X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


ලක් මොළයක් ඇඩෝබ් සමාගමේ පිහිටට එයි

ලෝ ප්‍රකට ඇඩෝබ් පොටෝෂොප් මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසයේ විසඳාගැනීමට නොහැකිව කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් වියැකී යෑම (Bit rot) ගැටලුව‌ විසඳීමට ඇමෙරිකාවේ එම්.අයි.ටී සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (CSAIL) පර්යේෂණකයෙක් සමත්ව සිටී. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌ය.

පොටෝෂොප් වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්‌ වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් වියැකී යෑමයි. සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය මෙවැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදුවේ.

ඇඩෝබ් වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්‌ම පරිගණක විශේෂඥයන් සිය ගණනක්‌ යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක්‌ හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක්‌ වැය වන ක්‍රියාවලියකි.

මේ ගැටලුව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක්‌ සෙවීම පිණිස ඇඩෝබි සමාගම පසුගිය වර්ෂයේදී එම්.අයි.ටී සරසවිය සමග පර්යේෂණ සිදු කළ අතර එම සරසවියේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු වන වරිත් මෙන්ඩිස්‌ ලෝකයේ කිසිවකු එතෙක්‌ විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ.



අදහස් (0)

ලක් මොළයක් ඇඩෝබ් සමාගමේ පිහිටට එයි

ගුණතිලක Thursday, 23 July 2015 11:47 PM

ඔය කියන සමාගමෙන් ඉල්ලා සිටින්න බැරිද ලංකාවේ පරිගණක නිෂ්පාදන කර්මාන්ත පුරයක් ආරම්භ කරන්න කියලා. ඒකෙන් අපේ රටට ලොකු සේවයක් ඔබට කරන්න පුලුවන්. නැත්නම් රජයෙන් ඉල්ලා සිටින්න එවැනි නිෂ්පාදන කරන්න සහයෝගය දෙන වැඩපිළිවෙලකට ආධාර දෙන්න කියලා.ඔබ රටට සම්පතක්. (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 21 July 2015 01:38 AM

මෙහි බොහොමයක් දෙනා හරි විස්තර නොදැන බොහෝ නිගමන වලට පැමිණ තියෙන නිසා මට මේ දේ ලියන්න හිතුනා. මම මොහුව ඔබට හඳුන්වා දෙන්නම්. මොහු නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්‍රතිඵල නෙලා මොරටු විශ්ව විද්‍යාලගෙන් උපාධි ලබා ඇමෙරිකාවේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි. මෙහිදී මොහු පිළිබඳව බොහෝ වැරදි මත පළවී තිබේ.කිසිදු බුද්ධිගලනයක් වී නැත. හුදෙක් ඔහු පශ්චාත් උපාධිය සඳහා ඇමරිකාවේ ගොස් තිබේ. කරුණාකර ඔහුගේ හැකියාවන් අගයකර සතුටුවන්න. බොරු නිගමන වලට නොයන්න. (නි)

:       0       0

ඉෂා Tuesday, 21 July 2015 04:01 AM

අැත්තටම අාඩම්බරයි. ඔබට සුබ අනාගතයක් (ම)

:       0       0

යමුනා Tuesday, 21 July 2015 06:35 AM

මේ හැම අදහසකින්ම කියවෙන්නේ ලංකාවේ දේශපාලනය ගැන මිනිස්සු මොන තරම් කලකිරීමකින්ද ඉන්නේ කියලා. දේශපාලනඥයෝ මේක අවබෝද කරගන්නවා නම් හොඳයි. නැත්නම් කවදාහරි මේ තත්වය පුපුරා ගිහින් ආයිත් මහා විනාසයක් වේවි 1989 වගේ. (නදී)

:       0       0

දුම්න්ද Tuesday, 21 July 2015 07:43 AM

ඔබ යම්දිනක නැවත එන තුරු ලක් මව පෙර මග බලා සිටි (නදී)

:       0       0

සෑම් Tuesday, 21 July 2015 10:34 PM

මේ අපේ සුනිල් මෙන්ඩිස් සර් ගේ පුතා නේ? (බ)

