ලන්ඩන් නුවර ඉගෙනීමේ අබලතාවයන්ගෙන් පෙළෙන වැඩිහිටියන් හට අත හිතදීම පිණිස ඉටුකළ වටිනා සේවය උදෙසා ශ්‍රී ලාංකික සහාය සේවිකාවක් මේ වසරේ බ්‍රිතාන්‍යයේ ඉහළම සම්මානයක් දිනාගැනීමට සමත් වූවාය.
වාර්ෂිකව පිරිනැමෙන "රික්ස් සාමි" සම්මානය මෙවර දිනාගත්තේ හවූන්ස්ලෝ නගරයේ හේමා අබේතුංග විසිනි. හේමා අබේතුංග ට්විකන්හැම්හි අධ්‍යාපන ගැටළු සහිත වැඩිහිටියන් සඳහා විශේෂ පහසුකම් සපයන මධ්‍යස්ථානයක සේවය කරයි.
එම මධ්‍යස්ථානයේදී පිළියම් ලබාගත් කාන්තාවක් ළමා කාලයේ පටන් තමන් තුළ තිබු "බල්ලන් සහ බළලුන් පිළිබඳ අසීමිත භීතිකාවක්" හේමා අබේතුංගගේ උදව් උපකාරයෙන් සුවපත් කරගැනීමට සමත් වුවාය.
මෙම සාර්ථක වැඩපිළිවෙළ මුල්කරගෙන මේ වසරේ සම්මානය සඳහා ඇයගේ නම ඉදිරිපත් කළේ එම මධ්‍යස්ථානයේ කළමනාකරුය.
ඇයගේ නම මෙවන් අගනා සම්මානයක් සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ ඔහු කිවේ " හේමා සිය වැඩකටයුතු ඉටු කිරීමේදී දක්වන අසීමිත කැපවීම සහ උනන්දුව නිසා අපගේ උපකාර මධ්‍යස්ථානය මඟින් ඉටුකරන වැදගත් සේවාවන් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන තත්වයකට පත්කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙහි ඇති කිසිම වැඩකටයුත්තක් අපහසු දෙයක් ලෙස නොසලකන හේමා තම යුතුකම් නොපිරිභෙළා ඉටු කරන අවංකවම මෙවන් සේවාවන් රැකියාවකට වඩා සමාජ සේවාවක් ලෙස සලකා කටයුතු කරන උතුම් චරිතයකි" කියාය.
හේමා අබේතුංග වෙත මේ වසරේ සම්මානය පිරිනැමීමට තීරණය කිරිම පිළිබඳව අදහස් දැක්වූ විනිශ්චය මණ්ඩලය සඳහන් කළේ "අසීරු වැඩකටයුත්තක් ඉටුකිරීමේදී ඇය පෙන්වා ඇති අසාමාන්‍ය උද්යෝගය ලැදිකම සහ උනන්දුව අප සැමගේ බලවත් ප්‍රසාදය දිනාගැනීමට සමත්වූ" බවයි.
ඉගෙනීමේ දුබලතා ඇත්තන්ට සහාය දීමේ බ්‍රිතාන්‍ය ආයතනය සංවිධානය කෙරුණු සම්මාන ප්‍රධානෝත්සවය පවත්වනු ලැබුවේ බර්මින්හැම් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. උත්සවය සඳහා 700 කට වඩා නියෝජිතයින් පිරිසක් සහභාගිවුහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩනයේ ලක් කතට සම්මානයක්
සත්‍යයා Monday, 31 August 2015 03:22 AM
ඔබ අපට ආඩම්බරයක් ලක් දියණියනේ. (අ)