X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලක් ජය ලන්ඩනයේදී සැමරේ

මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා සුහද හමුවක් සහ ප්‍රිය සම්භාෂණයක් ලන්ඩන් නුවරදීසංවිධානය කර තිබිණි. 

මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව පැවැත්වූ එම සාදය සඳහා ශාඛා සමිති සාමාජිකයින් සහ හිතමිතුරන් රැසක්ම සහභාගිවු බව ශාඛා සමිතියේ ලේකම් අසාහිම් මොහමඩ් පැවසිය. 

මෙහිදී රනිල් වික්‍රමසිංහ නව රජයේ අගමැති ධූරය සඳහා තේරී පත්වීම පිළිබඳවද ඔවුනගේ සුභ පැතුම් එක් කැරිණි.

ශාඛා සමිති සභාපති වරයා දැනට ශ්‍රී ලංකාවේ සිටින නිසා පැමිණ සිටි සියලුදෙනා පිළිගනු ලැබුවේ ලේකම් අසාහිම් මොහමඩ් විසිනි. එක්සත් ජාතික පක්ෂය බලයෙන් බැහැරව සිටි පසුගිය විසි වසරක කාලයේ පක්ෂය හැර නොගොස් ඉමහත් බලාපොරොත්තුවකින් සහ ඉවසීමකින් පක්ෂයේ දියුණුව සඳහා අප කැපවී කටයුතු කිරීම පිළිබඳව සියලුම දෙනාගේ ස්තුතිය මෙම ජයග්‍රාහී අවස්ථාවේ පිරිනමන බව එහිදී ඔහු පැවසුවේය.

"අද මෙතනට පැමිණසිටින සමහර මිත්‍රයින් මේ ශාඛාවේ වසර 39 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සාමාජිකත්වය දරන අය බව මම සතුටින් පවසමි. අප ශාඛාව ආරම්භ කෙරුනේ 1976 ඔක්තෝබර් 3 වනදා හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන විසිනුයි. එදා මෙදා තුර මෙම ශාඛාව අප පක්ෂයේ වැඩකටයුතු සඳහා නොකඩවා මුල්‍යමය වශයෙන් සහ වෙනත් අකාරයෙන් නිරන්තරයෙන් සහයෝගය ලබාදුන් බව පවසන්නේ සතුටිනි. අද වනවිට අපගේ පැරණි සාමාජිකයින් සහ අලුත් පරපුරේ තරුණයින්ද එකතුව මෙම ශාඛාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වනු දැකීමද සතුටට කරුණකි" යනුවෙන්ද ඔහු පැවසුවේය.

මහාබ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ 39 වන වාර්ෂික සැසිවාරය මෙම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවද මෙහිදී ප්‍රකාශවිය.

බ්‍රිතාන්‍ය ශාඛාවේ උප සභාපති දිලාල් තිලකරත්න ස්තුති කතාව කල අතර දීර්ඝ කාලයක් පක්ෂ ශාඛාවේ උන්නතිය සඳහා කටයුතු කල නෙවිල් විජේසිංහ සහ බ්‍රිතාන්‍ය ශාඛාවේ තරුණ පෙරමුණේ සභාපති හේෂාන් පෙරේරාද මෙහිදී කතා කළහ.

මෙම සුහද හමුව සංවිධානය කළේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ මාධ්‍ය ලේකම් කපිල මල්ලිකාරච්චි විසිනි.

විශේෂ කේක් ගෙඩිය කපා එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණයට, නව අගමැතිට සහ නව රජයට මෙන්ම දේශපාලන පක්ෂ, ජාති හෝ ආගම් බේදයකින් තොරව  ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට සුභ පතනු ලැබිය.

UNP3.jp15824_g UNP9_2015824 UNP10_2015824 UNP52015824_t



අදහස් (0)

ලක් ජය ලන්ඩනයේදී සැමරේ

ඉරේෂ් එස් කුමාර Tuesday, 25 August 2015 06:58 AM

කුවෛට් වල සමරපු ෆොටෝස් මගේ ළඟ තියනවා (ම)

:       0       0

නිල්මිණි Tuesday, 25 August 2015 02:56 PM

ජය වේවා.(හේ)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Tuesday, 25 August 2015 03:44 PM

ඉතාමත් වටිනා දෙයක් .මිලාන් අපිත් ඔයාලට සුබ පතනවා (බ)

:       0       0

සාමුලී Wednesday, 26 August 2015 02:20 AM

ඔව් ඉතින් වෙන කොහේ කරන්නද අපේ රට විනාස වෙනකොට සමරන ඉහලම රට තමයි ඕක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site