ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති අන්තර්ජාතික කමිටුවට විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීම අත්‍ය අවශ්‍ය නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිනී නව නීදන් පිල්ලේ කියයි.
පසුගිය මාර්තු මාසයේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා එල්.ටී.ටී.ය දෙපාර්ශවයම අතින් සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික තලයේ විමර්ශනයක් සිදුකළ යුතු යැයි ඉදිරිපත් වුණු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය හා ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල අදහස වූයේ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය මැදිහත්වී සිදුකරන විමර්ශන කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බවයි.
යෝජනාව සම්මත වීමත් සමග ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළේ කිසිදු අන්තර්ජාතික කමිටුවකට ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇගිලි ගැසීමට ඉඩ නොදෙන බවයි. ශ්‍රී ලංකාවේ කටයුතු ශ්‍රී ලංකාවටම බලා ගත හැකි යැයි අන්තර්ජාතික ප්‍රජාව අවබෝධ කර ගත යුතුව ඇතැයි රජය කියා සිටියේය.
රජයේ ස්ථාවරය එවැනි වූවත් සම්මත කරගත් පරිදි යෝජනාව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය කටයුතු කළ අතර පසුගිය ජූනි මසදී විමර්ශනය සිදුකිරීම සදහා 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කෙරිණ. මේ වන විට මූලික විමර්ශන කටයුතුද ක්‍රියාත්මකය.
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා නැගුණු උතුරු කොරියාව හා සිරියාව සම්බන්ධයෙන් සිදුකෙරුණු අන්තර්ජාතික විමර්ශනයන් වලදීත් එම රටවලට ඇතුල් වීමට විමර්ශකයින්ට අවස්ථාව නොලැබුණු නමුත් විමර්ශන කටයුතු සාර්ථකව සිදුකෙරුණු බව නවී පිල්ලේ පෙන්වා දේ.
මෙනිසා විමර්ශන කටයුතු සදහා ශ්‍රී ලංකාවට පැමිණීම කිසිසේත් අවශ්‍ය නොවන බව ඇය පවසයි.
තවමත් පෙර මතයේම සිටින ශ්‍රී ලංකා රජය තමන්ගේම විමර්ශනයකින් රටේ ගැටලූ විසදා ගැනීමේ හැකියාව තමන්ට ඇතැයි පවසයි. පසුගිය මස දී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් විදෙස් විශේෂඥයින් තිදෙනෙක්ද අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයාබැලීමේ කමිටුවකට පත් කැරිණ.
එසේ වුවත් අන්තර්ජාතික විමර්ශන කමිටුවේ කටයුතු දිගටම ක්‍රියාත්මක වනු ඇති බව පිල්ලේ මහත්මිය කියයි.
විමර්ශන කටයුතු සදහා අවැසි සාක්ෂි විමසීමට කමිටු සාමාජිකයින් ඉදිරියේදී නොයෙක් රටවල් බලා සංචාරය කිරීමටද නියමිතය.
මෙහි ඇත්තේ ලැබී ඇති සාක්ෂි වල සත්‍ය අසත්‍යභාවය තහවුරු කරගැනීමේ ක්‍රියාවලියක් මිස අන් කිසිවක් නොවන බව පිල්ලේ මහත්මිය පෙන්වා දේ.
ශ්‍රී ලංකා රජය කමිටු සාමාජිකයින්ට එරෙහිව නොයෙකුත් පරිහව සහගත හා සාවද්‍ය ප්රචාරයන්ද ගෙනයමින් සිටින බවත් පවසන ඇය කමිටු සාමාජිකයින්ට ඉන්දියාවට හා තායිලන්තයට ඇතුල්වීමේ අවසරය ලබා නොදීමට එම රටවල් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා රජය ප්‍රචාරයක් ගෙන යමින් සිටියද එහි කිසිදු සත්‍යතාවක් නැතැයි අවධාරණය කරයි.
කමිටුවේ කිසිදු සාමාජිකයෙන් එම රටවල් වලට හෝ ශ්‍රී ලංකාවට හෝ පැමිණීමට කිසිදු උත්සාහයක් දරා නැතැයි ඇය කියයි.
කමිටුවේ අවසන් වාර්තාව එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය පවසන පරිදි කමිටුවෙන් සිදුවන්නේ රටේ කටයුතු වලට අනවශ්‍ය පරිදි ඇගිලි ගැසීමක් නොව ශ්‍රී ලංකා ජනතාවට ඉතාමත්ම ඇවැසි ස්ථීරසාර සාමයක් හා සංහිදියාවක් ඇතිකිරීම සදහා මාර්ගයක් සකසා දීම බව නවී පිල්ලේ මහත්මිය පවසයි.
