සිය සැමියාද දරුවාද අතහැර දමා මීයන් රංචුවක් සමග ජීවත් වන කාන්තාවක් බ්‍රිතානයයේ සිටී.
චන්ටල් බෑන්ක්ස් වූයේ කරදර වලින් තොර දිවියක් ගත කළාය.හොද සැමියෙක් හා පවුලේ එකම දරුවා වූ පුතණුවන් සමග ඇය සතුටින් කාලය ගෙවමින් සිටියාය.දිනක් මීයකු සුරතලෙකු ලෙස ඇතිකිරීමට ඇයට ආශාවක් ඇති විය. සැමියාද අකැමැත්තෙන් හෝ ඊට අවසර දෙන්නේ සිය බිරිදගේ සතුටඑය වන බැවිනි.
සියල්ල කණපිට පෙරැළෙන්නේ චන්ටල්ගේ මීයන් 19 දෙනෙකු සුරතලූන් ලෙස හදාවඩා ගැනීම දක්වා දුරදිග යාමෙන් පසුවය. සැමියා හා දරුවා සම්පූර්ණයෙන් අමතක කර දමන ඇය සිය සුරතලූන් රංචුවත් සමගම කාලය ගෙවීමට පෙළැඹෙන්නේ උන් මිනිසුන්ට වඩා තමන් හොදින් තේරුම් ගන්නවා යැයි නිදහසට කරුණුද ඉදිරිපත් කරමිනි.තව දුරටත් සිය සැමියා චෙස්ටර් හා පුතනුවන් වන කෙවින් සමග ජීවත් වීමට නොහැකි යැයි පවසන ඇය නිවසින් නික්ම ගොස් තට්ටු නිවාසයක පදිංචි වන්නේ සිය සුරතලූන් රොත්තද සමගය.
‘‘මට සහෝදර සහෝදරියන් කියල හිටියේ මීයෝ‘‘යැයි පවසන්නේ චන්ටල්ගේ පුතනුවන් වන කෙවින්ය.
‘‘චන්ටල් සමහර වෙලාවට මටත් හොරෙන් මීයන් මිලදී ගෙන පැමිණෙනවා.ඇය උන් සගවාගෙනයි ඇති දැඩි කළේ.පස්සේ එළිපිටම ඔක්කොම කරන්න ගත්තා.මට මීයන් පේන්න බැහැ.නමුත් ඇයගේ ආශාව නිසා ඉඩ දීලා සිටියා.නමුත් ඇය තව තවත් මීයන්ටම‘‘ඇබ්බැහි‘‘වීම හැර වෙන දෙයක් වුනේ නැහැ.අප එක්ක ජීවත් වෙන්න බැහැ කියලා දැන් ඇය අප අත්හැරලා ගිහින්.නමුත් මම තවමත් විශ්වාස කරනවා ඇය කවදා හෝ අප වෙතම පැමිණෙයි කියලා‘‘යැයි කියන්නේ චන්ටල්ගේ සැමියා වන චෙස්ටර්ය.
ආහාර ගැනීම,නිදා ගැනීම ආදී සියලූ දෛනික රාජකාරි සියල්ලක්ම චන්ටල් දැන් කරනුයේ සිය සුරතලූන් රෑන සමගය.
‘‘මගේ සැමියාට මගෙයි මගේ සුරතලූන්ගෙයි අතර පවතින බැදීම තේරුම් ගන්න බැහැ.ඔහු මගේ සුරතලූන්ට හරිහැටි සළකන්නෙත් නැහැ.මිනිස්සුන්ට වඩා මේ සතුන් මම කවුද යන්න තේරුම් අරන් තියනවා.මම අඩද්දී මගේ කදුළු පවා ඔවුන් පිස දමනවා.අප ආහාර ගන්නේත් එකට.මට ආයේ මිනිස්සුත් එක්ක වාසය කරන්න කිසිම අදහසක් නැහැ‘‘චන්ටල් පවසයි.
සිය සුරතලූන්ට ‘‘මිනිස්‘‘නම් පවා තැබීමට චන්ටල් කටයුතු කර තිබේ.සිය සුරතලූන්ගෙන් තොර ලොවක් සිතීමට පවා තමාට දැන් නොහැකි බව චන්ටල් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩන් කත මී රංචුවක් සමග
එරංග Sunday, 10 March 2013 12:57 PM
අපේ නම් අහලකටවත් එන්නේ නැහැ (දී)
අමිල කටුනායක Sunday, 10 March 2013 06:47 PM
මී නළගන... (නි)
සාලිය Sunday, 10 March 2013 08:58 PM
අපෝ කෑවොත් මහාමාරිය තමයි (දී)
සුගත් Monday, 11 March 2013 12:58 AM
අපේ නයි නළගන වගේ එන්ගලන්තයේ මී නළගන. (නි)
සෙනරත් Monday, 11 March 2013 08:01 AM
මේකත් එක්තරා පිස්සුවක් තමයි. (නි)
උපුල් Monday, 11 March 2013 09:32 AM
" මීයෝ නැතුව බෑ" (නි)