:       0       0

සංජීව චතුරංග Wednesday, 22 July 2015 02:07 AM

අපේ රටට ආඩම්බරයක් (නි)

:       0       0

විජේවීර, කේ කේ ජි Wednesday, 22 July 2015 04:00 AM

අප ඔබට උණුසුම් ලෙස සුබ පතමු. දැක නැතත් ඔබ ගැන දැන සිටියා. (ර)

:       0       0

අජන්ත Wednesday, 22 July 2015 07:09 AM

සෑම් මමත් හිතනවා ඔහු සුනිල් මෙන්ඩිස් සර් ගේ පුතා කියලා. මට මතක හැටියට උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවෙන්ම පළවෙනියා උනා. ඔහු සැබෑම දක්ෂයෙක්. ලාංකිකයෙකු ලෙසත් සුනිල් මෙන්ඩිස් සර්ගේ ගෝලයෙකු ලෙසත් මම ඔබ ගැන ඉතා ආඩම්බර වෙමි. අවාසනාවට ඔබේ දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට තරම් මෙරට ආර්ථිකය හෝ සමාජය තවම දියුණුවී නොමැත. (ර)

:       0       0

දුමින්ද Wednesday, 22 July 2015 09:47 AM

ඔබේ පියා සුනිල් මෙන්ඩිස් ගුරුතුමා දෙවියෙක් වැනි ගුරු පියෙක්. (ර)

:       0       0

ශිරෝමි Thursday, 23 July 2015 04:03 AM

ලංකා මාතාවගේ විශිෂ්ට පුත්‍රයෙක්. මගේ සුබ පැතුම් ! (බ)

:       0       0

ජෙ එම් සි Thursday, 23 July 2015 08:35 AM

විශිෂ්ඨ සේවාවට මාගේ සුභාෂිංශන. (ර)

:       0       0

එච්. ජගත්දේව Monday, 20 July 2015 03:44 PM

ඔබට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

අතුල Friday, 24 July 2015 04:58 AM

ගුණතිලක ඇඩෝබ් සමාගම මෘදුකාංග නිපදවනවා මිසක් පරිගණක නිපදවනවා කියලා අහලානම් නැහැ.(ම)

:       0       0

ලොකුගේ Friday, 24 July 2015 05:14 PM

සිරා නම් මොන ලෝකයක ඉන්න කුහකයෙක්ද මන්දා (නි)

:       0       0

කීර්ති Saturday, 25 July 2015 12:34 AM

අපේ සුභ පැතුම්! උප කොන්ත්‍රාත් එකක් අරගෙන දෙන්න බලන්න ලංකාවට. පරිගණක මෘදුකාංග සමාගම් ඕනෑතරම් එහෙම දෙනවා. මේවා යන්නේ ඉන්දියාව වගේ රටවලට. (නි)

:       0       0

චන්න බුවනක Saturday, 25 July 2015 01:52 PM

අපේ රට ගැන විතරක් නොවේ. මුළු ලොවටම ඇතිවන යහපත ගැන හිතන්න.(නදී)

:       0       0

ප්‍රියන් Sunday, 26 July 2015 06:16 AM

උණුසුම් සුබපැතුම් පුතා , (ම)

:       0       0

සම්පත් Sunday, 26 July 2015 07:55 AM

ෂා එළ කොල්ලෙක්නේ රටටම ආඩම්බරයක් (නදී)

:       0       0

රවී Sunday, 26 July 2015 01:15 PM

සුද්ධෝ කළු හම තියෙන මිනිස්සුන්ට ඔය වගේ පුංචි පහේ චාන්ස් දෙනවා. (නදී)

:       0       0

ජයන්ති Sunday, 26 July 2015 05:12 PM

විශිෂ්ටයි. උණුසුම් සුබපැතුම් ඔබට. (බ)

:       0       0

රූපා Monday, 27 July 2015 09:54 PM

තවත් ආඩම්බරයක් හෙල පුතෝ මම උපන් රට පින්බරයි (නදී)

