ලොව ප්‍රථම සුදු ‘ලිගර්ස්’ (සිංහ-කොටි පැටවුන් 4 දෙනා ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ මටල් බීච් සෆාරියේ බිහි විය. ඉතා දුර්ලභ අපි‍්‍රකාවේ අයිවරි නම් සුදු සිංහයාට දාව බෙන්ගාලි, සරස්වති නම් සුදු කොටි දේනුවක විසින් බිහි කරන ලද මෙම පැටවුන් සිව් දෙනාම පිරිමි සතුන් වෙති.
යෙටී, ඔඩ්ලින්, සැම්ප්සන් සහ ‘ඇපලෝ‘ නමින් නම් කර ඇති පැටවුන් සිව් දෙනා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව පැවසේ. එසේම පැටවුන් සිව් දෙන කොටින්ට ආවේනික පුරුදු ඇති අතර සිංහයන් මෙන් සමාජශීලී බව පැවසේ.
ලොව ලොකුම කෙටියා ලෙස ගිනස් වාර්තා තැබූ හර්කියුලිස් නැමැති සුදු කොටියා මේ ‘ලිගර්ස්’ පැටවුන්ගේ මාමා වෙයි. මේ පැටවුන් 4 දෙනාගෙන් යෙටී නැමැති පැටවා එම ගිනස් වාර්තාව නැවත පිහිටුවන බව සත්තු වත්තේ අධ්‍යක්ෂක බගවන් ඇන්ටල් මහතා විශ්වාස කරන බව පැවසේ.
ලෝකයේම සුදු සිංහයන් 300 ක් සහ සුදු කොටින් 1200 ක් පමණ වෙසෙති. එමෙන්ම 1000ක් පමණ ‘ලිගර්ස්’ (සිංහ-කොටි) සිටියත් ඒ එකෙකුවත් සුදු එවුන් නොවේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලිගර්ස් පැටවු හොද සනීපෙන්
ඉන්දික Monday, 06 January 2014 04:51 PM
මුල්ම පැටියා නම් ෆොටෝ ජෙනික්! (නදී)
ජැක් Monday, 06 January 2014 05:35 PM
මට මේ පැටවූ ටික බදාගෙන ඉඹ ගන්න ඇත්නම්. හරිම වාසනාවන්ත පෙනුමක් තියෙන්නේ. ඔබලාට දීර්ඝායුෂ ලැබේවා! (නදී)
සන්ජය Monday, 06 January 2014 07:31 PM
ලංකාවේ නම් සුදු සතුන්ට අපලයි. මතකනේ සුදු කැස්බැවා.(නදී)
සනත් Monday, 06 January 2014 08:13 PM
ජැක්, මේ පැටවූ කිවේ කොයි පැටව් ටිකද ? (නදී)
ප්‍රියන්ත Monday, 06 January 2014 08:19 PM
හරිම ලස්සනයි. නමුත් මෙයාල ලොකු උනහම ආරේ ගති නෑරේ. අහුඋනොත් සොරිම තමා. නමුත් මෙයාලව රැක ගත යුතුයි.(නදී)
රමණි Monday, 06 January 2014 08:37 PM
දුර්ලභ සිද්ධියක් .(දී)
අමිත් Monday, 06 January 2014 08:39 PM
බලන්නකෝ ඉන්න ලස්සන .(දී)
ජගත් Monday, 06 January 2014 09:08 PM
පැටවූ නම් ලස්සනයි ඒත් ලොකු උනාම තමයි රඟේ (දී)
මොහාන් Monday, 06 January 2014 09:17 PM
අයියෝ ලංකාවේ පලාතේ ගේන්න එපා. සුදු කැස්බෑවෙකුටත් ඉන්න නොදෙන රටේ මොන සිංහයෝද? (නදී)
සමන්ති Tuesday, 07 January 2014 04:34 AM
ප්රශ්නය පරිසරයට මුදාහැරීමයි . සතුන්ගේ සිතුම් පැතුම් ගැන දන්නේ කවුද ? ස්වභාවිකත්වයට එහා ගිය බන්ධනයක් නේ? (දී)
හචි Tuesday, 07 January 2014 05:28 AM
සුදු පැටව් 8ක් ඉන්නවා. හා පුලුවන්නම් හොයන්න.(නදී)
බුද්ධික Tuesday, 07 January 2014 06:54 AM
මට සිංහබාහු කතාව මතක් උනා (දී)
කාලිංග Tuesday, 07 January 2014 02:03 PM
ලස්සනයි කියන්නේ මාර ලස්සනයි (දී)
ජිවා Tuesday, 07 January 2014 02:52 PM
අනේ මට පැටව හතර දෙනාව ඉබින්න හිතෙනවා . හරිම හුරතල් (දී)
පියල් සමරකොනේ Tuesday, 07 January 2014 03:25 PM
කලකට පස්සේ ලස්සන ෆොටෝ එකක් දැක්කේ - මෙහෙ ඉන්නේ සත්තු මරණ නොමිනිස්සු (දී)
බමුණු Wednesday, 08 January 2014 04:34 AM
හතර දෙනාම ලස්සනයි මටත් ඉබින්න හිතෙනවා එත් මෙකොනේ ඉන්න එක්කෙනානම් ටිකක් උසයි වගේ. (දී)