ශ්‍රී දළඳා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය, අරන්තලාව ඇතුළු ශ්‍රී ලංකාව පුරා උතුරේත් දකුණේත් විවිධ අභාග්‍ය සම්පන්න සිදුවීම් මෙන්ම සුනාමිය වැනි ස්වාභාවික ව්‍යසනවලින් විපතටපත් සියලු දෙනාට පිං පැමිණවීමේ පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
1998 ජනවාරි 25 දින ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු මහනුවර ශ්‍රී දළදා මාලිගාවට එල්ල කළ කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පින් පැමිණවීම මුලික කරගෙන ආරම්භ කරන ලද මෙම පිංකම එදා පටන් සෑම වසරකම සංවිධානය කළේ ලන්ඩන් නුවර පදිංචි කරුණා බස්නායක මහත්මියයි.
මේ වසරේ සිට එම පිංකම සංවිධානය කිරීමේ වගකීම ඇය ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය වෙත පවරනු ලැබිය. "ශ්‍රී ලංකාවේ පසුගිය වසර 30 වැනි දීර්ඝ කාලයකදී ත්‍රස්තවාදී මෙන්ම වෙනත් හේතු නිසා අවාසනාවන්ත ලෙස අපවත්වූ හෝ විපතට පත්වූ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද අන්‍යාගමික පූජකවරුන්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව, විරෝධාර රණවිරුවන්, විදේශකයින් ඇතුළු සියලු දෙනාට මෙදින පුණ්‍යානුමෝදනා කළ බව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම පැවසුවේය.
පිංකම සඳහා ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් ප්‍රධාන විහාරවාසී මහා සංඝ රත්නය, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, මහා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න ඇතුළු විශාල පිරිසක් සඳහා සහභාගි වුහ.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගේ පොලිසියේ සහ විශේෂ කාර්ය සාධක බලකායේ ධජයන් මෙම අවස්ථාව සඳහා රැගෙනවිත් තිබු අතර මහා සංඝ රත්නය විසින් සෙත්පිරිත් සජ්ජායනාකොට සෙත් පැතුහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩනයේ පුණ්යනුමෝදනාවක්
සිරිමෙවන් Tuesday, 26 January 2016 03:41 PM
ඉතා හොඳ වැඩක්. මෙවැනි දෙයක් ලංකාවෙන් පිට සිදුවෙනවා දැක්කේ ලන්ඩන් වල විතරයි. ගුවන් හමුදාපතිගේ සහභාගිත්වයෙන් පිංකම තවත් අර්ථවත් වෙනවා. සංවිධායකයින්ට ස්තුතියි. (බ)
චන්දන Wednesday, 27 January 2016 01:51 AM
ඉතාමත් වටිනා පින්කමක්. (නි)