:       0       0

රුවන් චන්දිමාල් Tuesday, 28 July 2015 05:40 AM

ඔබට ජයෙන් ජය වේවා (හේ)

:       0       0

රුවන් Tuesday, 28 July 2015 05:43 AM

රටට කීර්තිය ගේන්න ඔබට හැකිවිම අපට සතුටක් ඔබට ජය (නදී)

:       0       0

නාමල් Sunday, 19 July 2015 04:04 PM

සිරා, මෝඩ කතා කියන්න එපා. මේ ළමයා ඇමරිකාවේ එම්.අයි.ටී. එකේ ඉගෙනගත් කෙනෙක් කියලා ලියලා තියෙනවා දැක්කේ නැද්ද?ලංකාවේ නොමිලේ ඉගෙනගෙන පිටරට යනවා කියලා ගරහන්න එපා. මේ අය යන්නේ ලංකාවේ දැනුමට සරිලන වැටුප් හා රැකියා අවස්ථා නැති නිසා (නි)

:       0       0

ආනන්ද Sunday, 19 July 2015 06:57 AM

මගේ උණුසුම් සුබ පැතුම් රටට ආඩම්බරයක් (ම)

:       0       0

තමාරා Sunday, 19 July 2015 08:25 AM

ලක්පුතුනි ඔබට සුභ පැතුම් ! (නදී)

:       0       0

වාසු Sunday, 19 July 2015 09:36 AM

මගෙත් උණුසුම් සුබ පැතුම් ඔබට (ම)

:       0       0

සිරා Sunday, 19 July 2015 09:56 AM

ලංකාවේ නොමිලයේ උගන්වලං, පිටරටට අපේ මිනිස්සුන්ව දෙනවා උන්ගේ රටවල් දියුණු කරගන්න. දේශපාලකයන්ගේ කිසිම සැලැස්මක් නැහැ ලංකාව දියුණු කරන්න, සුදුස්සාට සුදුසු තැන දීලා. (ම)

:       0       0

සුනිල් Sunday, 19 July 2015 10:20 AM

සුභ පැතුම් ඔබට ඉදිරි අනාගතයට (ම)

:       0       0

සල්ගාදු ප්‍රංශය Sunday, 19 July 2015 11:44 AM

ලාංකිකයන් ඔය ඇඩෝබ් මෘදුකාංග සහ ෆොටෝ ෂොප් හොඳට දන්නවා , ඒවායින් තමා කෙල්ල කොල්ල කරලා , වෙන මුණක් තව රූපයකට දමලා , පොඩි කාලේ ඉඳල කරදරවෙන්නේ කරදර කරන්නේ (බ)

:       0       0

සිංහ Sunday, 19 July 2015 12:44 PM

ලංකා මාතාව විසින් බිහිකරනු ලබන සුපිරි බුද්ධිමතුන්. දේශපාලුවන් විසින් අකා මකා දමනු ඇත....... . විශිෂ්ට ක්‍රියාවට සුබ පැතුම් (බ)

:       0       0

නාමල් Sunday, 19 July 2015 01:38 PM

හරිම ආඩම්බරයි (නි)

:       0       0

චතුරි Sunday, 19 July 2015 02:00 PM

‍ඔබගේ දැනුමට නියම ස්ථානය දෙවියන් විසින් ලබාදුන්නා. (නි)

:       0       0

දහම් Sunday, 19 July 2015 02:22 PM

මෙහේ දුක් විඳිනවට වඩා ජාත්‍යන්තරයට ගොස් සමස්ත මානව වර්ගයාටම සේවය කිරීම යහපතකි. (නදී)

:       0       0

ඇලෝයි Sunday, 19 July 2015 03:08 PM

ඔබත් මමත් පිටරටවල අපේ ශ්‍රමය වැය කරනවා. අපේ දේශ පාලුවෝ රට ආපසු ගෙනයනවා. මෙය කවදා නිමවේදෝ මන්දා. ඔබට ශුභ අනාගතයක්. (බ)

:       0       0

චින්තක Sunday, 19 July 2015 06:12 AM

අපගේ උණුසුම් සුබ පැතුම් අති විශිෂ්ටයි. (බ)

