X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


ලක්ෂ 10ක මිනී වළක්

පුද්ගලයින් ලක්ෂ 10 ක් පමණ වළදමා තිබෙන බවට සැකකෙරෙන සුසානයක් සොයා ගැනීමට ඊජිප්තුවේ ෆයිරුම් කලාපයේ කැණීම් කටයුතු වල යෙදෙන පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

වළදමා තිබූ සිරුරු 1700 ක් පමණ මේ වන විට පිටතට ගෙන තිබේ.ඒවා රාජකීයන්ගේ නොව සාමාන්‍ය ජනයාගේ බව පුරාවිද්‍යාඥ පිරිස පවසති.

මෘත ශරීර වලට විශේෂ ඇගලූම් අන්දවා නොතිබීමෙන්, රාජකීයයන් මෙන් සිරුරු මමීකරණය කර නොතිබීමෙන් ඒ බව හොදින් පැහැදිලි වන බව ඔවුන්ගේ අදහසයි.

මමීකරණය කර නොතිබුණද කාන්තාර වැල්ලෙන් ඒවා ස්වභාවික මමීකරණයකට භාජනය වී තිබෙනු හඳුනාගත හැකිය.පුරාවිද්‍යාඥ පිරිසට අනුව ඉතාම හොදින් සංරක්ෂණය වී තිබූ මෘතශරීර කිහිපයක්ම මේ වන විට හමුවී තිබේ.

ඔවුන් මිහිදන් කර තිබූ සුසානය කිරගරුඬ පර්වතයක සිදුරු තනා නිර්මාණය කර තිබෙන්නකි.එය මීට වසර 1500 කට පමණ පෙර ඊජිප්තුව රෝම හා බැබිලෝනියානු අධිරාජ්‍යයින්ගේ පාලනය යටතේ පැවැති සමයේ නිර්මාණය කෙරුණක් බවට සැළකේ.

මෙසේ විශාල පිරිසක් මිහිදන් කෙරුණේ ඇයිදැයි ගැටළුවකි.සුසානයට ආසන්නයේ පිහිටි නගරයේ වර්තමානයේ සේම අතීතයේ පවා විශාල ජනතාවක් සිටි බවට සාක්ෂි නොමැත.

අනෙක් අතට හමුවෙමින් තිබෙන මෘතශරීර එකකට එකක් සමාන තත්ත්ව වල පැවතීම හෙයින් එම සිරුරු එකම සමයේ වළදමා තිබෙන ඒවා බවට සැකකළ හැකි බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඉදිරි කැණීම් කටයුතු වලින් ගැටළුවට පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුහු සිටිති.

241F2EFF00000578-0-image-a-28_1418833796443 241F2F0A00000578-0-image-a-34_1418834591328 241F2F3B00000578-0-image-a-30_1418834221843 241F2F2900000578-0-image-a-36_1418834809584 241F2F3100000578-0-image-a-29_1418833867607



අදහස් (0)

ලක්ෂ 10ක මිනී වළක්

සුරංග Sunday, 21 December 2014 10:45 AM

මේ මිනි වල කොච්චර පැරණිද?(හේ)

:       0       0

රජින්ද Sunday, 21 December 2014 12:45 PM

ශුද්ධ වු බයිබලයේ සදහන් පරිදි ඒ කාලේ පාරාවෝ පාලන සමයේදී වසංගත වලින් සහ වෙනත් යුද ගැටුම් වලින් මියගිය අය වෙන්න හැකියි නේද? ඉතාමත් වටිනවා මේ සොයා ගැනීමට.! සහ ලංකාදීප වාර්තාකරණයට.(හේ)

:       0       0

සම්පත් Sunday, 21 December 2014 04:54 PM

වීරවංශ යවන්න ඕනේ විස්තර හොයන්න (නදී)

:       0       0

ද සිල්වා Monday, 22 December 2014 06:22 AM

මොකටද පරණ මිනීවළවල් හාරන්නේ මළවුන්ට වත් නිදහසක් නැද්ද ?

:       0       0

චන්දු Monday, 22 December 2014 12:39 PM

දිරාගිය කටු ප්‍රදර්ශනය කරන්නත් දෙයක්ද? අපේ ඒවත් ඔය වගේම පොලවට පස් වෙනවා . ඊට පස්සේ තමන්ගේ අයවත් ඕවා තියාගන්නේ නෑ. ඉතින් ඔය සල්ලි වලින් , දුප්පත් අයට ජීවත් වෙන්න උදව්කරන්න තිබ්බනේ ? (හේ)

:       0       0

නිහාල් Monday, 22 December 2014 04:35 PM

මමි තුළ අන්තර්ගතවී ඇති දෙයක් වේ නම් ප්‍රවේශම් වියයුතුයි. (නි)

:       0       0

දර්ශණ Tuesday, 23 December 2014 12:24 PM

මෙය වසර 1500ක් පැරණිය. රෝමානු හා බ්යිසෙන්තිනේ [බටහිර රොමානු අධිරාජ්යාන්] ඊජිප්තුව යටත්කරගෙන සිටි සමයේ මෙම සංහාරය කර ඈතිබව නවතම සොයාගෑනිම් තුලින් තහවුරුවී අැත. (නදී)

:       0       0

කෝලිත Wednesday, 24 December 2014 04:28 AM

මොකටද පරණ මිනීවළවල් හාරන්නේ මළවුන්ට වත් නිදහසක් නැද්ද ? දිරාගිය කටු ප්‍රදර්ශනය කරන්නත් දෙයක්ද? අපේ ඒවත් ඔය වගේම පොලවට පස් වෙනවා . ඊට පස්සේ තමන්ගේ අයවත් ඕවා තියාගන්නේ නෑ. ඉතින් ඔය සල්ලි වලින් , දුප්පත් අයට ජීවත් වෙන්න උදව්කරන්න තිබ්බනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site