ස්තී‍්‍ර දුෂණ දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි නුවර කාන්තාවන්ට පිහියා බෙදා දීමට එරට අන්ත දක්ෂිණාංශික දැඩිමතධාරී ශිව්සේනා පක්ෂය ඊයේ (24) පියවර ගත්තේය.
පිහියා බෙදා දීම සිදුවුණේ ඉකුත් නොවැම්බරයේ එම පක්ෂයේ නායක අභාවප‍්‍රාප්ත ලාල් තැකරේගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැති විශේෂ ගුණ සමරු උත්සවයකදීය.
ශිව්සේනා පක්ෂය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාජික අජේ චෞද්‍රි පිහියා බෙදා දෙමින් සිටියේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය පුරා කාන්තාවන්ට පිහියා 21,000 ක් බෙදා දීමට තම පක්ෂය සූදානම් බවය.
කාන්තාවන්ට සිදුවන අපරාධ සහ ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මුළුමහත් ඉන්දියාවම කැළැඹී ගියේ ඉකුත් දෙසැම්බරයේ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක නවදිල්ලි නුවර බස් රියක් තුළ සමූහ අතවරයටත් පහර කෑමටත් ලක් වී බරපතල තුවාල ලබා පසුව මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. ඒ සම්බන්ධ කඩිනම් නඩු විභාගය විශේෂ අධිකරණයක් ඉදිරියේ ඊයේ (24) ආරම්භ විය.
![]() |
පිහියා ලබාගැනීමට පොරකන කතුන් |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලිංගික අතවරවලින් බේරෙන්න මුම්බායි කතුන්ට පිහියා
ඩෑම් Saturday, 26 January 2013 09:46 AM
කඩු පිහි තියා මොනවා බෙදුවත් අවශ්‍යතාවය ඇති කෙනා මොන විදියෙන් හරි ඒ දේ කරනවා. (නි)
කලනි Monday, 28 January 2013 04:42 AM
ඔච්චර මිරිස් තියෙන රටේ අත්හදා බලන්නත් එක්ක සැර මිරිස් තලපයක් හැම ගෑනු කෙනාටම දුන්නා නම් හොඳ නේද? (නි)
ශාන්ත ලාල් Sunday, 27 January 2013 08:32 PM
දැන් කට්ටිය බය වෙලා ඇති (ස)
ලෙපර්ඩි Sunday, 27 January 2013 08:29 PM
මරබියට පිහි මතක් වෙයිද? හදිසි අනතුරු නලාවකුත් දුන්නොත් මොකද? ආරක්ෂක යට ඇදුම් එහෙමත්... (නි)
සනුපත් Sunday, 27 January 2013 03:29 PM
මේ වයසක අයට මොකට පිහි දෙනවද ?? කෝ කෝ තරුණ අයයි මහළු අයයි දෙපැත්කට වෙන්න. මේක ඉක්මනට බෙදලා දෙන්න (ස)
අනුර Sunday, 27 January 2013 03:27 PM
ඒක එච්චර සුභ නැහැ (දී)
තිසල් Sunday, 27 January 2013 02:20 PM
කේන්ති ගියාම අනීද දන්නේ නැහැ. (දී)
උපුල් Sunday, 27 January 2013 01:57 PM
අනෙක් මිනිස්සු පරිස්සම් වෙන්න (දී)
සුජිත් Sunday, 27 January 2013 11:40 AM
පිහි දීලා සමාජය හදන්න බැහැ, සදාචාරය පිරිහිලා (දී)
විශ්ව Sunday, 27 January 2013 10:45 AM
වයස හැට හැත්තෑවේ අයත් මොකටද පිහි ගන්න ඇවිත් තියෙන්නේ. ඒ අයටත් කරදර වෙනවද ? (ස)
ප්‍රේමකුමාර Saturday, 26 January 2013 07:46 PM
පිහි ගන්න ඇවිත් ඉන්න කට්ටිය නියමයි නේද? (නි)
ලලිත් - කටාර් Saturday, 26 January 2013 06:04 PM
මේකත් හරියට හිසේරදේට කොට්ටය මාරුකරනවා වගෙයි. (නි)
බමුණුසිංහ Saturday, 26 January 2013 11:11 AM
අපේ අයට නම් දෙනවා නම් දෙන්න ඕනෑ ගිරයක් වගේ එකක්. (නි)
දෝහා Saturday, 26 January 2013 09:51 AM
මේකෙන් අන්තිමට තමන්ගේ මිනිහමත් පිහිපාර කයිද දන්නෙ නැහැ. (නි)
ඩෑම් Saturday, 26 January 2013 09:48 AM
අපේ රටට නම් ඔය පිහි, කඩු හරියන්නෙ නැහැ. දෙනවා නම් දෙන්න ඕනෑ පිස්ටල් එකක්. (නි)
හේමන්ත Friday, 25 January 2013 10:57 AM
ඇයි කඩුවක් හොද නැද්ද? (නි)
ඩෑම් Saturday, 26 January 2013 09:44 AM
අර කියන්න වගේ නරකද තවටිකක් අත්හදා බැලීමක් කළොත් මොකක්හරි ආවරණයක් ගැන. (නි)
දෝහා Saturday, 26 January 2013 09:42 AM
කාන්තාවන්ට පිහියෙන් තමන්ගේ ආරක්ෂාව සළසා ගන්න පුළුවං ද?(නු)
ගාමිණී Saturday, 26 January 2013 07:23 AM
පුලාන් දෙවියනේ, භාරත කතුන්ගේ වටිනාකම දැනුයි තේරෙන්නේ. (නි)
නිහාල් Saturday, 26 January 2013 01:53 AM
ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද දන්නේ නැහැ (දී)
නිහාල් Saturday, 26 January 2013 01:53 AM
ආත්ම ආරක්ෂාවට (දී)
හිල්ම් Saturday, 26 January 2013 01:02 AM
ඒ වැඩේ නම් එච්චර හොද නැහැ (දී)
හිල්ම් Saturday, 26 January 2013 01:02 AM
මමනම් අනුමත කරන්නේ නැහැ. මතකයි නේ ඇමරිකාවේ (දී)
ගාමිණි Friday, 25 January 2013 10:44 PM
ඊට වඩා හොද විසදුමක් දෙන්න තිබ්බ (දී)
ජයනෙත්ති Friday, 25 January 2013 08:48 PM
මට නම් හිතෙන්නේ යකඩ ආවරණයක් වගේ දෙයක් අත්හදා බලන්න කාලය හරි කියලා. (නි)
ඩේවිඩ් Friday, 25 January 2013 06:59 PM
මෙහාටත් ඔය විසදුම ගෙනාවා නම් හරිනේ. (නි)
අමිල Friday, 25 January 2013 04:17 PM
ඒක හොඳයි. මුලින්ම අල්ලලා කපලා දැම්මා නම් ආයේ කරදර කවදාවත් ඇති වෙන එකක් නැහැ. (නි)
ෂෙරිෆ් Friday, 25 January 2013 03:14 PM
අපේ රටෙත් මේ වැඩේ පටන් ගත්තොත් තමයි හොඳ. (නි)
නුවක් Friday, 25 January 2013 12:16 PM
ඇයි පිහියක්? මීට වඩා ටිකක් ප්‍රායෝගික දෙයක් දුන්නා නම් ආසන්නයට එන්නට කලින්ම ප්‍රතික්‍රියාව දක්වන්න පුළුවන්. (නි)