X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ඉපදුණු ජනක එංගලන්තයේ වැඩ පෙන්වයි

එංගලන්තයේ ලැංකෂයර් ප්‍රාන්තයේ ක්ලිත්රෝ හි පැවැති ලීග් ක්‍රිකට් තරගයකදී වාර්තා පොත් අලුත් කරමින් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කිරීමට ශ්‍රී ලාංකිකයකු වන ජනක ගුණරත්න සමත් විය.

ඔහු එම තරගය ක්‍රීඩා කළේ ලැංකෂයර් කුසලානය වෙනුවෙන් ක්ලිත්රෝ කණ්ඩායමටය. ප්‍රතිවාදී කණ්ඩායමේ ජෝර්ඩ්න් බ්‍රිට්ක්ලිෆ්ගේ පන්දුවක් හමුවේ තමා මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියද ඔහු යැවූ පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ඔහුට පිටියේ රැඳී සිටීමේ වාසනාව උදාවිය.

එම තරගයේදී නොදැවී ලකුණු 79 ක් ලැබූ ජනක ගුණරත්න ක්ලිත්රෝ ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ ඉයන් බ්‍රිට්ක්ලිෆ්ගේ පන්දුවාරයට හයේ පහර හයක් එල්ල කිරීමට සමත්විය.

 



අදහස් (0)

ලංකාවේ ඉපදුණු ජනක එංගලන්තයේ වැඩ පෙන්වයි

ද සිල්වා බර්ලින් Friday, 07 August 2015 09:17 AM

අන්න අද දනන්ජය සිල්වා 0 , කවුෂාල් සිල්වා 0, උපුල් තරංග 0 , කුසල් ජනිත් 0 , තිරිමාන්න 5, දැවී ගිහින්. කරුණාකර තේරීම් කමිටුව ජනක ගුණරත්න සහ ලංකාවේ තව සැගවුන දක්ෂතා ගැනත් සලකල බලන්න. නැත්නම් ඉන්දියාව සමග තරඟාවලියත් පැරදී බංගලාදේශයෙනුත් හොඳට කන දිනය වැඩි ඈතක නොවේ (නදී)

:       0       0

චින්තක Sunday, 09 August 2015 01:18 PM

සම්පත්, ඔයාගේ ඔය ලෙඩේට කියන්නේ කුහකකම කියලා. වෙන කෙනෙකුගේ දියුණුවක් විශේෂයෙන් තමන්ට ලබාගන්න බැරි දෙයක් වෙන රටක ගිහින් හරි ගත්තහම ඊර්ෂ්‍යාවේ පැලෙන්න හදනවා. ඊටපස්සේ ඒක පිටකරන්නේ බොරු ජාතික ආල, ජාතියේ යුතුකම් ඉස්සරහට දාගෙන. ඔයා වගේ මිනිස්සු නිසා තමයි රට යන ගොඩක් මිනිස්සු ආපහු එන්න මැළිවෙන්නේ. ඔයාටත් යන්න අවස්ථාවක් ආවා නම් අපිටත් බලාගන්න තිබුණා මහා ලොකු ජාති හිතෛශියාගේ වැඩ. මතක තියාගන්න ලංකාවෙන් ගිය මිනිස්සු ලොකුම ලොකු දෙයක් කරන්නේ රටට විදේශ විනිමය හොයලා. තව ඒ මිනිස්සු බැනුම් අහන්නත් ඕනෑ ඔයා වගේ නිදහස් අධ්‍යාපනය අරන් රටට කිසි වැඩක් නොකර අනුන්ට දොසක් කිය කියා ඉන්න මිනුස්සු නඩත්තු කරලත්. (නි)

:       0       0

නිශාන්ත වීරසිංහ Sunday, 09 August 2015 06:14 AM

අපේ කොල්ලෙක් අමතක වේද ශ්‍රී ලංකාව මවට (නදී)

:       0       0

ඩයස් Sunday, 09 August 2015 05:23 AM

ලංකාවේ හිටියා නම්...? (නි)

:       0       0

ආසිරි Sunday, 09 August 2015 04:58 AM

නියමයි (නදී)

:       0       0

කේම්බ්‍රියන් Saturday, 08 August 2015 12:16 PM

මොරටුව වේල්ස් කුමාර විදුහලේ තවත් ආදී සිසුවෙක්. ඔබට ජය ! (නදී)

:       0       0

ශානක Saturday, 08 August 2015 02:02 AM

සම්පත් මේ රටේ කෙනෙක් නෙමෙයිද? (නි)

:       0       0

ප්‍රබාත් Friday, 07 August 2015 05:04 PM

නුඹ රටට ආඩම්බරයක් පුතේ (නි)

:       0       0

පියලාල් Friday, 07 August 2015 03:57 PM

පන්දු යවන්නා සහ පන්දු රකින්නන් දුර්වල නම් පන්දුවට පහර දෙන්නා ප්‍රබල විය හැක.මෙතෙන්දි මෙහෙම ගැහුවට දක්‍ෂ කණ්ඩායම් සමඟ අමාරු වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

මධූ Friday, 07 August 2015 09:23 AM

අපේ රටට ආඩම්බරයක් (නදී)

:       0       0

සම්පත් Wednesday, 05 August 2015 12:37 PM

නමුත් ලංකාවේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳපු එක සමහරුන්ට මතක නැහැ. ඒක ගැන දුකයි. (නි)

:       0       0

දහම් Friday, 07 August 2015 06:39 AM

සම්පත් මේ සැරේ ඡන්දය දෙන්නේ බදු මුදල් සූරන් කන්නේ නැති කෙනකුටද? බොක්කේ දඩමස් නෑ නේද ? (බ)

:       0       0

රකිත් Friday, 07 August 2015 12:24 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 06 August 2015 07:57 PM

සම්පත්ගේ කියමනේ තේරුම මට නොවැටහේ. නිදහස් අධ්‍යාපනය ,සෞඛ්‍ය පහසුකම් ශ්‍රී ලාංකික පුරවැසියකුගේ අයිතියක්.නමුත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය මොහුව තෝරාගෙන නැහැ. මොහු ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට තරඟ කරන්න බැහැ කියලත් නැහැ.සමහරවිට ලංකාවෙන් මොහුට කතාකළොත් මොහු ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරාවි. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 06 August 2015 08:00 AM

පහන් එකම ඉරියව්ව ....නිතරම හොඳ නෑ....තව ඉරියව් කීපයක් වත් පුරුදු පුහුණු වෙන්නම වෙනවා මේ ලෝකේ යන හැටියට.....හැම දීම මල්ටි සිස්ටම් නේ .....(නදී)

:       0       0

චූලක Thursday, 06 August 2015 05:42 AM

සුබ පතනවා! (නි)

:       0       0

පහන් Thursday, 06 August 2015 05:25 AM

බොරු කියන්නේ මොකටද මටනම් තුන් ඉරියව්වම බැහැ.(ම)

:       0       0

සිසිර Thursday, 06 August 2015 05:11 AM

මෙයට ලංකාවේ කණ්ඩායමට තේරන්න බැරි වුණාද? (ම)

:       0       0

ශ්‍රීසර Thursday, 06 August 2015 12:27 AM

ජනක එම තරඟයේදි පන්දු යවමින් කඩුලු 8ක් දවාගෙන තිබෙනවා. http://clitheroe.play-cricket.com/website/results/2377037 (නි)

:       0       0

සමන් වැලිකල Wednesday, 05 August 2015 03:19 PM

ජයවේව කොල්ලෝ. ලංකාවේ හිටියානම් නම අහන්නත් හම්බ වෙන්නේ නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site