:       0       0

සිදත් Sunday, 19 July 2015 05:56 PM

ලෝකයට නව දැනුම සොයාදෙන ශ්‍රී ලාංකිකයෝ රටට ආඩම්බරයකි. (නි)

:       0       0

චන්න Sunday, 19 July 2015 07:30 PM

ෂා...මරුනේ! හරිම ආඩම්බරයි (නි)

:       0       0

චන්න Sunday, 19 July 2015 08:33 PM

ශ්‍රී ලාංකිකයෙක් හැටියට් ආඩම්බර වෙනවා. ඒ වගේම සුබ පතනවා (නි)

:       0       0

දිලිප් Monday, 20 July 2015 12:27 AM

අපි හැමදේටම දේශපාලකයන්ට බැන්නට, ලංකාවේ සරසවියකට ගිය හැමදෙනාම දන්නවා, උගතුන්ට මේ රට තුළ වැඩක් කරන්න වැඩිපුරම ඉඩ අහුරන්නේ තමන්ගේම අය බව. පිටරට ශිෂත්වයක් වෙනුවෙන් ආචාර්ය, මහාචාර්යවරුන්ට දරදිය අදින් අය කොච්චර අපේ සරසවි තුළ ඉන්නවද? සරසවි තුළ තිබෙන මේ රැල්ල නිසා කොයිතරම් බුද්ධිමතුන් මේ රට හැර ගිහිල්ලා තියෙනවද කියලා කවුරුහරි හොයලා බැලුවොත් තේරෙයි මේ ප්‍රශ්නයේ තිබෙන බැරෑරුම්කම සහ හැමදේටම දේශපාලකයන්ට බැනලා වැඩක් නැති බව (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 20 July 2015 03:03 AM

ඉතාමත්ම ආඩම්බරයි. සතුටුයි. නමුත් මේ සිංහලයාගේ සේවය තම මවුබිමට නැහැ.වරද කොතනද? (නි)

:       0       0

පාලිත Monday, 20 July 2015 04:48 AM

ඔබට සුබ පැතුම් (ම)

:       0       0

අංජන Monday, 20 July 2015 04:53 AM

පාසලට වලිකන සරසවි වරම් නොලැබෙන අවසන පඩිය හිගමන දරුවෝ කවුරුද වරදේ නොබැදෙන(ම)

:       0       0

තිස්ස Monday, 20 July 2015 06:50 AM

අන්න රට දිනු මිනිස්සු (බ)

:       0       0

දුල්මි Monday, 20 July 2015 08:07 AM

ලංකාවේ හිටියා නම් මේ තරුණයා ආයතනයක පරිගණක ඉංජිනේරුවෙක් විතරයි. ලංකාවේ වැඩියෙන්ම මොළකාරයන් වෙන්නේ සුවිශේෂ වරප්‍රසාද සහිතව වෙනම කාමර වල විභාගවලට ලියන සහ ලංකාවේ උසස් පෙළ අසමත් වෙලා පිටරට වල උපාධි අරගෙන ලංකාවට ආපු දේශපාලක පුත්තු ටික. මේ සොයා ගැනීම ලංකාවේදී කළා නම් මේ තරුණයා අතුරුදහන් වෙලා නව සොයා ගැනීම දේශපලුවෙකුගේ පුතෙකුගේ නමට ප්‍රසිද්ධ වේවි.ඒ නිසා පිටරට වලට බැනලා වැඩක් නැහැ. අපේ බුද්ධි ගලනයට හේතු සොයා බලන්න. (ම)

:       0       0

ප්‍රභාත් කුලතුංග Monday, 20 July 2015 09:55 AM

සුභ පැතුම් ! අපේ දැනුම පිටරටවලට වටිනවා. අපේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න හොර රැල මේවා දන්නේ නැහැ බුද්ධි ගලනය මොනතරම් පාඩුවක්ද කියන එක අපේ රටට. (ර)

:       0       0

නිමල් Monday, 20 July 2015 12:54 PM

නියමයි, ආඩම්බරයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site