මහ මග ධාවනය කිරීමටත් ඉගිලීමටත් හැකි හෙලිසයිකල් නමැති රෝද තුනක අරුම පුදුම යතුරුපැදියක් වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය සමාගමක් කටයුතු කැර ඇත. පසුගිය වසරේ දී එම යානය එළිදැක්වූ අතර දැන් එය ස්ටර්ලිං පවුම් 230,000ක් හෙවත් රුපියල් පන් කොටි 20 ලක්ෂයකට මිල කරමින් ගැනුම් කරුවන්ට හඳුන්වාදෙමින් තිබේ. රථය මිල කැර තිබේ. පැල්-වී 1 ලෙස නම් කැර ඇති මේ රථය පැයට සැතපුම් 112ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි බව එහි නිපැවුම් කරුවෝ කියති. ධාවනය වෙමින් සිටිය දී ගුවන් ගත කිරීමට අවශ්‍යනම් රථය නවතා විනාඩි 10ක කාලයක දී ගුවන්ගත වීමේ හැකියාව ඇති හෙලිසයිකලයට තත්පර අටක දී උපරිම වේගයට ළඟාවීමේ හැකියාව ඇත.
මහ මග රිය ධාවන බලපත්‍රයක් හා ගුවන් යානා පැදවීමේ බලපත්‍රයක් යන දෙකම මේ රථය පැදවීමට අවශ්‍ය වන අතර එය අඩි 4000 ක උපරිම උසකට නැංවීමේ හැකියාව ද පවතී,
නිෂ්පාදන සමාගම පවසන්නේ අදින් වසර 50ට පමණ පෙරාතුව ඉගිලී යා හැකි කාරයක් පිළිබඳ සංකල්පය මුලින් ම ඉදිරිපත් වූ බවයි. ආසන දෙකකින් සමන්විත හෙලිසයිකලය සඳහා අඩි 540 ක ධාවන පථයක් අවශ්‍යය. ගුවනේ සිට පැමිණ ගුවන්ගත වීමේ ස්විඡය ක්‍රියාවිරහිත කළ විට එහි තටු ඉබේම හැකිලී ගොඩබිම ධාවනයට සුදුසු ආකාරයෙන් රථය සැකසේ.
පෙට්‍රල් භාවිතාකරන මේ රථයේ ගැලුම් 27ක ධාරිතාවකින් යුතු ටැංකියක් ඇති අතර එක් වරක් ඉන්ධන ටැංකිය පිරවූ විට අඩි 4000ක් ඉහළ අහසේ සැතපුම් 220ක් ගමන් කළ හැකි බවත් ගොඩබිම සැතපුම් 750ක දුරක් ධාවනය කළ හැකි බවත් නිෂ්පාදක සමාගම පවසයි.
කාබන් ෆයිබර්, ටයිටේනියම් හා ඇලුමිනියම් යොදා සකසා ඇති හෙලිසයිකලයක බර රාත්තල් 1,499 කි. මේ රථය වාහන තදබදයට කදිම විසඳුමක් බව බොහෝ දෙනකුගේ මතය වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රෝද තුනේ ඉගිලෙන රථය
චමින්ද Monday, 14 July 2014 08:11 AM
අපේ අර කට්ටිය දැනටමත් දෙක තුනක් ඇනවුම් කරලා ඇති. (නදී)
සුසන්ත Monday, 14 July 2014 09:10 AM
මේකට,ඉහල අහසේ රේස් යන්නත් පුළුවන් ඇති නේද........? (නදී)
හේමන්ත Monday, 14 July 2014 09:11 AM
අයියෝ මේවා අපේ රටට ඇවිත් දැන් ගොඩක් කල්. පාරට බැහැල බලන්නකෝ පියාබන තුන් රෝද රථ. (නදී)
සමන්ති Tuesday, 15 July 2014 12:25 AM
අපේ රටට නම් මේවාගේ රථ දැනටත් ගෙනල්ලායි තියෙන්නේ අසල්වැසි රටකින්. හැබැයි තාක්ෂණය තියෙන්නේ රියදුරු අතේ. (නි)