X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 20 වන ඉරිදා


ලංකා රජයට විරුද්ධව ලන්ඩනයේදී විරෝධතාවයක්

ශ්‍රී ලංකා  සමඟි සංවිධානය ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපිටදී "මාතෘ භුමිය අනතුරේ" නමින් රජයේ වත්මන් වැඩපිළිවෙළට අකමැත්ත කියාපෑමේ විරෝධතාවයක් සංවිධානය කර ඇත.

පෙබරවාරි 12 වැනි සිකුරාදා දහවල් 2 සිට සවස 6 දක්වා පැවැත්වෙන බව කියන මෙම විරෝධතාවයේ අරමුණ වනුයේ " ශ්‍රී ලංකා රජයේ රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය” “ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය මඟින් රණවිරුවන් බිල්ලට දීම”, “ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත් දේශයක් බවට පත් කරන ඉන්දු ලංකා සීපා ගිවිසුම”, ‘තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව යා කරන හනුමා පාලම’ ඇතුළු බෙදුම්වාදීන්ගේ සහ ජාත්‍යන්තරයේ බලපෑමට යටත්වී තිස් දහසකට වැඩි ජාතියේ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් ඒකීය මාතෘ භුමිය දෙකඩ කර විදේශ යටත් විජිතයක් කරවීමේ  ශ්‍රී ලංකා රජයේ  වැඩපිළිවෙළට එරෙහිව  බව " නිකුත්කර ඇති නිවේදනයෙහි සඳහන්වෙයි.    



අදහස් (0)

ලංකා රජයට විරුද්ධව ලන්ඩනයේදී විරෝධතාවයක්

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 10 February 2016 03:34 PM

තාම ඉදිරිපත්කර නැති ව්‍යවස්ථාවක් ගැනයි , ජාත්‍යන්තර යුධ අධිකරණයක් ආදී නොපැහැදිලි සටන්පාට කීපයක් ඉදිරියට දමා මේ උත්සහ ගන්නේ රාජපක්ෂට නැවත බලයට ගේන්න ගන්න උත්සහයක් කියල බලු බැල්මට පෙනෙනවා...පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ මහා පරිමාන වංචා දුෂණ,මිනීමැරුම්, පැහැරගෙන යෑම් ,ආදී දේට නිතිය නිසියාකාරව හරි බරින් ක්‍රියා නොකිරීම,මහබැංකු මුල්‍ය වංචාව ආදී දේ ගැන මේ රජයට විරුද්ධව කරන උද්ඝෝෂණයක් නම් අපිත් සහබාගි වෙනවා...බොරු දේශප්‍රේමීන්ට අපේ කිසිම සහයක් නැහැ... (අ)

:       0       0

සමන් ලන්ඩන් Wednesday, 10 February 2016 04:14 PM

මේක සංවිධානය කරන්නේ කාලෙකට පෙර ජවිපෙ කියා ගත්ත දෙන්නෙක්. මේ දෙදෙනා වැඩියම දක්ෂ කඩාකප්පල්කාරී වැඩ වලට. මෙදෙන්නා හරිම අසයි සමිති ඇතුලට පැනගන්න. මේකත් ඒ වගේ අලුත් පිම්මක්. ඔය දෙන්න රටට ආදරය කිරීම කෙසේ වෙතත් මෙච්චරකල් කලේ රට විකුණගෙන කාපු එක. ලංකාවේ දුප්පතුන්ට කියලා ආධාර එකතු කරන්නත් හරිම දක්ෂයෝ දෙන්නෙක්. (අ)

:       0       0

අජිත් නාමල් ලන්ඩන් Wednesday, 10 February 2016 04:59 PM

දැන් ආයෙත් කරලියට ඇවිල්ල වගේ. (ර)

:       0       0

සිසිර ලන්ඩන් Wednesday, 10 February 2016 09:53 PM

රටක තානාපති කාර්යාලයක් ඉදිරියට ගොස් විරෝධය පෑම මොනතරම් බරපතල දෙයක්ද? මේවා දිහා බලාඉන්න විදේශිකයෝ හිතනවා ඇති ලංකාව හතර මහා අපායන්ගෙන් එකක් කියලා. මේවායින් වෙන්නේ රටට එන සුද්දෝ ටිකත් අඩුවෙන එක. (නි)

:       0       0

ගැමුණූ Thursday, 11 February 2016 05:13 AM

මේ දේ විදේශ ගත දසදහස් ගණන් වන අපි ඉතා අගය කොට සළකනවා. අපේ රට පාවා දීම වැළක්විය යුතුයි. (ම)

:       0       0

සමන්ති Thursday, 11 February 2016 01:10 PM

රට ෆෙඩරල් කිරීම හරි ඉඩම්, පොලීසී, මුදල් බලතල පළාත් සභාවලට දෙන්න යාම, මේවා මහා භයානක වැඩ. අපේ රණවිරුවන් තිස් තුන් දහසක් තම වටිනා ජීවිත පූජ කරලා බේරා ගත්ත මව්බිම බෙදුමවාදි ත්‍රස්තවධින්ට ටීඑන්ඒ එකේ සහ යූඑස් අධිරාජ්‍යවධින්ට මෙහෙමත් පාවා දෙනවද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site