ශී‍්‍ර ලංකා ශ‍්‍රමිකයෙකු තමන් සමග නවාතැන් ගෙන සිටි පකිස්තාන ජාතිකයෙකුගේ ඇගිල්ලක් සපාකෑමේ සිදුවීමක් පසුගියදා ඩුබායිහි අපරාධ අධිකරණයේදී විභාගයට ගැනිණි.
වාර්තා වලට අනුව පසුගිය ජූනි මස 28 වැනිදා නවාතැනේදී ඇතිවූ හබයක් දුරදිග යෑමෙන් ශී‍්‍ර ලංකා ජාතිකයා තම පකිස්තාන ජාතික කාමර සගයාගේ දබරැඟිල්ල සපා කා ඇත.
එම අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර සිටි බව පකිස්තාන ජාතිකයා පොලිසියට කර ඇති ප‍්‍රකාශයක දැක්වේ.
සපා කෑමෙන් සිදුවූ හානිය නිසාවෙන් ඇගිල්ල සදාකාලික ආබාධිත තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය වාර්තා වල සඳහන්ය.
අධිකරණයේදී තම වරද පිළිගත් ශී‍්‍රලංකා ජාතිකයා තමන් වැඩිදුර සිතා බැලීමකින් තොරව එසේ හැසිරුණු බව පැවසුවේය.නීති විරෝධීව මත්පැන් පානයේ යෙදුණු බවටද ඔහු පාපොච්චාරණය කළේය.
නඩුවේ තීන්දුව මෙම මස 24 වැනිදාට ලබාදීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකාවෙන් ගිහින් ඇඟිල්ලක් කයි
අශෝක Sunday, 02 November 2014 09:39 AM
පකිස්ථාන් කාරයෝ ටිකක් අමාරු කාරයෝ එකට ඉන්න එක එතරම් හොඳ දෙයක් නෙමේ (බ)
ලලිත් Sunday, 02 November 2014 09:42 AM
ලංකාවේදී උනානම් පකිස්තාන් කාරයා හිරේ දාල කාපු කෙනා ඇප දීල ගෙර යවනවා. (බ)
සෑම් Sunday, 02 November 2014 01:28 PM
මම මෙයාව ලංකාවට එවපු ගමන් දත් බෙහෙත් දැන්වීමකට ගන්නවා (නදී)
සුවාරිස් Sunday, 02 November 2014 02:13 PM
සෑමි මල්ලි දත් බේත් දැන්වීමකට දාන්න මිනිහගේ ඔලුව තමයි එවන්න වෙන්නේ. (නදී)
නුවන් Sunday, 02 November 2014 07:01 PM
මේ රටවල යන්න බලාපොරොත්තු වෙන සහ දැනට ඉන්න හැමෝටම කියන්නේ. අනේ දෙවියන්ගේ නාමෙට රටේ නම කැත කරන්න එපා. ඔහොම කළාම අනෙක් හැමදෙනාම පිළිකුලට, අපහසුතාවයට පත්වෙනවා. කරන මගෝඩි වැඩක් ලංකාවට ඇවිල්ලා තමන්ගේ ගෙදර ඉඳලා කරගන්න. (නි)
අබ්දුල් Monday, 03 November 2014 03:18 AM
මිනිහගේ අත නැතුව තමයි දැන් එන්න වෙන්නේ. ඇගිල්ලට අතක් කොහොමද වැඩේ ? (නදී)
ඉසුරන්දි Monday, 03 November 2014 04:03 AM
අපේ මිනිස්සු බිව්වම තිරිසන්නු ගානට හැසිරෙන්නේ. (නදී)
චන්දන Monday, 03 November 2014 10:24 AM
පකිස්තාන් ජාතිකයන් කියන්නේ හරිම අමාරුකාරයෝ. ඒගොල්ල එක්ක එකම කාමරේ හිට්යා නම් බොන්න සිද්ධවුණා එකත් පුදුමයක් නෙවෙයි. මම පිටරට ඇවිත් නවතින්න තැනක් සොයන විට බංග්ලාදේශ ජාතිකයෙක් මට කිව්වේ කොතැනක නැවතුනත් පකිස්තානුවන් ඉන්න තැනක නම් නවතින්න එපා කියලා. මේ කිව්වේ මේ කල දෙය හරි කියන්න නෙවෙයි. අනෙකුත් අයගේ දැන ගැනීම පිණිස. (නදී)
සෑම් Monday, 03 November 2014 03:51 PM
මයික් ටයිසන් කනක් කාලත් ඔය අපූරුවට ඉන්නේ ඔන්න ඔය කොල්ලව හෝදලා ගෙට ගමු මල්ලිලා (බ)
චන්ද්‍රා වීරසිංහ Monday, 03 November 2014 09:31 PM
බණ කියන්නේ නැතුව අපේ එකාව බේරාගන්න මඟක් හොයමු.ඔය රටවල නීතිය දන්නවානේ ! (නි)
චන්දන Tuesday, 04 November 2014 03:25 AM
මම කියල කට ගත්ත විතරයි. ඔන්න අද එක්තරා පත්තරේක තියනවා පකිස්තාන ජාතික පවුලක්ම ගිහින් තෙල්දෙණියේ කඩයක් කොල්ල කාල කියලා. ඔය මීගමුවට වෙලා ඉන්න කට්ටිය ගැන මීට කලිනුත් පාඨකයන් අනතුරු අැඟෙව්වා මට මතකයි. (නදී)
තුවාන් Tuesday, 04 November 2014 07:25 AM
ඩුබායි වල ෂරියා නීති නැහැ, "ඇගිල්ලට අතක් " අමු බොරු (අ)
ජනක Wednesday, 05 November 2014 12:01 PM
පකිස්ථානුවන් වහාම රටෙන් පිටකළ යුතු වෙනවා නැත්නම් ඕක රටට මහා පිළිලයක් වෙන්න වැඩි දවසක් නෑ.(හේ)
බිහාර Wednesday, 05 November 2014 05:44 PM
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
අනුර Thursday, 06 November 2014 11:56 AM
මෙතන වෙලා තියෙන්නේ, ඇඟිලි කාලා තියෙන්නේ අපේ එකා. පාකිස්තානුවා නොවෙයි. පිටරට ආ අයගෙන් අමාරුම අය තමා අපේ රටේ අය. (නි)