිනිස්සු ඉන්නේ අපේ රටේ වීම ලොකු ප්‍රස්නයක්. කවදා හරි යාද මව් රට.(නදී)

:       0       0

රූපවතී Sunday, 09 March 2014 04:33 PM

ජයතිලක මහත්මයා, ඔබේ වදන් පෙලට මම ගොඩාක් ගරුකරනවා. අපේ මිනිසුන්ට නොපෙනෙන ඇත්ත ඔබ විසින් ලියා තිබෙනවා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 09 March 2014 05:19 PM

ජයතිලක මහත්තයෝ කතාව සම්පුර්න ඇත්ත. ඔය දේ හින්දා තමා අපේ රට හැමදාම එක තැන. (නදී)

:       0       0

පද්මිණි _ප්‍රංශය Monday, 10 March 2014 05:37 PM

මම ඉන්න නගරයේ නගරාධිපතිගේ ලේකම් වරියගේ මහත්තයා වඩු බාස්, පුතා ගස් කපන රැකියාව. මටත් ඒ ගැන මුලින් පුදුම හිතුන. පස්සේ මම ගැන ලජ්ජා හිතුන.(අ)

:       0       0

චින්තක දර්ශන Sunday, 16 March 2014 03:15 PM

අපේ රටේ කාන්තා විදේශ ගෘහ සේවය තහනම් කිරීම අවශයි. අපේ රටේ කාන්නා සේවයට නිසි වැටුපක් දෙන්න වුවමනාවෙ .එවිට අපේ කාන්තාවෝ පිට රට වලදී අතවරවීම්,ඇන ගැසීම් වලට ලක් නොවනු ඇත .උපන් රටට සේවය ලබාදිය හැක.රූ රැජිනගෙන් අපට හොඳ ආදර්ශයක්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site