මෙනිසා කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් ආක්රමණකාරී නොව සහයෝගී පිළිවෙතක් අනුගමනය කිරීම ශ්‍රී ලංකාවේ රජයේ යුතුකම යැයි ඇය පෙන්වා දේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකාවට නෑවිත් පරික්ෂණ කළ හැකිලු
ඉසුරන්දි Wednesday, 13 August 2014 04:57 AM
ලංකාවට එන්නේ නැතුව ගාසා තීරයට ගිහින් ඔය කරන පරීක්ෂණය පැවැත්තුවොත් නරකද නෝනේ. (නි)
නිලුකා Thursday, 14 August 2014 11:21 AM
වයි ෆයි වලින්ද පරීක්ෂණය තියන්නේ (දී)
හේවාවිතාරණ Thursday, 14 August 2014 09:33 AM
පිල්ලේ ලංකාවට එන්න ඕන නැහැ (දී)
හේවාවිතාරණ Thursday, 14 August 2014 09:29 AM
කොරයි (දී)
කිංස්ලි Wednesday, 13 August 2014 07:44 PM
පිටබැද්දර, ඔයා හරි. (නි)
රොෂාන් Wednesday, 13 August 2014 06:07 PM
ලංකාවට එන්න අවශ්‍ය නැහැ.පිල්ලේ නෝනා කරුණාකරලා ගාසා, ලිබියා පැතිවල කෙරෙන දේවල් ගැනත් හොයලා බලන්නකෝ (නි)
සිරිල් බාලසුරිය Wednesday, 13 August 2014 01:09 PM
මෙපමණ කලක් මෙම මානව හිමිකම් කොමිසමේ තීන්දු තීරණ දුන්නෙත් ගත්තෙත් ලංකාවට පැමිණ නෙමේ , දැනුත් එහෙම කරන්න පුළුවන් කියන එක හරි , මොකද අපේ රටට විරුද්ධව බොරු කියා සරණාගත විසා ලබා ගන්නට විදේශ මුදල් ලබා ගන්නට පිට රට සවාරි යන්නට දෙමළ සිංහල මුස්ලිම් බහුතරයක් ඉන්නවා , රට බල්ලට දීලා හෝ ඔවුන්ට තමන්ගේ බඩ වියත් රැක ගන්නට බලන්නේ (අ)
කමල් Wednesday, 13 August 2014 09:52 AM
නිමල් ලලිත, ලංකාවට එහෙම කළාට ඇමරිකාවට එහෙම කරන්නේ නැහැ. (නි)
සම්පත් Wednesday, 13 August 2014 08:50 AM
පිල්ලේ නෝනා අතදාන හැම රටක්ම විනාශ වුණා. බලන්න ලිබියාව, ඉරාකය, බොස්නියාව වගේ රටවල්. හැබැයි ඊශ්‍රායලය කරන වැඩ ගැන කතාරන්න බැරි තරමට මෙය ගොලුයි. (නි)
නිමල් ලලිත Wednesday, 13 August 2014 06:44 AM
එක්සත් ජාතින්ට ඇමෙරිකාව වැනි රටවල කරන දේ ගැන පරීක්ෂණ පවත්වන්න මෙම ක්‍රමය උපයෝගී කරගත්තොත් නරකද? (නි)
පිටබැද්දර ජයා Tuesday, 12 August 2014 12:27 PM
අනේ මන්දා , අන්තර් ජාතීන්ට වෙන වැඩ නැද්ද කියල ? අරහේ ඊශ්‍රායලය පලස්තීනය මහා දවල් ගහනවා මිනිස්සු අමුඅමුවේම මරනවා. පලස්තීන කාරයෝ එහෙන් ෂෙල් වෙඩි ගහලා මිනිස්සු මරනවා. ඉරාකේ එහෙන් මරනවා. සිරියාවේ කියල වැඩක් නැහැ අනේ ඔය තියෙන්නේ යන්න ඕන තැන් (නදී)
සෙනරත් Wednesday, 13 August 2014 04:06 AM
ලංකාවට එන්න කොහොමත් අවශ්‍ය නැහැ. (නි)
සඳරු Wednesday, 13 August 2014 03:41 AM
රටක් ස්වාධීනව නැගිටින්න හදනකොට ඔය කට්ටියට කොහොමත් ඉන්න බැහැ. පිල්ලේ නෝනේ, තමන්ගේ වැඩක් බලාගත්තා නම් නරකද? (නි)
රන්ජිත් Wednesday, 13 August 2014 02:13 AM
රටේ හැම තැනකම බෝම්බ පුපුර පුපුරා අහිංසක මිනිස්සු මැරෙනකොට අපි පණ බයේ බස් වල යනකොට දැනුන හැඟීම් නෝනලාට තේරෙන්නේ නැහැ නෝනේ. පුලුවන් නම් ඇෆ්ඝනිස්තාන් යන්න මොනවද වෙන්නේ කියලා බලන්න. (නි)
ලුම්බිණි Wednesday, 13 August 2014 12:36 AM
මොකද ලංකාවට එන්නේ නැත්තේ? (නි)
ශ්‍රීලාල් Tuesday, 12 August 2014 09:52 PM
ඔය පරීක්ෂණ ලංකාවට නෑවිත් කරන්න පුළුවන් නම් ඒවා වර්තමානයේ සිදුවෙන සෑම කටයුත්තකටමත් පොදුයි නේද? (නි)
සුනිල් පෙරේරා Tuesday, 12 August 2014 09:21 PM
ලංකාවට නෑවිත් පරීක්ෂණ කරන්න පුළුවන් තමා. බොරු කියන සාක්කිකාරයින් ටොන් ගණන් ඉන්නවනේ ඉතින් (නි)
හැරිසන් Tuesday, 12 August 2014 03:28 PM
ලංකාවට එන්නේ නැති තරමට හොඳයි (නි)
කුමාරි Tuesday, 12 August 2014 12:58 PM
අපේ රටේ පන්සල් වල, පල්ලි වල, බස් වල, පාලම් උඩ මෙකි නොකී හැම තැනකම බෝම්බ පුපුර පුපුරා අහිංසක මිනිස්සු මැරෙනකොට මේ රටට සාමය උදාකරලා දෙන්න හිතුනේ නැද්ද නෝනේ? තිස් වසරක යුද්ධයක් නිම කරලා ඉන්න අපිට අපේ සාමය අපිටම බලාගන්න දීලා යන්න ඔයා ගාසා තීරයට හෝ ඊශ්‍රායලයට (නි)
අජිත් Tuesday, 12 August 2014 12:55 PM
අනේ පිල්ලේ නෝනා, අනේ කරුණාකරලා අරෙහේ ගාසා, ලිබියා පැතිවල කෙරෙන දේවල් ගැනත් හොයලා බලන්නකෝ... (නි)